ඇඳිරිනීතිය නොතකා පාරට බැහැපු ජනතාවට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ සහය
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් හදිසි නීතිය සහ ඇඳිරිනීතිය පනවා තිබුණ ද එය නොතකා අද බොහෝ ප්‍රදේශවල ජනතාව විරෝධතා සඳහා එක්ව සිටියහ.
ඒ සඳහා එක්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන්ට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් සහ ජල ප්‍රහාරයක් ද එල්ල කරන ලදී.
මේ අතර අද විරෝධය පළ කළ ජනතාවට සහය පළ කරමින් ලන්ඩන් නුවර සහ නවසීලන්තයේ පදිංචි ශ්‍රී ලාංකිකයෝ ද විරෝධතා සිදු කළහ.


