"ඉවසන්න!" - රනිල් ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
රටේ ආර්ථික අර්බුදය "යහපත්වීමට පෙර නරක අතට හැරෙන" බව ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ඊයේ (මැයි 12) දිවුරුම්දුන් රනිල් වික්‍රමසිංහ BBCයට පැවසීය.
වැඩ භාර ගැනීමෙන් පසු BBCය සමග සිදුකළ ඔහුගේ පළමු සම්මුඛ සාකච්ඡාවේ දී, රටේ ජිවත් වන ජනතාවට දිනකට ආහාර වේල් තුනක් ලැබෙන ආර්ථිකයක් සැකසීමට වගබලා ගන්නේයැ යි රනිල් වික්‍රමසිංහ ප්‍රතිඥා දුන්නේ ය.
එමෙන්ම රටේ පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීමට වැඩිදුර මූල්‍ය ආධාර ලබාදෙන්නැ යි ජාත්‍යන්තරයට ඔහු ආයාචනා කර සිටියේ ය.
කඩිනම් ආධාර ලබාගැනීම සඳහා තමා ඉන්දියාව සහ ජපානය වැනි රටවල් සමග සාකච්ඡා කරන බව පැවසූ ඔහු, "සාගතයක් ඇති වෙන්න දෙන්නේ නැහැ, අපි ආහාර සොයාගන්නවා," යනුවෙන් ද පැවසීය.
වෛද්‍යවරයෙකු රෝගියෙකු පරීක්‍ෂා කරනවාක් මෙන්, ශ්‍රී ලංකාවේ ගිණුම් පරීක්ෂා කිරීමට ද කාලය අවශ්‍ය බව ඔහු කියා සිටියි.
"මට [ඒ සම්බන්ධයෙන්] ඇගයුමක් සිදුකිරීමට අවශ්‍ය යි, මම ඔබට සතියකින් [නිශ්චිත පිළිතුරක්] දෙන්නම්," අගමැතිවරයා ප්‍රකාශ කළේ ය.
ඔහුගේ නව ප්‍රධානියා වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඉල්ලා අස්වන ලෙස බල කරමින් සිටින විරෝධතාකරුවන්ගේ හැඟීම් සමග තමා එකඟවන බව ඔහු පවසනමුත්, එය සිදුනොවන්නක් බව ඔහු ප්‍රකාශ කරයි.
"කාටවත් දොස්කීමෙන් කිසි ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ, මම මේ තනතුරට ආවේ මිනිස්සුන්ට ආහාර සපයන ආකාරය ගැන වගබලා ගන්න," ඔහු කියා සිටියේ ය.
"සැබෑ ආර්ථිකය දැන් අක්‍රීය යි. ඒක බිඳවැටිලා."
ඔහු ශ්‍රී ලාංකික ජනතාවට දෙන පණිවිඩය වන්නේ, "ඉවසන්න, මම [නැතිවුණු] දේවල් ආපහු ගෙන එන්නම්," යන්න යි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ බීබීසීය සමග සිදුකළ සම්පූර්ණ සාකච්ඡාව බලාපොරොත්තු වන්නවන්න.










