ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ගුණාත්මක බවින් අඩු තෙල් ආනයනය දීර්ඝ විදුලි කප්පාදුවට හේතූ වු බවට චෝදනාවක්
විදුලි බලාගාරයක් වසා දැමීමට හා විදුලි කප්පාදු කරන වේලාව වැඩි කිරීමට හේතුව නුසුදුසු බොරතෙල් ආනයනය කිරීම බවට ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.
මහජන උපයෝගිතා කොමිසමේ ප්‍රධානී ජනක රත්නායක පැවසුවේ ආනයනය කළ තෙල්වල සල්ෆර් සංයුතිය වැඩි ප්‍රමාණයක් තිබූ බවයි. එහෙයින් එය විදුලි උත්පාදනයට බලාගාරවලට භාවිත කළ නොහැකි බවයි.
එහෙත් බලශක්ති අමාත්‍යවරයා එම චෝදනාව ප්‍රතික්ෂේප කර තිබේ.
පසුගිය සතියේ ශ්‍රී ලංකාව විදුලි ජනන ධාරිතාව පහත වැටීම හේතුවෙන් දෛනික විදුලිය කප්පාදුව විනාඩි 80 (පැයකුත් විනාඩි 20ක) සිට විනාඩි 140 (පැය දෙකකුත් විනාඩි 30ක්) දක්වා වැඩි කළේය.
"දැනට පවතින දැවී තෙල්වල සල්ෆර් ප්‍රමාණය ඉතා ඉහළ මට්ටමක පවතිනවා. ඒවා බලාගාරවලට ගැලපෙන්නේ නැහැ වගේම, පාරිසරික ප්‍රමිතීන්ටත් අනුකූල නැහැ," මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති, ජනක රත්නායක බීබීසීයට පැවසීය.
"පිරිපහදුවට හොඳ තත්ත්වයේ තෙල් මිලදී ගත්තා නම් මේ ගැටළුව ඇති වෙන්නේ නැහැ."
ජනක රත්නායක පැවසුවේ රටේ විදුලියෙන් 10% ක් පමණ ඩීසල් සහ දැවි තෙල් බලාගාරවලින් ලැබෙන බවයි. ඉතිරි විදුලිය ජල විදුලි බලාගාර, පුනර්ජනනීය සහ ගල් අඟුරු බලාගාර වලින් නිපදවනු ලැබේ.
එහෙත් විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර බොරතෙල් ආනයන ප්‍රතිපත්තියේ වරදක් නොමැති බවට පවසයි.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ රත්නායකගේ චෝදනාවට ලංකා ඛනිජ තෙල් සංස්ථාව නීත්‍යානුකූලව ප්‍රතිචාර දක්වන බවයි.
අමාත්‍ය විජේසේකර පවසන පරිදි විදුලි කප්පාදුව දීර්ඝ කර ඇත්තේ, ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ බිඳවැටීමක් සහ ඩීසල් සහ දැවී තෙල් ගෙන ඒමට මුදල් ප්‍රමාණවත් නොවීම හා ජල විදුලිය කළමනාකරණය පිළිබඳව ඇති වූ ගැටලු හේතුවෙනි.
1948 දී බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාව දරුණුතම මූල්‍ය අර්බුදයට මේ වන විට මුහුණ දී සිටියී. ඉන්ධන සහ ආහාර ආනයනය කිරීමට ප්‍රමාණවත් විදේශ විනිමය සොයා ගැනීම මේ වන විට ගැටළුවක් ව තිබේ.
මෙම හිඟය නිසා මාස ගණනාවක් ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ සහ ඉන්ධන පිරවුම්හල්වල දිගු පෝලිම් ඇති විය.
ජුලි මාසයේදී, ජනතා නොසන්සුන්තාව වැඩි වී දහස් ගණනක් විරෝධතාකරුවන් ජනපති නිල නිවසට කඩා වැදීම හේතුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට රටින් පලා ගිය ඔහුට පසුව ඉල්ලා අස්වීමට ද සිදු විය.
ඉන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු වූ රනිල් වික්‍රමසිංහ තෝරා පත් කරගත්‍තේය.
එතැන් සිට QR කේත පද්ධතියක් භාවිතා කරමින් ඉන්ධන සඳහා සලාක ක්‍රමයක් රජය හඳුන්වා දී ඇති අතර එමඟින් ඉන්ධන පිරවුම්හල්වල පෝලිම් අඩු විය.
ඩොලර් බිලියන 2.9 ක හදිසි ණයක් සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මූලික එකඟතාවයකට පැමිණ ඇති අතර, මෙම ගනුදෙනුව මේ වසර අවසන් වන විට IMF විධායක මණ්ඩලය විසින් අනුමත කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ණය හිමියන් සමඟ ගිවිසුමකට එළැඹීම ද එහි කොන්දේසිවලට ඇතුළත් වන අතර, ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 50 ක පමණ විදේශ ණය තිබේ.