ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
''පොලිස් මහත්තයෝ...ඕගොල්ලන්ට මෙතන නීති විරෝධී වැඩ කරන්න පුළුවන් නම් ඇයි අපිට බැරි.?''
අරලියගහ මන්දිරය ඉදිරිපිට පදික මාරුව අවහිරවන ලෙස නවතා ඇති පොලිස් බස් රථවල ප්‍රදර්ශනය කර තිබූ විරෝධතා පුවරු සහ උපවාසකරුවන්ගේ ආවරණයක් ඉවත් කිරීමට පොලීසිය අද පෙරවරුවේ ක්‍රියා කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති විය.
ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ ආණ්ඩුව ඉවත් විය යුතු බවය බල කරමින් කොළඹ, ගාලු මුවදොර අසල පැවැත්වෙන විරෝධතාවයට සමගාමීව අරලියගහ මන්දිරය ඉදිරිපිට මෙම විරෝධතාවය පැවැත්වේ.
මෙම විරෝධතා භූමිය 'මයිනා ගෝ ගම' ලෙස නම් කර ඇත.