ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
රනිල් වික්‍රමසිංහ:අරගලකරුවන් අගමැති කාර්යාලය අත්පත් කර ගත් ආකාරය ඔබ දුටුවාද?
වැඩබලන ජනපති, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ධුරයෙන් ඉවත්වන ලෙස බලකරමින් කොළඹ මල්පාරේ විරෝධතාවයේ නිරත පිරිස අග්‍රාමාත්‍ය කාර්යාල පරිශ්‍රයට ඇතුළු වූ අතර තවමත් එහි රැඳී සිටිති.
මේ අතර බත්තරමුල්ල පාර්ලිමේන්තු මාවතේ පිහිටි කතානායකවරයාගේ නිල නිවස සහ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව ඉදිරිපිට විරෝධතාවයන් පැවැත්වුණු අතර පිරිස් පළවා හැරීම සඳහා කිහිප විටක් පොලිසිය විරෝධතාකරුවන් වෙත කඳුළු ගෑස් හා අධිපීඩක ජල ප්‍රහාර එල්ල කළේය.
තවත් විශාල පිරිසක් විරෝධතාකරුවන් මීට පෙර අත්පත් කරගත් ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේත්, කොටුවේ ජනාධිපති මන්දිරයේ මෙන්ම අරලිය ගහ මන්දිරයේද තවදුරටත් රැදී සිටිති.