ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
අන්තර්වාර පාලනයකට අකමැති වෙන හේතුව සජිත් ප්‍රේමදාස BBCයට කියයි
අන්තර් පාලනයක් යනු මෙරට බහුතර ජනතාවගේ පොදු තීන්දුවක් නොවන අතර තම තමන්ගේ හිත සුව පිණිස තනතුරු හා වරප්‍රසාද බෙදා ගැනීමක් බැවින් රට අපේක්ෂා නොකරන දෙයකට තමන් එකඟ නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස බීබීසීය සමග කළ විශේෂ සංවාදයකදී පැවසුවේය.
''රට ඉල්ලන්නේ නැති දෙකට සක්විති රජකම දෙනවා කිවුවත් ඒ පාවාදීම මම කරන්නේ නෑ. කවුරුහරි බහුතර කණ්ඩායමක් කිවුවොත් නෑ මේකම කෙරෙන්න ඕනා කියලා ඒ ගොල්ලන්ට කරගන්න කියනවා. මම එතන නෑ. තමන්ට ඕනා විදියකට 225ට එකතුවෙලා පුළුවන්ද ලක්ෂ 220 වෙනුවෙන් තම තමන්ගේ රුචිඅරුචිකම් අනුව ගනුදෙනු කරන්න. '' යනුවෙන් එහිදී ඔහු කියා සිටියේය.
විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කිරීම, ආර්ථික උපාය මාර්ග සහ ජාත්‍යන්තරයේ සහය ශ්‍රී ලංකාවට ලබා ගැනීම වැනි ක්ෂේත්‍ර ගණනාවක් ගැන මෙහිදී විපක්ෂ නායකවරයා සිය ස්ථාවරය ප්‍රකාශ කළේය.