පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල:''මේ අවුරුද්ද පටන්ගත්ත වෙලේ ඉඳන් දැඩි කලකිරීමෙන් හිටියේ ලංකාවේ වැඩ වෙන පිලිවල ගැන''-යුපුන් අබේකෝන්

වීඩියෝ ශීර්ෂ වැකිය, ''මේ අවුරුද්ද පටන්ගත්ත වෙලේ ඉඳන් දැඩි කලකිරීමෙන් හිටියේ ලංකාවේ වැඩ වෙන පිලිවල ගැන.''

පොදු රාජ්‍ය මණ්ඩල මීටර් 100 පිරිමි ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගත් යුපුන් අබේකෝන් BBCය සමඟ සංවාදයකට එක්විය.

එහිදී ඔහු ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන ක්‍රීඩා පරිපාලනයන්ගේ සම්බන්ධයෙන් වන තම ඇතැම් කලකිරීම්,ඉදිරි අපේක්ෂාවන් සහ නව පරපුරට ලබාදිය හැකි මග පෙන්වීම ගැන ද අදහස් පළ කළේය.

විශේෂයෙන් කෙටි දුර ධාවන ශුරයෙකු ලෙස තප්පරයකටත් අඩු කාලයක් ජීවිතයට වැදගත්වෙන ආකාරය ගැන ඔහු විස්තර කරන ලදී.

අවසන් වරට මලල ක්‍රීඩා ඉසව්වකින් ශ්‍රී ලංකාවට පොදුරාජ්‍ය මණ්ඩලයීය පදක්කමක් හිමිකර දීමට 1998 වසරේදී සුගත් තිලකරත්න සමත්ව තිබුණු අතර මෙවර යුපුන් පදක්කමක් හිමිකරගැනීම ශ්‍රී ලංකා මලල ක්‍රීඩකයෙක් පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලකදී පදක්කමක් වසර 24කට පසුව දිනාදීම විශේෂත්වයකි.

එමෙන්ම වසර 92ක පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල ඉතිහාසයේ පදක්කමක් හිමිකරගත් සිව්වන ශ්‍රී ලාංකික මලල ක්‍රීඩකයා ලෙසත් යුපුන් වාර්තා අතරට එක්වෙයි.