ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
රනිල් වික්‍රමසිංහ:"අලුත් ජනාධිපති වරයෙක් පත් කරන තුරු ඒ වගකීම රට වෙනුවෙන් ඉෂ්ට කරනවා"
අද (ජුලි 15) අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරියේ වැඩබලන ජනාධිපතිධුරයේ දිවුරුම්දුන් රනිල් වික්‍රමසිංහ ඉන් සුළු මොහොතකට පසු ජනතාව ඇමතීය.
එහිදී ඔහු "අද මුහුණදෙන මේ අවස්ථාව ගැන මැදිහත්ව, ගැඹුරින් හිතන්න. දැන් මුළු රටටම නව ප්‍රවේශයකින් නව ගමනක් යෑමේ පසුබිම සැකසී තිබෙනවා. දූෂණයෙන් තොර සාමකාමී යහපත් සමාජයක් නිර්මාණය කිරීමේ අවකාශ වඩාත් පුළුල් ලෙස සැකසී තිබෙනවා. අපේ මව්බිම යළිත් ඉහළට ඔසවා තැබීමේ ඉඩකඩ පුළුල්වී තිබෙනවා. එයින් උපරිම ප්‍රයෝජනය ගැනීම අප සැමගේම යුතුකම හා වගකීම යි. ඉතින් අලුත් ක්‍රමයක් ආරම්භ කිරීමට අප හැමදෙනාම පූර්ණ ශක්තිය සහ පූර්ණ සහාය ලබා දෙමු. පුරවැසියන් ලෙස අපි හැමෝම මේ මල් වට්ටියට අවංකවම අත ගහමු" යැයි වැඩිදුරටත් කියා සිටියේය.