ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
රනිල් වික්‍රමසිංහ: වැඩබලන ජනාධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
අරගලයේ සිටින සමහර කණ්ඩායම් අගමැති කාර්යාලය, ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ නිවාස සහ පාර්ලිමේන්තුව වැටලීමට සැලසුම් කළ බවට බුද්ධි තොරතුරු ලැබී තිබුණ බව වැඩබලන ජනාධිපති සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.
අරගලකරුවන්ට අගමැති කාර්යාලයට යෑමට කිසිඳු හේතුවක් නොමැති බවත් ඔවුන්ට අවශ්‍ය වන්නේ නිත්‍යානුකුලව වැඩබලන ජනාධිපතිවරයා ලෙස තමන් කතානායකවරයා සමග එක්ව මේ රටේ අලුත් ජනාධිපතිවරයෙක් තෝරා ගන්න එක නවත්වා ඔවුන්ට අවශ්‍ය අයෙක් තෝරාගැනීමට බව ඔහු චෝදනා කළේය.
එබැවින් හදිසි නීතිය සහ ඇඳිරි නීතිය යොදවා තත්ත්වය පාලනය කිරීම ආරක්ෂක අංශවලට භාර දෙන බව රනිල් වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කරන ලදී.