විසි එක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද සිට බලාත්මක යි

පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් පසුගිය දා (21) සම්මත වූ විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන අද (ඔක්තෝබර් 31වැනිදා) සිය සහතිකය සටහන් කළේ ය.
ඒ අනුව අද සිට 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය අද සිට බලාත්මක වෙයි.
විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත 2022 අගෝස්තු 10 වන දින අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
අනතුරුව ඊට එරෙහිව පෙත්සම්වලට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ දී සංශෝධන කර අනුමැතිය ලබාගැනීම ගැනින.
පසුගිය ඔක්තෝබර් 20 සහ 21 යන දෙදින විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමේ විවාදය පැවැත්විණි.
දෙවනවර කියැවීම අවසානයේ පැවති ඡන්ද විමසීමේ දී ඊට පක්ෂව ඡන්ද 179ක් ලැබුණු අතර විපක්ෂව එක් ඡන්දයක් ලැබුණි. ඉන් අනතුරුව කාරක සභා අවස්ථාවේ දී සංශෝධන එක්වීමෙන් අනතුරුව පනත් කෙටුම්පත තෙවනවර කියවීම සඳහා පැවති ඡන්ද විමසීමේ දී ඊට පක්ෂව ඡන්ද 174ක් ද විපක්ෂව එක් ඡන්දයක් ද හිමිවිය.
ඒ අනුව විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙස අද (31) සිට බලාත්මක වේ.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක්වන්නේ 21 වැනි සංශෝධනය ලෙසය.
22 වැනි සංශෝධනය දෙවැනි වර කියවීම සම්මත වූයේ වැඩි ඡන්ද 178කිනි. එහිදී 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්ද 179 ලැබුණු අතර විපක්ෂව ලැබුණේ එක් ඡන්දයක් පමණි. රියර් අද්මිරාල් සරත් වීරසේකර සංශෝධනයට විපක්ෂව ඡන්දය භාවිත කරනු ලැබීය. මන්ත්‍රීවරුන් 44 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සභාවට පැමිණ සිටියේ නැත.
විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු 50කට අධික පිරිසක් අදහස් දැක්වූහ. 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේ දෙවැනි දිනය අවසානයේ ඡන්ද විමසීම පැවත්වනු ලැබිණ.
ආණ්ඩුව නියෝජනය කරන මැති ඇමතිවරුන් පිරිසක් විදෙස්ගතව ඇතැයි වාර්තා වී තිබූ පසුබිමක ඡන්ද විමසීම පැවැත්වීම පිළිබඳ අවිනිශ්චිත බවක් පැවතිණි.
කාරක සභා අවස්ථාවේදි 22 වැනි සංශෝධනය 21 වැනි සංශෝධනය ලෙස හැඳින්වීමට යෝජනා කෙරුණු අතර ඊට සභාව එකඟවිය.
ඉන් අනතුරුව කාරක සභා අවස්ථාවේ සංශෝධන වලින් පසු එය 3 වැනි වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වුණු අතර ඒ අනුව 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය, සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත විය.
එහිදී ඊට පක්ෂව ඡන්ද 174ක් ලැබිණි.
මේ අතර පොහොට්ටුව තුළ බෙදීමක් ඇතැයි මෙම ඡන්ද විමසීමෙන් පෙනී යන බව ජාතික ජනබලවේගය නායක අනුර කුමාර දිසානයක ඡන්ද විමසීමෙන් අනතුරුව පැවසීය.
'සහය දෙන්නේ ආණ්ඩුවට නෙමේ.රට බේර ගන්න'
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස අවධාරණය කළේ,අපේ රටට ආධාර ලබා ගැනීමේ එක් පුරුකක් වෙනවා 22 වැනි සංශෝධනය සම්මත කරගැනීම." යනුවෙනි.
කෙසේ වෙතත් කොන්දේසි සහිතව 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය සඳහා සහය ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මීට පෙර අවධාණය කළේය .එහෙත් සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල අවධාරණය කළේ මේවන විට ආණ්ඩුව තුළ අර්බුදයක් ඇති බවයි.
"අද ආණ්ඩුව තුළ විශාල අර්බුදයක් තියෙනවා. වැදගත් සංශෝධනයක් ගේනකොට අද කීදෙනා ද පාර්ලිමේන්තුවේ ඉන්නේ, ආණ්ඩුවට 150 නැහැ. නමුත් අපි සහයෝගය දෙනවා. ඒ සහය දෙන්නේ ආණ්ඩුවට නෙමේ.රට බේර ගන්න සහයෝගය දෙනවා." ඔහු කියා සිටියේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අවධාරණය කළේ, නව ව්‍යවස්ථාවක් සහ නව මැතිවරණ ක්‍රමයක් මෙරටට අවශ්‍ය බවයි.
ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය "ද්විත්ව පුරවැසියන් එපා." යනුවෙනි.
ව්‍යවස්ථාදායක සභාව
22 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ මූලික කාර්යයක් වන්නේ ව්‍යවස්ථාදායක සභාවක් පාර්ලිමේන්තුව තුල ස්ථාපිත කිරීමය.
අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ අවධාරණය කළේ, විධායක ජනාධිපතිවරයා සතු තනි බලය යම් අධීක්ෂණයකින් හා සුපරීක්ෂාකාරීව ක්‍රියාත්මක කිරීම සඳහා ව්‍යස්ථාදායක සභාවක් පාර්ලිමේන්තුව තුළ ස්ථාපිත කෙරෙන බවයි.
කතානායක, අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂනායකවරයා නිල බලයෙන් ව්‍යවස්ථාදායක සභාවට පත්වෙති.
ජනාධිපතිවරාය පත් කරන මන්ත්‍රීවරයෙක්, අග්‍රාමාත්‍යවරයා නියෝජනය කරන පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙක්, කුඩා දේශපාලන පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක්, විපක්ෂනායකවරයා නියෝජනය කරන පක්ෂයේ මන්ත්‍රීවරයෙක් සහ සිවිල් සමාජ නියෝජිතයින් 3 දෙනෙක් ව්‍යවස්ථාදායක සභාව සඳහා පත්වෙති.
අධිකරණ හා රාජ්‍ය සේවය ස්වාධීන කිරීම 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ තවත් මූලික අරමුණකි.
ඒ අනුව අගවිනිසුරු ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්, අභියාචනාධිකරණ සභාපති සහ විනිසුරුවරුන්, අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපති නිලබලයෙන් සහ විනිසුරුවරුන්, නීතිපතිවරයා, මහබැංකු අධිපතිවරයා, විගණකාධිපතිවරයා , පොලිස්පතිවරයා, පාර්ලිමේන්තු මහලේකම්වරයා, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ඔම්බුඩ්ස්මන් පත්කළ යුත්තේ ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියට යටත්වය.
මැතිවරණ කොමිෂන් සභාව,රාජ්‍යසේවා කොමිෂන් සභාව,ජාතික පොලිස් කොමිෂන් සභාව,මානව හිමිකම් කොමිෂන් සභාව,අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, මුදල් කොමිෂන් සභාව, සීමා නිර්ණය කොමිෂන් සභාව සඳහා සාමාජිකයින් පත්කිරීම ද ව්‍යවස්ථා දායක සභාවේ අනුමැතියට යටත්ව පත්කළ යුතුව ඇත.
ප්‍රසම්පාදන කොමිෂන් සභාවක් හා විගණන කොමිෂන් සභාවක් නැවත පිහිටුවීමට ද 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් යෝජනා කර ඇත.
කොන්දේසි 3ක් මත සමගි ජනබලවේගයේ සහය
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කොන්දේසි 3 ක් මත සහය ලබාදීමට සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.
එම කොන්දේසි වන්නේ,
•ව්‍යවස්ථාදායක සභාවට සිවිල් සමාජයේ සාමාජිකයින් පත්කිරීමේදී අගමැති සහ විපක්ෂ නායකවරයාගේ එකඟතාවයෙන් තෝරා ගැනීම.
•ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු වීමේ තහංචිය එලෙසම පැවතීම
• පාර්ලිමේන්තුව වසර දෙක හමාරකින් විසිරවීමට ජනාධිපතිවරයා සතු බලය එලෙසම තබා ගැනීම
"ද්විත්ව පුරවැසිභාවය තහංචිය අංශු මාත්‍රයක වෙනසක් වෙන්න බැහැ. එකත් එක්ක සෙල්ලං දාන්න ආවොත් අපි විරුද්ධ වෙනවා." විපක්ෂනායකරයා අවධාරණය කළේය.
"ලෝකයම බලා ඉන්නවා මේ 22 වැනි සංශෝධනය දිහා." විපක්ෂනායකවරයා පැවසීය.
ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ, "ආණ්ඩුව තුළ මේ සම්බන්ධයෙන් පරස්පරයන් තියෙනවා නම් අපිට අමාරුයි මේකට සහයෝගය දෙන්න."
"කමිටි ස්ටේජ් එකේ එක එක ජල්තර දාන්න එන්න එපා. පොහොට්ටුව ඇතුලේ තියෙන අර්බුද අපිට අදාළ නැහැ." විපක්ෂනායකවරයා පැවසීය.
22 වැනි සංශෝධනයේ මූලික අරමුණු :
•විධායක ජනාධිපතිවරයා සතු තනි බලය යම් අධීක්ෂණයකින් හා සුපරීක්ෂාකාරීව ක්‍රියාත්මක කිරීම සඳහා ව්‍යස්ථාදායක සභාවක් පාර්ලිමේන්තුව තුළ ස්ථාපිත කිරීම.
•විධායක ජනාධිපතිවරයා සතු යම් බලතල ප්‍රමාණයක් කතානාකවරයා අතුලු පාර්ලිමේන්තුව වෙත ලබා ගැනීම.
•අධිකරණය හා රාජ්‍ය සේවය ස්වාධීන කිරීම
•ව්‍යවස්ථාදායක සභාවට දේශපාලන පක්ෂ නියෝජිතයින් පත් කිරීමේ බලය කතානායක අධීක්ෂණයට යටතට පත් කිරීම.
•මහ බැංකුවේ අධිපතිවරයා පත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ලබා ගත යුතුයි.
•ජනාධිපතිවරයා අනිවාර්යෙන් ආරක්ෂක අමාත්‍යංශය දැරිය යුතුය.
•යම් පනත් කෙටුම්පතක නීත්‍යානුකූලභාවය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රශ්න කිරීමට ජනතාවට අවස්ථාව ඇති අතර ඒ සඳහා ලබා දෙන කාලය දින 14 දක්වා වැඩි කිරීමට යෝජනා කර ඇත.
•දුෂණයට එරෙහිව පනවන නීති දැඩි කෙරේ. - දුෂණ විරෝධී නීති සම්මත කර ගැනීමට පියවර.
•අමාත්‍යංශයක අමාත්‍යවරයෙකු ධුර දැරීම නතරවුවහොත්, අලුත් ලේකම්වරයෙකු පත් කරන තෙක් සිටින ලේකම්වරයා අමාත්‍යංශයේ වගකීම් දැරිය යුතුය.
•අණ පනත් කාරක සභා අවස්ථාවේදී සංශෝධන ගෙන එන්නේ නම්, හරයට බලපාන සංශෝධන කළ නොහැකිය.
•ජනාධිපති සමාව ලබා දීමේ ක්‍රමවේදය පිළිබඳ සමාලෝචනය.
•ලේකම්, පළාත් ආණ්ඩුකාරවරු පත් කිරීමේ නිර්ණායක සැකසීම.
•ස්වාධීන කොමිෂන් සභාවල ස්වාධීනත්වය.
22 වැනි සංශෝධනය ජාත්‍යන්තර ආධාර ලබා ගැනීමටද?
සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල අවධාරණය කළේ, "මේක ගෙනෙන්නේ ජාත්‍යන්තර ආධාර ලබා ගන්න. අපිට තියෙන ආදරයකට නෙමේ."
"අවුරුදු දෙකකට කලින් අපිට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට යන්න තිබුණා." ඔහු පෙන්වා දුන්නේය.
ආණ්ඩුවේ කාලය ඉවරයි, දාලා යන්න. ජනාධිපතිවරයා දාලා ගියා. අගමැතිවරයා දාලා ගියා, මුදල් ඇමති දාලා ගියා. රට බංකොලොත් කරපු අයට ජාත්‍යන්තර ආධාර හම්බ වෙන්නේ නැහැ. ඕනේ නම් බෙහෙත් ටිකක්,ආහාර පාන ටිකක් හම්බවෙයි."
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස අවධාරණය කළේ,අපේ රටට ආධාර ලබා ගැනීමේ එක් පුරුකක් වෙනවා 22 වැනි සංශෝධනය සම්මත කරගැනීම." යනුවෙනි.










