''#GOTAGOHOME'' ; ලන්ඩන් නුවරටත් 'ගෝටා ගෝ ගමක්'
බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් එරට පාර්ලිමේන්තුව අසලදී මැයි පළවැනිදා විරෝධතාවයක් ආරම්භ කළහ.
ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය ඉවත්වී රට නිවැරදි දිශාවට ගෙන යා හැකි නව පිරිසකට පාලනය භාර දිය යුතු බව ඔවූහු අවධාරණය කළහ.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අසල විරෝධතාවය පැවැත්වෙන ස්ථානය ඔවුන් 'ගෝටා ගෝ ගම' ලෙස නම් කර ඇති අතර එය සති දෙකක් පවත්වාගෙන යෑමට නියමිතයි.

