ආර්ථික අර්බුදය ; ''රුපියල් 100ටවත් දුවන්න වෙනවා පළවෙනි කිලෝමිටරය.''
Published
රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ඉන්ධන මිල ඉහළ යෑමත් සමග කුලී ගමන් ගාස්තු වැඩි කිරීමට සිදුවන බව ත්‍රීරෝද රථ රියදුරන් පවසනවා.
ඇතැමුන් සඳහන් කළේ මේ වන විට පළමු කිලෝමීටරයට අය කරන රුපියල් 70 ගාස්තුව 100 දක්වා වැඩි කිරීමට සිදුවන බවයි.
එසේ නොමැති නම් ගාස්තු වැඩි නොකර මගියා ද රැකගෙන කර්මාන්තය පවත්වාගෙන යෑම සඳහා ඉන්ධන සහනාධාරයක් ලබා දෙන ලෙසයි ත්‍රීරෝද රථ රියදුරන් රජයෙන් ඉල්ලා සිටින්නේ.
එහෙත් රටේ පවතින තත්ත්වය මත මේ අවස්ථාවේදී සහන ලබා දිය නොහැකි බව ප්‍රවාහන අමාත්‍යවරයා පැවසුවා.

