ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පාස්කු ප්‍රහාරය ; පාස්කු අපරාධයට යුක්තිය ඉල්ලා කාදිනල් හිමියන්ගෙන් ජනපතිට රතු එළියක්
ජනාධිපතිවරණ වේදිකාවේදී තමන් අවංකව සත්‍ය සොයා යුක්තිය ඉටු කරන බව මොරදෙමින් ඡන්දයට ගිය අද රට පාලනය කරන නායකයා බලයට පත් වූ පසු එම පොරොන්දු සියල්ල පසෙකලා සත්‍ය වසන් කිරීමට ගෙන යන වැඩපිළිවල ප්‍රතික්ෂේප කර හෙලා දකින බව අගරදගුරු, ඇති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ අද (අප්‍රේල් 21) කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙවි මැදුරේදී පැවසුහ.
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාට වැඩිකල් නොගොස් තමන් කළ පාපයේ ප්‍රතිපල අත්විඳීමට සිදුවන බව තමන් තරයේ විශ්වාස කරන්න බව ද උන්වහන්සේ අවධාරණය කළහ.
පාස්කු ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූවන් සිහි කරමින් කාදිනල් හිමියන්ගේ ප්‍රධානත්වයෙන් දේව මෙහෙයක් පවතී අතර සර්ව ආගමික නායකයෝ එම අවස්ථාවට සහභාගී වූහ.