අගමැති සමඟ සාකච්ඡාවකට ගාලු මුවදොර විරෝධතාකරුවන් සුදානම් ද?

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ
ඡායාරූප ශීර්ෂ වැකිය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ

සමාජ, ආර්ථික හා දේශපාලන හේතු මත ගාලු මුවදොරට රැස්වී දැනට විරෝධතාවයේ නිරතවන පිරිස සමඟ අග්‍රාමාත්‍යවරයා වශයෙන් තමන් සාකච්ඡාවකට සූදානම් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ දැනුම් දී සිටියි.

ඒ අනුව රට හමුවේ මේ මොහොතේ පවතින අභියෝගය ජයගැනීම වෙනුවෙන් විරෝධතාවයේ නිරත පිරිස දක්වන වටිනා අදහස් සාකච්ඡාවට ලක්කිරීමට අපේක්ෂිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේය.

මෙම සාකච්ඡාව සඳහා විරෝධතාවයේ නිරත පිරිස සූදානම් නම් තමන් ඒ සඳහා එම පිරිසේ නියෝජිතයන්ට ඊට ආරාධනා කරන බව ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සඳහන් කරයි.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 1

මේ අතර සමජමධ්‍යයේ අගමැතිවරයාගේ එම ඉල්ලීමට ප්‍රතිචාර ලෙස දක්වා තිබුනේ කතාකිරීමට දෙයක් නොමැති බවත් ජනතාවගේ ඉල්ලීම රාජපක්ෂවරුන් ගෙදර යෑම බවයි.

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 2

විරෝධතාකරුවන්ගේ ප්‍රතිචාරය

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මෙම විරෝධතාකරුවන් සමග සාකච්ඡාවට සූදානම් වන්නේ, එම විරෝධතාව පස්වැනි දිනටත් අද (අප්‍රේල් 13) අඛණ්ඩව පැවැත්වෙමින් තිබෙන පසුබිම තුළයි.

අව්-වැසි නොතකා තරුණ තරුණියන් අතුලු විශාල පිරිසක් මේවන විටත් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරතව සිටිති.

ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ධුරයෙන් ඉවත් වීම සහ අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රමුක ආණ්ඩුව ඉල්ලා අස්වීමයි.

Skip X post, 3
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 3

රාජපක්ෂ පවුල හා දේශපාලනඥයින් විසින් වංචාර කර ඇති රටේ ධනය යළි රටට අත්පත් කර ගැනීම ඔවුන්ගේ තවත් සටන් පාඨයකි.

රාජ්‍ය දේපළ හා මුළ්‍ය වංචාවන්ට සම්බන්ධ දේශපාලනඥයින් ඇතුලු පුද්ගලයින්ට රටින් පිටවීම වළක්වා ලීම තවත් ඉල්ලීමකි.

මේ අතර අරගලයේ නියුතු ජනතාව නිකුත්කළ ලිපියක් සමාජ මාධ්‍යයේ සංසරණය වන අතර එහි අයිතිය හෝ නිරවද්‍යතාවය බීබීසී සිහල සේවයට මෙතෙක් තහවුරුකරගත නොහැකි වුවත් අරගලයේ යෙදෙන බොහෝ දෙනෙකු එය තම සමාජ මාධ්‍යන් හී පළකර ඇත.

එම ලිපියෙන් පවසන්නේ "අරගලයේ නිරත කිසිවෙකු ඔබ හෝ පාලක පක්ෂයේ වෙනත් කිසිදු පාර්ශ්වයක් සමග සාකච්ඡාවක් සඳහා කිසිදු සූදානමක් නැතැයි අවධාරණය කරමු" යනුවෙනි.

"සති දෙකකට අධික කාලයක් තිස්සේ දිවයින පුරා සහ ගෝටාගෝ ගම ආශ්‍රිතව පැවැත්වෙන විරෝධතා හරහා ජනාධිපතිවරයාට සහ ඔබ ඇතුළු ආණ්ඩුවට බල කර කියා සිටින ප්‍රධාන කාරණා දෙකකි.

  • මෙරට හත්වැනි විධායක ජනාධිපතිවරයා වන නන්දසේන ගෝඨාභය රාජපක්ෂ වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස් විය යුතුය.
  • මහින්ද රාජපක්ෂ වන ඔබ ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන ඔබ පවුලට අයත් සියලු දෙනා (චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ශෂීන්ද්‍ර රාජපක්ෂ සහ නිපුණ රණවක යන අය) ආණ්ඩුවේ සහ පාර්ලිමේන්තුවේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්විය යුතුය."

"ඉහත ඉල්ලීම් ඉටු කිරීමකින් තොරව ඉන් ඔබ්බෙහි වූ කිසිදු කාරණාවක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ හැකියාවක් නොමැති අතර,ඒ සඳහා අප තුළ කිසිදු අභිලාෂයක් නොමැති බවද යළිත් අවධාරණය කරමු."

"එමෙන්ම කිසිදු හේතුවක් මත අරගලයේ නිරත පිරිස් උක්ත ඉල්ලීම්වලින් වියුක්ත කාරණාවක් නියෝජනය නොකරන අතර, අපගේ නියෝජිතයන් බව කියමින් කිසිවෙකු හෝ ඔබ සමග සාකච්ඡාවලට එළඹෙන්නේ වුවද, ඔවුන් අපගේ නියෝජිතයන් නොවන බවටද අවධාරණය කරමු."

ඔවුන් එම ලිපිය මගින් තවදුරටත් පවසන්නේ "අවසාන වශයෙන්ද අපගේ මූලික ඉල්ලීම් ඒ ආකාරයෙන්ම ඉටුවනතුරු ගෝටාගෝගම ආශ්‍රිත අරගලය මේ ආකාරයෙන්ම ඉදිරියට පවත්⁣වාගෙන යන බවටද ඔබට මෙයින් පොරොන්දුවක් දෙමු."

ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාව අඛණ්ඩව

විරෝධතා කළාපය "ගෝඨාගෝගම" ලෙස නම් කරමින් කුඩා ජනපදයක ආකාරයකින් මේවන විට ක්‍රියාත්මක වෙයි.

විරෝධතාවයේ නිරත පිරිස කූඩාරම් සවිකර රාත්‍රිය ගත කරන අතර ඔවුන් විසින්ම ජංගම වැසිකිලිද විරෝධතා භූමියට රැගෙන විත් ඇත.

මේ අතර පසුගියදා විරෝධතාකරුවන් පැවසුවේ රජය මෙම ජංගම වැසිකිලි එම ස්ථානයෙන් ඉවත්කිරීමට කටයුතු කරන බවයි.

Skip X post, 4
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 4

"ගෝඨාගෝගම" යැයි නම් කර ඇති මෙම විරෝධතා භූමියේ ආහාර පාන, ජල බෝතල් අවශ්‍යතරම් පවතින අතර විරෝධතාවට පැමිණෙන බොහෝ දෙනෙක් ස්වේච්ඡාවෙන්ම ආහාර පාන රැගෙන එති.

එම භූමියේ පුස්තකාලයක්, ජංගම දුරකතන චාර්ජ් කරන ස්ථානයක්, වෙළෙඳසැලක්ද ඉදිකර ඇත.

Skip X post, 5
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 5

Skip X post, 6

End of X post, 6

විරෝධතාවයට පවුල් වශයෙන් ද සහභාගිවන අයුරු දැකගත හැකිය.

ගාලු මුවදොර විරෝධතාව

ඡායාරූප මූලාශ්‍රය, Ranga Sirilal BBC

ඡායාරූප ශීර්ෂ වැකිය, ගාලු මුවදොර විරෝධතාව

කිසිදු දේශපාලන පක්ෂයක සහභාගීත්වයෙන් තොරව පැවැත්වෙන මෙම විරෝධතාවට සහයෝගය පළ කරමින් මහා සංඝරත්නය, නීතිවේදීන්, කලාකරුවන් ඇතුළු පාර්ශව ගණනාවක් ද මේවන විට එක්ව සිටිති.

මහාචාර්ය සුනිල් ආරියරත්න, විශාරද නන්දා මාලනී, විශාරද රෝහණ වීරසිංහ, ප්‍රවීණ ලේඛක බුද්ධදාස ගලප්පත්ති, සහ ප්‍රවීන රංගන ශිල්පිනී ස්වර්ණා මල්ලවආරච්චි හා සිනමාවේදීන්, ප්‍රවීන ක්‍රිකට් තීරක රොෂාන් මහානාම, චම්පක රාමනායක ඇතුලු ක්‍රීඩකයින්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ඇතුලු තවත් විශාල පිරිසක්ද ඊයේ සහ අද විරෝධතාවට එක්විය.

ගාලු මුවදොර විරෝධතාව

ඡායාරූප මූලාශ්‍රය, Ranga Sirilal BBC

ඡායාරූප ශීර්ෂ වැකිය, ගාලු මුවදොර විරෝධතාවට සහභාගිවූ ක්‍රිකට් තරු

මේ අතර කිසිදු දේශපාලන මැදිහත්වීමකින් තොරව රටේ පවතින තත්ත්වයට එරෙහිව රට පුරා පැවැත්වෙන විරෝධතා ද තවදුරටත් අඛණ්ඩව පැවැත්වෙමින් ඇත.

ඌව පරණගම, මස්පන්න නගරයේදී ජනතාව සහ ගොවීන් විරෝධතාවක නිරත විය.

නීතිවේදීන් පිරිසක් විසින් සංවිධානය කරන ලද විරෝධතාවක් බණ්ඩාරවෙල නගරයේදී ඊයේ පැවැත්විණ.

ගාලු මුවදොර විරෝධතාවට එක්වූ කලාකරුවන් පිරිසක්
ඡායාරූප ශීර්ෂ වැකිය, ගාලු මුවදොර විරෝධතාවට එක්වූ කලාකරුවන් පිරිසක්

ඔවුහු බණ්ඩාරවෙල අධිකරණයේ සිට බණ්ඩාරවෙල බස් නැවතුම්පළ දක්වා පා ගමනින් පැමිණ විරෝධය පළ කළහ.

රටේ පවතින ආර්ථික අර්බුදයට වහා විසඳුම් දෙන්නයි ඉල්ලමින් දෙණියාය නගරයේදී ද ඊයේ විරෝධතාවක් පැවැත්විණ.

වයඹ ඉංජිනේරු සංගමය කුරුණෑගල නගරයේදී විරෝධතාවක නිරත වූ අතර මහනුවර නගරයේද ආණ්ඩුවට එරෙහිව විරෝධතාවක් පැවැත්විණ.

මේ අතර "ව්‍යාජ අරගලයට මුවාවී සිංහල බෞද්ධ ජන මතයට අත නොතබනු" යන තේමාවෙන් කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල පරිශ්‍රයේ සිට පා ගමනක් ඊයේ පැවැත්විණ.

ඊට සංඝරත්නය ද එක්ව සිටි අතර සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් කිහිප දෙනෙකු ද සහභාගිවී සිටිනු දැක ගත හැකි විය.