රතුපස්වල වෙඩි තැබීම: ''වෙඩි වැදුණු අපිට සාධාරණයක් ඉටු වුණේ නැහැ''
2013 වසරේ අගෝස්තු 01 වන දින ගම්පහ වැලිවේරියේ රතුපස්වල කේන්ද්‍ර කරගෙන හේලීස් ව්‍යාපාර සමූහයට අයත් කම්හලකින් පිටවන අපද්‍රව්‍ය මඟින් පානීය ජලය විස වී ඇති බව පවසමින් එයට එරෙහිව පිරිසිදු ජලය ඉල්ලා පැවති විරෝධතාවක් අතරතුර සිදුවූ හමුදා වෙඩි තැබීමෙන් විපතට පත්වූවන්ට සාධාරණ වන්දි මුදලක් ලැබී නැතැයි ජනතාව පවසති.
මෙම වෙඩි තැබීමට හමුදාවේ තිදෙනෙකු චෝදනා ලබා ඇති අතර නඩු විභාගය තවමත් පැවැත්වේ.
නිරායුධ, විරෝධතාකරුවන්ට වෙඩි තැබූ හමුදා නිලධාරීන් සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම දුන් නිර්දේශ ක්‍රියාත්මක කළේ නම් හමුදාවේ සාමාජිකයන් වගකීමෙන් වැඩ කරන බව ඔවුහු අවධාරණය කළහ.
මෙම වෙඩි තැබීම සිදුවී මේ වන විට වසර නවයක් සම්පුර්ණවී තිබේ. එම වෙඩි තැබීමෙන් පාසල් සිසුන් දෙදෙනෙකු සහ තවත් පුද්ගලයෙකු මියගිය අතර පනහකට වැඩි පිරිසක් තුවාල ලැබුහ.



