ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
විදුලි බිල : ''අපේ ගෙදර වැඩි කළාට කමක් නෑ. පන්සලේ වැඩි කරන්න එපා.''
ආගමික සිද්ධස්ථාන සඳහා මෙතෙක් ලබා දී තිබූ සහනය අහෝසි කරමින් විදුලි බිල වැඩි කිරීමට රජය ගෙන ඇති තීරණයට සර්ව ආගමික නායකයින් විරෝධය පළ කරන අතර භික්ෂුන් වහන්සේ ඒ සඳහා පෙරමුණ ගෙන සිටිති.
මේ පිළිබඳව සමාජයේ ද දැඩි කතාබහක් ඇතිව තිබේ.
ආගමික සිද්ධස්ථාන සඳහා විදුලි බිල වැඩි කිරීමට ඇතැමුන් විරෝධය පළ කළ ද ඒවායේ සිදුවන නාස්තිය අවම කර විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීමට ආගමික නායකයින් ද ක්‍රියා කළ යුතු බව ඇතැම්හු පවසති.
මේ පිළිබඳව බොහෝ දෙනෙකු බීබීසීයට විවිධ අදහස් දැක්වුහ.