පාර්ලිමේන්තුව අසල උද්ඝෝෂකයින් අත්අඩංගුවට ගැනීමට නීතිඥයින්ගේ විරෝධය

Arrested protestors in Maharagama Police, 4 May 2022

ඡායාරූප මූලාශ්‍රය, Sanjaya Liyanage/Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, අත්අඩංගුවට ලක්වූ පිරිස මහරගම පොලීසියේ දී

ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අසල විරෝධතාවයේ නිරතවූ උද්ඝෝෂකයින් 13 දෙනෙකු පොලීසිය අද (මැයි 04) දහවල් අත්අඩංගුවට ගනු ලැබීය.

පොලීසිය බලය යොදා උද්ඝෝෂකයින් බස් රථයකට නංවාගන්නා අයුරු දැක්වෙන දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසරණය වීමත් සමග එය මේ වන විට ආන්දෝලනාත්මක සිද්ධියක් බවට පත්ව තිබේ.

මේ සම්බන්ධයෙන් නීතිඥවරුන් විශාල පිරිසකගේ අවධානය යොමුවූ අතර, විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ද අවධානය ලක්විය.

"කළහකාරී ලෙස හැසිරෙමින් පාර්ලිමේන්තුවට යන මන්ත්‍රීවරුන්ගේ වාහනවලට පහරදී බාධා කිරීම හා අයුතු අවහිරය" යන චෝදනා මත ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව ප්‍රකාශ කළේ ය.

ජනපතිට විරුද්ධව විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සාමකාමී විරෝධතාවේ නිරත වෙමින් සිටිය දී පොලීසිය මෙම පිරිස මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙන බවට විරෝධතාකරුවන් පවසයි.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 1

අත්අඩංගුවට ගත් පිරිස පොලිස් බස් රථයකට නංවාගෙන මහරගම පොලීසිය වෙත රැගෙන ගොස් ඇත.

අත්අඩංගුවට ගත් පිරිස වෙනුවෙන් මේ වන විට බොහෝ නීතිඥයින් ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වෙමින් සිටියි.

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 2

මෙම පිරිසට ඇප ලබාදීම පොලීසිය විසින්ඉහළ බලපෑම් මත ප්‍රතික්ෂේප කර ඇතැ යි චෝදනා කරනා නීතිඥයින්, ඔවුන් කඩුවෙල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට සැරසෙන බව පවසයි.

lawyer calling for lawyers to help arrested protestors, 4 May 2022

ඡායාරූප මූලාශ්‍රය, Don Supz/Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, අත්අඩංගුවට පත්වූවන් වෙනුවෙන් ඉදිරිපත් වන්නැ යි මේ වන විට නීතිඥවරුන් අනෙකුත් නීතිඥයින්ගෙන් ඉල්ලා සිටියි

පොලීසියේ ක්‍රියාකලාපයට විරුද්ධ විරෝධතාකරුවන් පිරිසක් මේ වන විට මහරගම පොලීසිය ඉදිරියට එක්ව සාමකාමී විරෝධතාවයක් ආරම්භකර ඇත.

Protestors in front of Maharagama Police, 4 May 2022

ඡායාරූප මූලාශ්‍රය, Sanjaya Liyanage/Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, පොලීසියේ ක්‍රියාකලාපයට විරුද්ධ සාමකාමී විරෝධතාකරුවන් පිරිසක් මේ වන විට මහරගම පොලීසිය ඉදිරියට එක්ව විරෝධතාවයේ යෙදෙමින් සිටියි

අද උදෑසන සිටම පාර්ලිමේන්තුව අසල ආරක්ෂාව තරකර තිබූ අතර ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් විශාල පිරිසත් යොදවා ඇති අයුරු ද බීබීසී සිංහල සේවයට දක්නට ලැබුණි.

Skip X post, 3
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 3

පාර්ලිමේන්තුව දෙසට පිවිසෙන මාර්ග ජී. අයි. පයිප්ප භාවිතා කරමින් අවහිර කර තිබුණේ විශාල මාර්ග බාධකයක් ලෙස යි.

Skip X post, 4
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 4

"සාමකාමී ලෙස විරෝධතා දැක්වීමට මහජනතාවට ඇති අයිතියට ගරු කළ යුතු යි"

විරෝධතා දැක්වීමේ නීත්‍යානුකූල අයිතියට අනුව කටයුතු කරන පුද්ගලයින් අත්අඩංගුවට ගත නොහැකි බවත්, සාමකාමී ලෙස විරෝධතා දැක්වීමට මහජනතාවට ඇති අයිතියට ගරුකළ යුතු බවත්, එය තහවුරු කළ යුතු බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) අවධාරණය කළේ ය.

පාර්ලිමේන්තුව අවට තත්ත්වය උත්සන්න වෙමින් පවතින බව ද එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් අනාවරණය කළේ ය.

ඒ අවට පොලිස් සහ සේවා නිලධාරීන් බහුලව සිටින බව ඔවුනට වාර්තා වී ඇති බවත්, උද්ඝෝෂණයට සහභාගී වූ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට හා ඒ අවට රඳවා තබා ගැනීමට ලක් වූ අවස්ථාවන් පිළිබඳව ද වාර්තා වී ඇති බවත් නීතිඥ සංගමය ප්‍රකාශ කරයි.

ඉතා සංයමයෙන් කටයුතු කරන ලෙස රජය, පොලිස්පති ඇතුළු සියලුම පොලිස් නිලධාරීන්, හා ත්‍රිවිධ හමුදාව ඇතුළු අදාළ සියලු පාර්ශවයන්ගෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නැවතත් ඉල්ලා සිටියි.

එම සංගමය අවධාරණය කළේ, නීත්‍යානුකූලව විරෝධතා දැක්වීමේ අයිතියට අනුව කටයුතු කරන පුද්ගලයින් අත්අඩංගුවට ගත නොහැකි බව යි.

BASL Protest

ඡායාරූප මූලාශ්‍රය, Saliya Pieris/Facebook

පොලීසියේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

හෙට සහ අනිද්දා දිනවල පාර්ලිමේන්තුව අසල පැවැත්වීමට නියමිත විරෝධතා වළක්වමින් වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසට තලංගම පොලීසිය කළ ඉල්ලීම කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය අද ප්‍රතික්ෂේප කරනු ලැබීය.

පොලීසිය සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු පිරිසක් අද කඩුවෙල මහේස්ත්‍රාත්වරිය හමුවේ කරනු දක්වමින් මෙම විරෝධතා මඟින් පාර්ලිමේන්තු අවට මාර්ග අවහිර විය හැකි බව දක්වමින් වාරණ නියෝගයක් ඉල්ලා සිටියේ ය.

"මයිනාගෝගම" ඉවත් කිරීමට ප්‍රමාද ඇයි? - අධිකරණයෙන් විමසීම්

මේ අතර අරලිය ගහ මන්දිරයේ ඉදිරිපස පදික වේදිකාව අවහිර වන පරිදි සිදුවන මහජන පීඩා ඉවත්කරන ලෙස අධිකරණය දුන් නියෝගය ක්‍රියාත්මක කිරීමට ප්‍රමාදවීම ගැන අධිකරණය හමුවේ කරුණු දක්වන්නැ යි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට අද නියෝග කරනු ලැබීය.

උද්ඝෝෂකයන් වෙනුවෙන් අධිකරණය හමුවේ මෝසමක් ඉදිරිපත් කරමින් කළ කරුණු දැක්වීමකින් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක නියෝගය නිකුත් කළේ ය.

ඒ අනුව ලබන 09 වැනිදා අධිකරණය හමුවේ කරුණු දැක්වීමට කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, මෙම කරුණු සම්බන්ධව නීතිපතිවරයාට නොතීසි ද නිකුත් කරනු ලැබීය.

අරලිය ගහ මන්දිරයේ ඉදිරිපස සිදුවන මහජන පීඩාවක් සම්බන්ධයෙන් පොලිසිය අධිකරණය වෙත කරුණු වාර්තාකර ඉකුත් 02 වැනිදා නියෝගයක් ලබාගෙන තිබුණි.

අධිකරණ නියෝගය මෙතෙක් අරලියගහ මන්දිරයේ ඉදිරිපස සිටින උද්ඝෝෂකයන් වෙත කියවාදීමක් හෝ ඔවුන් වෙත දැනුම්දීමක් පොලිසිය විසින් සිදුකර නැත්තේ මහජන පීඩාවක් ඉන් සිදුනොවන නිසා බව නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වා සිටියහ.

අධිකරණ නියෝගය

ඡායාරූප මූලාශ්‍රය, UGC

ඡායාරූප ශීර්ෂ වැකිය, අධිකරණ නියෝගය