ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පාරට බැහැපු පාසල් සිසුන් ; ''විදුලිය නැතුව, පාඩම් නොකර ගගනගාමියෝ වෙන්න අපි බේබිලාද?''
ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට අප්‍රසාදය පළ කරමින් ජනතාව ආරම්භ කළ අරගලයට පාසල් සිසුන් ද එක්ව තිබේ.
අද (අප්‍රේල් 07) වැනිදා මහනුවර පැවති විරෝධතාවයකට එක්ව සිටි පාසල් දරුවන් අවධාරණය කළ කරුණක් වුයේ තමන්ට නිදහසේ අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කර දෙන ලෙසයි.
මේ අතර විරෝධතා සඳහා පාසල් දරුවන් සම්බන්ධ කර නොගන්නා ලෙස පාර්ශව ගණනාවක් විරෝධතා සංවිධායකයන්ගෙන් ඉල්ලා ඇත.