ඉන්ධන නිකුත් කිරීම සලාක ක්‍රමයට

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් සිපෙට්කෝ පිරවුම්හල් වලින් ඉන්ධන නිකුත් කිරීම අද (අප්‍රේල් 15) පස්වරු 01.00 සිට සීමා කර තිබේ.
සති දෙකක කාලයක් සඳහා මෙය ක්‍රියාත්මක බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කළේය.
ඒ අනුව යතුරු පැදි සඳහා ඉන්ධන නිකුත් කළ හැක්කේ රුපියල් 1000/= ක උපරිමයකට යටත්වයි.
ත්‍රිරෝද රථ සඳහා රුපියල් 1500 ක් ද, කාර්, වෑන්, ජීප් ඇතුළු අනෙකුත් වාහන සඳහා රුපියල් 5000/= ක සීමාවකට ද යටත්ව ඉන්ධන නිකුත් කෙරනු ඇති.
මෙම සීමා කිරීම් බස්රථ සහ සෙසු වාණිජ කටයුතු සඳහා භාවිත වන ඩීසල් වාහන සඳහා අදාළ නොවන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන් වේ.
විවිධ පාර්ශ්ව රැගෙන එනු ලබන බැරල්, බූලී සහ ප්ලාස්ටික් ටැංකි වැනි භාජනවලට ඉන්ධන නිකුත් කිරීම තවදුරටත් අත්හිටුවා ඇති බවද ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
කළු වෙළෙඳපොලක් නිර්මාණය වෙයි ද?
ඉන්ධන සැපයීම සීමා කිරීම සම්බන්ධයෙන් ටුවිටර් පනිවිඩයක් නිකුත් කරමින් මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වූ ඩබ්ලිව්.ඒ විජේවර්ධන පෙන්වා දී තිබුණේ, කළු වෙළඳපොලක් සංවර්ධනය කිරීමෙන් වෙළඳපල අසමතුලිතතාවය ඉවත් කරනු ඇති බවයි.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 1
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගෑස් මිලදී ගැනීම සඳහා ලිට්‍රෝ සමාගම වෙත ඩොලර් මිලියන 10ක් ලබා දී තිබේ.
නිශ්පාදන කටයුතු යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය ගෑස් තොග ලැබෙමින් පවතින බවද ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කළේය.
ඒ යටතේ ගෑස් මෙට්‍රික් ටොන් 8500ක් ඉදිරියේදී මෙරටට ලැබීමට නියමිතව ඇත.
ඒ අනුව නිශ්පාදන කටයුතු ලබන සඳුදා සිට ආරම්භ කිරීමට ලිට්‍රෝ සමාගම සැලසුම්කර ඇත.
මහ බැංකු අධිපතිගෙන් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට පණිවුඩයක්
ආහාර, ඉන්ධන සහ ඖෂධ ඇතුළු එදිනෙදා අත්‍යවශ්‍ය ආනයන අවශ්‍යතා සපුරා ගනු පිණිස රටේ විදේශ සංචිත තත්ත්වය ඉහළ නංවා ගැනීම සඳහා කඩිනම් පියවර ගත යුතු බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අවධාරණය කරයි.
මෙවන් පසුබිමක, ශ්‍රී ලංකාවේ විදේශ සංචිත සඳහා බෙහෙවින් අවශ්‍ය වී පවතින විදේශ විනිමය පරිත්‍යාග කිරීම මගින් මෙම තීරණාත්මක අවස්ථාවේ මව්බිමට සහාය ලබා දීම සඳහා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් තම කැමැත්ත පළ කිරීමට ඉදිරිපත් වීම ශ්‍රී ලංකා මහ බැංකුව සාදරයෙන් පිළිගනා බවද මහබැංකු අධිපති නිකුත් කළ පණිවිඩයේ දැක්වෙයි.
සහාය ලබා දීමට අපේක්ෂා කරන පුද්ගලයන් හට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අර්ථලාභී හිමිකාරිත්වය දරනු ලබන බැංකුවල පවත්වා ගෙන යන ගිණුම්වලට විදේශ විනිමය බැර කළ හැකි අතර, එම විදේශ විනිමය ආහාර, ඉන්ධන සහ ඖෂධ වැනි අත්‍යවශ්‍ය ආනයන සිදු කිරීම සඳහා පමණක් භාවිත කරන බවට ශ්‍රී ලංකා මහ බැංකුව සහතික වේ.
කොවිඩ්-19 වසංගතයේ දිගු කාලීන බලපෑම, ගෝලීය දේශපාලනික අසමතුලිතතා සහ රටේ සාර්ව ආර්ථික අසමතුලිතතා හේතුවෙන්, මේ වන විට ශ්‍රී ලංකාව සමාජ, ආර්ථික සහ මූල්‍ය ව්‍යසනයකට මුහුණ දෙමින් සිටින අතර එමගින් රටේ ජනතාව අසීරු තත්ත්වයකට පත් ව ඇතැයි මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.
මෙරටෙහි ණය වගකීම් සක්‍රීය ව කළමනාකරණය කිරීමට පියවර ගැනීම, අනෙකුත් රටවලින් කඩිනම් මූල්‍ය සහාය සෙවීම හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ විස්තීරණ වැඩසටහනක් සඳහා පවතින සාකච්ඡාවල ප්‍රගතියක් දක්නට ලැබීම ඇතුළු ව රටේ පවතින වත්මන් තත්ත්වය සඳහා පිළියම් යෙදීමට බලධාරීන් පියවර ගනිමින් සිටිය ද, ජනතාවට එවැනි ක්‍රියාමාර්ගවලින් වන ධනාත්මක බලපෑම් භුක්ති විඳිය හැකි වනුයේ මැදි කාලීන හා දිගු කාලීනව ය.
අර්බුද මැද ශ්‍රී ලංකන් ගුවන් සේවය යානා 21ක් කල්බදු ගැනීමට යයි
පාඩු ලබන රාජ්‍ය සමාගමක් වන ශ්‍රී ලංකන් ගුවන් සමාගම මෙම අර්බුදකාරී වාතාවරණය තුළ සිය දිගුකාලීන ව්‍යාපාරික උපාය මාර්ගයට සහාය වීම සඳහා ගුවන් යානා 21ක් කල්බදු ගැනීමට සැලසුම්කර ඇත.
සැලසුම් කර ඇති ගුවන් යානා වලින් දළ වශයෙන් 60% ක් ගුවන් යානා ප්‍රතිස්ථාපනය සඳහා වන අතර ඉතිරිය ගුවන් සමාගමේ ව්‍යාප්ති උපාය මාර්ගයට සහය වීම සහ ශ්‍රී ලංකාව සහ ලෝකය අතර ගුවන් ගමන් සඳහා වැඩිවන ඉල්ලුම සපුරාලීම සඳහා වනු ඇතැයි ශ්‍රී ලංකා ගුවන් සේවය සඳහන් කළේය.
වසංගතයට පෙර, 2019 දී, ශ්‍රී ලංකන් සේවය සතුව කෙටි හා දිගුකාලීන මෙහෙයුම් සඳහා පුළුල් හා පටු බඳ සහිත ගුවන් යානා 27 කින් සමන්විත ගුවන් යානා ඇණියක් තිබුණි.
කොවිඩ් වසංගතය අතරතුර, ගුවන් යානා සමූහයෙන් ඉවත් වූ ගුවන් යානා තුනක් සඳහා ආදේශකයක් නොතිබුණි.
දැනට රටවල් 25ක ගමනාන්ත 40ක් වෙත ක්‍රියාත්මක වීමට ගුවන් යානා 24ක් ශ්‍රී ලංකන් ගුවන් සමාගම සතුව ඇත.
ජාත්‍යන්තර සංචාර කේෂත්‍රය, වසංගතයෙන් පසු යථා තත්ත්වයට පත්වෙමින් පවතින බැවින් සංඛ්‍යාත වැඩිවීම් සහ නව ගමනාන්ත එකතු කිරීම තුළින් ඉදිරි වසර තුන තුළ මනින ලද වර්ධනයක් සඳහා ශ්‍රීලංකන් සැලසුම් කරයි.
ගුවන් සේවයේ ව්‍යාපාර සැලැස්මට 2025 වන විට ගුවන් යානා 35කින් සමන්විත බලඇණියක් අවශ්‍ය බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කළේය.
මෙම කරුණු සැලකිල්ලට ගනිමින් ශ්‍රීලංකන් ගුවන් සේවය යානා 21ක් කල්බදු ගැනීමට සැලසුම් කරයි.
කෙසේවෙතත් මෙවන් අර්බුදකාරී අවස්ථාව ශ්‍රී ලංකන් ගුවන් සේවය ගුවන් යානා කල්බදු ගැනීමට යෑම සම්බන්ධයෙන් පක්ෂ - විපක්ෂ දේශපාලනඥයින්ගෙන් දැඩි විවේඡන එල්ලවී ඇත.
සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ටුවිටර් පනිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ, "මෙය නිසැකවම ප්‍රමුඛතාවයක් නොවේ. ජනතාවට අවශ්‍ය ඉන්ධන, ගෑස්, පිළිකා ඖෂධ, කිරිපිටියි. ගුවන් යානා නොවේ. ජනපති ගෝඨාභය රාජපක්ෂ දැන්වත් අවදි වන්න." යනුවෙන් එහි දක්වා ඇත.
"ශ්‍රී ලංකාව බංකොලොත්; ඉන්ධන, ගෑස් හෝ ඖෂධ නැහැ. කෝ මේ විකාර වලට සල්ලි? " ඔහු විමසා තිබුණේය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 2
මේ අතර කොප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් ද ටුවිටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ දැනටමත් විශාල පාඩු ලබමින් සිටින රාජ්‍ය ව්‍යවසායයක් මෙවැනි දැන්වීමක් පළ කිරීම විහිළුවක් බවයි. කෝප් කමිටුව හරහා ද ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඇතැම් ප්‍රධාන අක්‍රමිකතා අනාවරණය වූ බව ඔහු පෙන්වා දෙයි.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 3









