ඉහළ යන මගී ධාරීතාව දැරීමට ශ්‍රී ලංකා දුම්රිය සේවයට හැකිද?
ඉන්ධන අර්බුදය හේතූවෙන් බොහෝ පොදු සහ පෞද්ගලික ප්‍රවාහන සේවා අකර්මන්‍යය වෙමින් පවතින හෙයින් සහ බස් ගාස්තු ඉහළ යාම හමුවේ අතිවිශාල මගීන් පිරිසක් මේ වන විට තම ප්‍රවාහන මාධ්‍යය වශයෙන් දුම්රිය තෝරාගෙන තිබේ.
මේ හේතුවෙන් කාර්යාල දුම්රිය වල මගී තදබදය කිහිප ගුණයකින් ඉහළ ගොස් ඇති බව දුම්රිය වෘත්තිය සමිති පෙන්වා දෙති.
ඉහළ යන මගීන් සංඛ්‍යාවට අනුව දුම්රිය සංඛ්‍යාව වැඩි කිරීමට හෝ පහසුකම් සැපයීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට හැකිද?

යටත් විජිත සමයේ ආරම්භ කළ දුම්රිය සේවය කලාපයේ වෙනත් රටවල මෙන් උසස් තත්ත්වයකට සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකාව අපොහොසත් වී ඇති බව මගීන් පෙන්වා දෙන කරුණකි.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 1
භාවිතයෙන් ඉවත්කරන ලද දුම්රිය මැදිරි අලුත් වැඩියාව සහ ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මැදිරි සහ බලවේග කට්ටල කිහිපයක් ගෙන්වනු ලැබූවද මගී අවශ්‍යතාවයට සරිලන තරම් පහසුකම් සංවර්ධනය කිරීමට රජය අපොහොසත්ව තිබේ.
කොළඹ පවතින අධික රථවාහන තදබදයට පිළියම් ලෙස ජපානයේ ණය ආධාර මත ආරම්භ කිරීමට ගිය සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ද අවලංගු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් වත්මන් ආණ්ඩුව 2020 වර්ෂයේ දී පියවර ගත්තේය.
විශ්ලේෂකයින් පවසන්නේ එම මාර්ගය ඉදි කිරීමට හැකි වූයේ නම් මෙරට මගී තදබදයට මෙන්ම අද ජනතාව මුහුණ දී සිටින ප්‍රවාහන අපහසුතාවයන්ට විශාල පිළියම් පමණක් නොව ප්‍රවාහන ක්ෂේත්‍රයේ සංවර්ධනයට සැලකිය යුතු දායකත්වයක් අත්වීමට ඉඩ තිබූ බවයි.
සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය
සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය යනු මෙගාපොලිස් හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය (ජයිකා) හි මූල්‍ය ආධාර ඇතිව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ ව්‍යාපෘතියකි.
ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක වටිනාකමකින් යුත් ඇස්තමේන්තුගත ව්‍යාපෘතිය 2017 දී ආරම්භ කරන ලද අතර එය ශ්‍රී ලංකාවේ විශාලතම තනි විදේශ අරමුදල් යටිතල පහසුකම් ව්‍යාපෘතිය ලෙස සැලකේ.
එය 0.1% ක පොලී අනුපාතයක් සහිතව වසර 12 ක සහන කාලයක් සමග වසර 40 කින් ආපසු ගෙවිය හැකි පරිදි ජපන් ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයෙන් අරමුදල් සැපයීමට එකඟ විය.
ව්‍යාපෘතියේ මුළු දිග දළ වශයෙන් කිලෝමීටර 16 ක් වන අතර එය දුම්රිය ස්ථාන 16 කින් සමන්විත වේ.
මෙය මාලබේ චන්ද්‍රිකා කුමාරතුංග මාවත සිට ආරම්භ වී කොළඹ කොටුව බහුමාධ්‍ය ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා කොළඹ කොටුව දක්වා විහිදෙන ලෙස සංවර්ධන කිරීමට නියමිත තිබිණ.

ඡායාරූප මූලාශ්‍රය, NurPhoto
ව්‍යාපෘතියේ සාමාන්‍ය පිරිවිතර
- උපරිම වේගය - පැයට කි.මී. 80
- දුම්රියක ධාරිතාව - පුද්ගලයන් 800 ක් පමණ
- මාලබේ සහ කොළඹ කොටුව අතර ගමන් කාලය දැනට පවතින විනාඩි 45-90 සිට විනාඩි 30 දක්වා අඩු කිරීමට අපේක්ෂා කෙරිණි .
අසල්වැසි ඉන්දියාව සහ බංග්ලාදේශය මේ වන විට සාර්ථකව මෙවැනි සැහැල්ලු දුම්රිය ව්‍යාපෘති ක්‍රියාත්මක කර තිබේ.
යහපාලන ආණ්ඩුව ජපාන සහන ණය යටතේ ක්‍රියාත්මක කිරීමට ගිය සැහැල්ලු දුම්රිය ව්‍යපෘතිය අත්හිටුවීමට වත්මන් රජය තීරණය කළත් රුපියල් මිලියන 5,896ක මුදලක් ගෙවීමට සිදු වී ඇතැයි රජයේ විගණකාධිපතිවරයා මීට පෙර අනාවරණය කර තිබිණි.
විගණකාධිපතිවරයා අනාවරණය කර ඇත්තේ, රුපියල් මිලියන 5,896 ක මුදල සැහැල්ලු දුම්රිය ව්‍යපෘතියේ උපදේශන සේවා සඳහා ගෙවීමට සිදු ව ඇති බවයි.
මෙරටට භාර නොගත් චීන පොහොර නැවකට ඩොලර් මිලියන 6.9ක මුදලක් වත්මන් ආණ්ඩුව විසින් ගෙවනු ලැබු ආකාරයට ම ඉදිනොකළ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියක් වෙනුවෙන් ද මිලියන ගණනක මහජන මුදල් උපදේශන සේවා වෙනුවෙන් ගෙවීමට සිදුව තිබේ.
එවන් පසුබිමක මෙරට ජනතාවට සිදුව ඇත්තේ රැකියාව කිරීමටත් වඩා පරිශ්‍රමයක් දරා, දුක් විදිමින් දුම්රියවල එල්ලීගෙන තම සේවා ස්ථානවලට හෝ නිවෙස් වෙත යෑමට බවට විස්ලෙෂකයින් පවසයි.
පවතින ඉන්ධන අර්බුදය හමුවේ මගී ජනතාවට දෛනික උග්‍ර අපහසුතාවයකට විදීමට සිදුව ති බවට ඔවුන් පවසයි.
දුම්රිය ධාවනයත් වරින් වර අඩාල වෙයි
ඉන්ධන අර්බුදය හේතුවෙන් දුම්රිය සේවකයින්ට සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් අද මෙම ලිපිය පළ කරන මොහොත වන විට දුම්රිය ගමන් වාර 05 ක් අවලංගු කර තිබුණි.
ඊයේ උදෑසන ධාවනය කිරීමට නියමිතව තිබූ කාර්යාලීය දුම්රිය 50 න් ධාවනය කිරීමට හැක්වුයේ දුම්රිය 26 ක් පමණක් බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනෙවිරත්න සඳහන් කළේය.
වෙන් කළ ආසන සහිත දුරගමන් සේවා දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය කිරීමට සැලසුම් කර ඇතැයි ඔහු පැවසී ය.
මීට අමතරව කෙටි දුර ධාවනය වන දුම්රිය ධාවනයට බාධා මතුව තිබේ.
දුම්රිය නියාමකවරුන් රැසක් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනය සීමා කිරීමට සිදුව ඇති බව ගාමිණි සෙනෙවිරත්න ප්‍රකාශ කළේ ය.
දුම්රිය ධාවනාගාරවල සේවකයින් පසුගිය අඟහරුවාදා (ජුලි 5) වැඩවර්ජනයක නිරත වූයේ සේවයට වාර්තා කිරීම සඳහා සිය පෞද්ගලික වාහනවලට ඉන්ධන ලබාදිමේදි ඇතිවූ ගැටලුවක් මුල් කර ගනිමිනි.
ඉන්ධන හිඟය හේතුවෙන් සේවකයින්ට සේවයට වාර්තා කිරීමේදී ගැටලු රැසක් මතුව ඇති බව දුම්රිය වෘත්තිය සමිති පවසයි.
දුම්රිය සේවය ශ්‍රී ලංකාවේ අත්‍යාවශ්‍යම ප්‍රවාහන මාධ්‍යයකි. මගීන් විශාල සංඛ්‍යාවක් එකවර රැගෙන යාමට හැකිවීමත්, අඩු පිරිවැයකින් ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගැනීමට හැකි වීමත් මෙහි ඇති විශේෂත්වයයි.
ඉන්ධන මිල ඉහළ දැමීම හමුවේ බස් ගාස්තුව විශාල වශයෙන් ඉහළ ගොස් ඇතත් දුම්රිය ගාස්තුව තවමත් ඊට සාපේක්ෂව පහළ මට්ටමක පවතී. එමෙන්ම ඉන්ධන මිල ඉහල යෑම හේතුවෙන් පෞද්ගලික වාහන භාවිතය අඩුවීමත් හේතුවෙන් මේවන විට දුම්රියේ ගමන් ගන්නා මගීන් සංඛ්‍යාව තුන්ගුණයකින් හෝ හතර ගුණයකින් ඉහළ ගොස් ඇති බවට දුම්රිය වෘත්තීය සමිති පැවසීය.
සේවකයින් වාර්තා නොකිරීම හමුවේ දුම්රිය ගමන්වාර සංඛ්‍යාව අඩුවීම නිසා දුම්රියවල මගී තදබදය ඉහළ ගොස් තිබේ.
මේ හේතුවෙන් ඇතැම් දුම්රිය මගීන් දුම්රිය එන්ජින්වලද නැඟ ගමන් ගන්නා අයුරු දැක්වෙන ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ දිගින් දිගටම දැකගත හැකිය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 2
ඉන්ධන අර්බුදය මුල්කර ගනිමින් මීට පෙර දුම්රිය සේවකයින් පසුගිය සතියේද හදිසි වැඩ වර්ජනයක් ආරම්භ කළ අතර මේ හේතුවෙන් මගීන් දැඩි අපහසුතාවට පත්විය.
එහිදී ඉන්ධන ලබා දෙන බවට දුම්රිය බලධාරින් ලබා දුන් පොරොන්දුවක් අනුව වර්ජනය අතහැර දුම්රිය සේවකයින් සේවය වාර්තා කර තිබුණි.
ප්‍රවාහන අමාත්‍යංශ නිලධාරීන් සමඟ අවසන් වරට නැවත පැවති සාකච්ඡාවෙන් පසුව දුම්රිය සේවකයින්ට ඉන්ධන ලබා දීමට ඔවුන් කඩිනම් ක්‍රමවේදයක් සකස් කරන බවට නැවත පොරොන්දු වී තිබේ.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 3
ශ්‍රී ලංකා දුම්රිය සේවය
ශ්‍රී ලංකා දුම්රිය සේවය යනු ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන රජයේ දෙපාර්තමේන්තුවකි.
එය ප්‍රධාන ප්‍රවාහන පහසුකම් සපයන්නෙකු වන අතර රටේ පවතින එකම දුම්රිය ප්‍රවාහන සංවිධානය වේ. ශ්‍රී ලංකා දුම්රිය සේවය මගීන් ප්‍රවාහනය හා බඩු ප්‍රවාහනය යන සේවාවන් දෙකම ඉටු කරයි.
දුම්රිය සේවය ආරම්භයේදී මගී ප්‍රවාහනයට වඩා භාණ්ඩ ප්‍රවාහනය සිදු කළේය.
නමුත් අද එය මගී ප්‍රවාහනයට වැඩි නැඹුරුවක් සහිතව ක්‍රියාත්මක වේ.
ප්‍රවාහන අමාත්‍යංශයේ දත්තවලට අනුව මගී ප්‍රවාහනය සඳහා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතු වෙළඳපොළ කොටස 6.0% ක් පමණ වන අතර භාණ්ඩ ප්‍රවාහනය සඳහා වෙළෙඳපොල කොටස 6.7% ක් පමණ වේ.
එදිනෙදා මගීන් ඔවුන්ගේ සේවා ස්ථාන කරා ප්‍රවාහනය කරමින් ශ්‍රී ලංකා දුම්රිය සේවය සපයන සේවය ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය වූවකි.
ශ්‍රී ලංකා දුම්රිය සේවය ආසන්න වශයෙන් සතියේ සාමාන්‍ය වැඩකරන දිනකට අදාලව දුම්රිය 396 ක් ධාවනය කරවයි.
ඒ අතරට දුර ගමන් දුම්රිය 67 ක් සහ නගරාන්තර දුම්රිය 16 අයත් වන අතර දිනපතා මගීන් මිලියන 3.72 පමණ ප්‍රවාහනය කරයි.
ශ්‍රී ලංකා දුම්රිය සේවය සතු එමඟින් නඩත්තු කෙරෙන දුම්රිය මාර්ග කිලෝ මීටර් 1561 ක් ද දුම්රිය එන්ජින් 72 ක් ද, මැදිරි 565 අධි වේගී කට්ටල 78 ක් හා සංඥා ජාලයද වේ. දැනට දුම්රිය දෙපාර්තමේන්තුව සතු සේවක සංඛ්‍යාව 17,634 කි.
ශ්‍රී ලංකා දුම්රිය සේවය, දුම්රිය සාමාන්‍යාධිකාරී (GMR) යටතේ ක්‍රියාත්මක වේ.
දුම්රිය සාමාන්‍යාධිකාරී, ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත වාර්තා කරයි.









