පොලිස් ඇඳිරිනීතිය පැනවීමට පොලිසියට හැකිද?

පොලිස් ඇඳිරිනීතිය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහයට ධුර වලින් ඉවත් වන්නැයි බලකරමින් ජූලි 09 වැනිදා කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක විරෝධතා පැවැත්වීමට නියමිතව තිබියදී පොලිස් මූලස්ථානය ජූලි 08 රාත්‍රී 9 සිට නැවත දැනුම් දෙන තුරු බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාස 7ක සියලුම පොලිස් බල ප්‍රදේශ ආවරණය වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබීය.

කෙසේවෙතත් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න විසින් ජුනි 8 වන දින රාත්‍රියේ බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාස 7ක සියලුම පොලිස් බල ප්‍රදේශ ආවරණය වන පරිදි පනවන ලද පොලිස් ඇඳිරි නීතිය ජුනි 9 වන දින උදෑසන 8ට ඉවත් කෙරෙනබව සඳහන් නිවේදනයක් මේවනවිට නිකුත් කර තිබේ.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 1

ඒ අනුව මීට පෙර ජුනි 8 ටදා රාත්‍රී 9ට බස්නාහිර පළාතේ පොලිස් ඇඳිරි නීතිය පනවන ලද පහත පොලිස් කොට්ඨාස 7 තුළ එය තවදුරටත් ක්‍රියාත්මක නොවන බව නව නිවේදනයේ සඳහන්ය.

  • මීගමුව කොට්ඨාසය
  • කැළණිය කොට්ඨාසය
  • නුගේගොඩ කොට්ඨාසය
  • ගල්කිස්ස කොට්ඨාසය
  • කොළඹ (උතුර) කොට්ඨාසය
  • කොළඹ (දකුණ) කොට්ඨාසය
  • කොළඹ (මධ්‍යම) කොට්ඨාසය

අදාළ පොලිස් කොට්ඨාසවලට අයත් සියලුම පොලිස් බල ප්‍රදේශ ආවරණය වන පරිදි පොලිස් ඇඳිරී නිතිය ක්‍රියාත්මක බව පොලිස් මූලස්ථානය නිවේදනය කළේය.

ඊට පෙර පොලිස් මුලස්ථානය විසින් නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් වුයේ මෙම කොට්ඨාශවල පොලිස් බල ප්‍රදේශයන්හි සිටින සියලුම තැනැත්තන් තමන්ගේ නිවාස වල රැඳී සිටිය යුතු අතර, පොලිස් ඇඳිරි නීතිය කඩ කිරීම මහජන සාමය පවත්වගෙන යාමට බාධා කිරීමක් ලෙස සලකා නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත්ය.

එහි වැඩිදුරටත් දක්වා තිබුණේ පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බල ප්‍රදේශ හරහා ගමන් කිරීම සම්පූර්ණයෙන් තහනම් කරනු ලබන බවයි. ඒ සඳහා වෙනත් විකල්ප මාර්ග භාවිත කරන ලෙසට ද දක්වා තිබුණි.

පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක බල ප්‍රදේශ හරහා ගමන් කරන කිසිදු දුම්රියක් නැවත දැනුම් දෙන තුරු ධාවනය නොවන බව, දුම්රිය දෙපාර්තමේන්තුව ජුනි 8 රාත්‍රියේ සඳහන් කළත් , ජුනි 9 උදෑසන 8 ට පොලිස් ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය කෙරෙන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය නිවේදනය කොට තිබේ.

පොලිස් ඇඳිරිනීතිය පැනවීමට පොලිසියට හැකිද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

පොලිස් ඇඳිරිනීතිය කියා දෙයක් නැහැ

නීතියේ පොලිස් ඇඳිරිනීතිය කියා දෙයක් නැතැයි ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් අවධාරණය කළේය.

ඔහු කියා සිටියේ ප්‍රවෘත්ති නිවේදනයකින් ඇඳිරිනීතිය පැනවිය නොහැකි බවයි.

මෙම ප්‍රකාශනයේ වලංගුතාවයකන් නැති බව ද ජනාධිපති නීතිඥවරයා අවධාරණය කළේය.

"මේක ආණ්ඩුව කරන්නේ හෙට දිනයේ ජනතාව අරගලයට එන එක වළක්වා ගන්නට, එකට තමයි මේ නීතිවිරෝධී ක්‍රියාව කරන්නේ. ඒ නිසා හැමෝම දැන ගන්න ඕනේ නීතියේ මේවගේ පොලිස් ඇඳිරි නීතිය කියලා නීතියේ මොනවත් නැහැ." එම්.ඒ සුමන්තිරන් අවධාරණය කළේය.

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 2

මේ අතර දැනට ප්‍රකාශ කර ඇති ආකාරයේ ඇඳිරි නීතියක් පැනවීමට පොලිස් ආඥාපනතේ ප්‍රතිපාදනයක් නැතැයි, ශ්‍රී ලංකා නීතිඥ සංගමය ද නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කළේය.

නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර පළාතේ කොටසකට පොලිස් ඇඳිරි නීතිය පැනවීමට පොලිස්පතිවරයා ගත් පියවරට තම දැඩි විරෝධය පළ කරන බවයි.

මේ අතර නිතීඥ භවානි ෆොන්සේකා පවසන්නේ "ඇඳිරි නීතිය පැනවීමට පොලිසියට ව්‍යවස්ථාපිතව බලය පැවරෙන කිසිදු ප්‍රකාශිත නීතිමය ප්‍රතිපාදනයක් නොමැත" යනුවෙනි.

Skip X post, 3
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 3

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් නිකුත් කරන ලද නිවේදනයකින් පෙන්වා දෙන්නේ පොලිස්පතිවරයා විසින් එලෙස ඇඳිරි නිතිය පැනවීමට ගත් පියවර නිත්‍යානුකූල නොවන බවයි.

පුරවැසියන්ගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝණය කෙරෙන මෙම නියෝග හැකි ඉක්මනින් ඉවත් කරගන්නා ලෙස කරගන්නා ලෙස එහි වැඩි දුරටත් සඳහන් කොට තිබේ.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙන් නිවේදනයක්

ඇඳීරි නිතිය නියෝගය වහාම ඉල්ලා අස්කර ගන්න

ජනතාවගේ මූලික අයිතීන් සුරක්ෂිත කිරීමට අපොහොසත් වූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට සහ ඔහුගේ ආණ්ඩුවට එරෙහිව ජනතාව විරෝධතා දක්වමින් සිටියදී මෙලෙස ඇඳිරි නීතිය පැනවීම නීති විරෝධී සහ රටේ ජනතාවගේ මූලික අයිතීන් උල්ලංඝනය කිරීමක් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයද අවධාරණය කරයි.

ශ්‍රී ලංකා ලංකා නීතිඥ සංගමය පොලිස්පතිවරයාගෙන් විමසා සිටින්නේ මෙලෙස ඇඳිරි නීතියක් ප්‍රකාශයට පත් කිරීමට ඔහුට ඇති අධිකාරී බලය කුමක් ද යන්න පිළිබඳවයි.

එබැවින් මෙම නීති විරෝධී නියෝගය වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය

මෙම ඇඳිරි නීති නියෝගය ඉල්ලා අස්කර ගැනීමට අපොහොසත් වුවහොත් ඉන් රටට බරපතළ ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි නීතිඥ සංගමය අවධාරණය කළේය.

එම සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සුරක්ෂිත කිරීම සඳහා සාමකාමී ලෙස හැකි සෑම ක්‍රියා ක්‍රියා මාර්ගයක්ම ගන්නා ලෙසයි.

නීතිවිශාරදයින් පෙන්වාදෙන්නේ පොලිස් ආඥා පනතට අනුව එසේ ඇදිරි නීතිය පොලිසියට පැනවීමට බලතල නොමැති බවත් කොරෝනා උවදුර සමයේ පොලිස් අදිරින්තිය පිළිබඳව මතුවූ නිත්‍යානුකුල තත්ත්වය හමුවේ එය පසුව කොරෝනා ඇදිරිනීතිය ලෙස නම්කළත් එයද නීතිය හමුවේ අභියෝගයට ලක්විය. පසුව රටේ පවතින තත්ත්වය හමුවේ එය අහියෝගයට ලක්කළ පුද්ගලයින් එය ඉල්ලා අස්කර හැනිනි.

මේ අතර පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න විසින් අද රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ප්‍රකාශයට පත් කොට ඇති පොලිස් ඇඳිරිනීතිය වැන්නක් දැමීමට නීත්‍යානුකූලව පොලිස්පතිට කිසිඳු බලයක් නැතැයි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අවධාරණය කරයි.

එබැවින් හෙට දින අරගලයට සහභාගීවීමට සිටින සියලුම මහජනතාව කිසිඳු බියකින් තොරව අනිවාර්යෙන්ම අරගලයට සහභාගීවන ලෙසත් යම් හෙයකින් කරදරයක් සිදුවුවහොත් තම නීතීඥ පාර්ශවය අනිවාර්යෙන්ම ඒ වෙනුවෙන් පෙනීසිටින බව සියලු දෙනාටම දන්වා සිටින්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් පොලිස් ඇඳිරිනීතිය පැනවීමට පොලිසියට හැකිද?මාර්ෂල් සරත් ෆොන්සේකා නිවේදනය කළේය.

ආණ්ඩුවේ තවත් බියගුළු ක්‍රියාවක්

රට පත්ව ඇති තත්ත්වය පිළිබඳ අංශුමාත්‍රයක හැඟීමක් හෝ දැනීමක් නොමැතිව සිහිමුර්ජා වී සිටින ආණ්ඩුව හිටි ගමන් බස්නාහිර පළාත තුළ පොලිස් ඇඳිරි නීතිය පනවා ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිවේදනය කළේය.

Skip X post, 4
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 4

මේ බියගුළු නින්දා සහගත ක්‍රියාව වර්තමානය රට මුහුණ දී ඇති තත්ත්වය පිළිබඳව යම් පමණක හෝ දැනුමක් ඇති කිසිවකුට ගත හැකි තීරණයක් නොවන බව ඔහු අවධාරණය කරයි.

මේ වන විට රටේ ජීවත්වන ජනතාවගෙන් වැඩි කොටසක් සිටින්නේ පෝලිම්වලය.ඇතමුන් දින දෙක තුන පෝලිම් වල සිටි.

විශේෂයෙන්ම බස්නාහිර පළාත් ආශිතව ඒ තත්ත්වය අතිශයින් උග්‍ර ය.

එලෙස පෝලිම් වල සිටින ජනතාව අතරමං කොට මේ බියගුළු ඇඳිරි නීතිය පනවා ඇතැයි විපක්ෂනායකවරයා සඳහන් කළේය.

මෙබඳු ප්‍රජානත්ත්‍රවාදී අරගලවලට එරෙහිව අධිකරණයෙන් තහනම් නියෝග ඉල්ලීමට පොලිසිය මීට පෙර කටයුතු කළ ද අධිකරණය ජනතා අයිතිවාසිකම් පිළිගනිමින් සාමකාමී උද්ඝෝෂණයන්ට අවසර ලබාදී ඇති අතර මෙවැනි පොලිස් ඇඳිරි නීති වලට මුලාවී ජනතා අරගල මැඩ පැවැත්වීමට කටයුතු කරන්නේ නම් එය පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ විසින් කරනු ලබන බරපතළ වරදක් වුණු ඇතැයි විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ කළ යුත්තේ මෙවැනි ඇඳිරි නීතිය පැනවීම් නොව ජනතාවගේ පැත්තේ හිට ගනිමින් ඔවුන්ට ආරක්ෂාව සලසා දීම බව විපක්ෂ නායකවරයා අවධාරණය කරයි.

දුරකථන සැපයුම් සේවා සීමා කර නැහැ

කොළඹ නගරයේ දුරකථන සැපයුම් සේවා කටහඩ සන්නිවේදනයට පමණක් සීමා කරන්නැයි දන්වා යැවූ බව කියන ලිපියේ කිසිදු සත්‍යතාවක් නැතැයි විදුලි සංදේශ නියාමන කොමිසම පැවසීය.

මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ලිපිය බැහැර කරමින් විදුලි සංදේශ නියාමන කොමිසම මේ බව සඳහන් කළේය.