පාරට බැහැපු පාසල් සිසුන් ; ''විදුලිය නැතුව, පාඩම් නොකර ගගනගාමියෝ වෙන්න අපි බේබිලාද?''
Published
ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට අප්‍රසාදය පළ කරමින් ජනතාව ආරම්භ කළ අරගලයට පාසල් සිසුන් ද එක්ව තිබේ.
අද (අප්‍රේල් 07) වැනිදා මහනුවර පැවති විරෝධතාවයකට එක්ව සිටි පාසල් දරුවන් අවධාරණය කළ කරුණක් වුයේ තමන්ට නිදහසේ අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කර දෙන ලෙසයි.
මේ අතර විරෝධතා සඳහා පාසල් දරුවන් සම්බන්ධ කර නොගන්නා ලෙස පාර්ශව ගණනාවක් විරෝධතා සංවිධායකයන්ගෙන් ඉල්ලා ඇත.