මහනාහිමිවරුන් ජනාධිපතිට ලබාදුන් යෝජනා මොනවාදැයි ඔබ දන්නවාද?

මේ වන විට ආර්ථික අර්බූදය ඉහල යාමත් සමගම දේශපාලන අස්ථාවරභාවයක් ද රට තුළ නිර්මාණය වී ඇත. රටේ මේ වන විට පැනනැගී ඇති අර්බුදයන්යන්ගෙන් ගොඩ ඒමට මහනාහිමිවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට යෝජනා මාලාවක් ඉදිරිඅත් කර ඇත.

මහා නායක හිමිවරුන් පවසන්නේ දිර්ඝ කාලයක් තිස්සේ පටු දේශපාලන න්‍යාය පත්‍රයන් මත පදනම්ව ජාතික වගකීමකින් තොරව අවස්ථාවාදීව කටයුතු කරන දේශපාලනඥයන් මෙකී අර්බුද සඳහා තිරසර විසඳුම් සෙවීමට අසමත් බව මේ වන විට තහවුරු වී හමාර බවයි.

ඒ අනුව රටේ පැන නැගී ඇති අර්බුදයෙන් ගොඩ ඒමට එම යෝජනා ඉදිරිපත් කරනු ලැබුවේ, මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල, අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන, රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල, අමරපුර මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි යන නාහිමියන් විසිනි.

එම යෝජනා වන්නේ :

  • ජනාධිපතිවරයා විසින් සිය බලතල ප්‍රකාරව අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය වහා විසුරුවා හැරිය යුතුය.
  • රටේ ආර්ථික හා සමාජ වටපිටාව යහපත් වූ පසු පාර්ලිමේන්තු මැතිවරණයකින් ජනතාව විසින් සිය පරමාධිපත්‍යය තහවුරු කරනු ලබන ආණ්ඩුවක් පත් කර ගන්නා තුරු ජනතාභිලාශයන් ඉටු කළ හැකි ජනතා විශ්වාසය කඩ නොකළ ජනතාව කෙරෙන් ප්‍රතික්ෂේප නොවූ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නියෝජිතයින්ගෙන් සැදුම්ලත් ඡන්ද, ද්වේශ , භය හා මෝහ යන සතර අගතියෙන් තොර වත්මන් ආර්ථික අර්බුදය පිළිබඳ සවිඥානික හා සබුද්ධිමත් මණ්ඩලයක් විසින් සිදු කරන අන්තර්කාලීන පාලනයකට රට භාර දිය යුතුය.
  • එකී අන්තර්කාලීන මණ්ඩලයට අවශ්‍ය උපදෙස් හා මාර්ගෝපදේශ ලබා ගැනීමට විශේෂඥ උපදේශක මණ්ඩලයක් පත්කර ගත යුතුය
  • එකී විශේෂඥ මණ්ඩලය විසින් යෝජනා කරනු ලබන අන්තර්කාලීන පාලන වැඩපිළිවෙළ පාර්ලිමේන්තුවේ සාකච්ඡා කොට පක්ෂ නායකයින්ගේ එකඟත්වයෙන් පක්ෂ දේශපාලනයෙන් තොරව ජාතික ප්‍රතිපත්තියක් මත පිහිටා ක්‍රියාත්මක කළ යුතුය
  • ආර්ථික අර්බුදය විසඳීම සඳහා විශේෂඥ මණ්ඩලය විසින් ඉදිරිපත් කරනු ලබන යෝජනා විනිවිදභාවයකින් යුක්තව විධිමත්ව සිදු වන බව නිරන්තරයෙන් පසුවිපරම් කිරීම සඳහා ස්වාධීන කමිටුවක් පත් විය යුතු අතර එකී ක්‍රියාවන් අධිකරණයේ ප්‍රශ්න කිරීමට යටත් විය යුතු අතර විධිමත් විගණනයට භාජනය කර මහජනතාවගේ දැනගැනීම පිණිස කලින් කළ ප්‍රසිද්ධ කළ යුතුය
  • මෙම කාලය තුළ එම පාලන තන්ත්‍රයේ නියමුවා ලෙස එකී මණ්ඩලයේ සාමූහික තීන්දු තීරණ වලට අනුගතව ක්‍රියාත්මක වීමට ගරු ජනාධිපතිතුමන් බැඳී සිටිය යුතුය

මහනාහිමිවරුන් පෙන්වා දෙන්නේ ගතවූ දශක 7 කට අධික කාලය තුළ නිශ්චිත ජාතික ප්‍රතිපත්තියකින් තොරව අවස්ථාවාදී ලෙස ගෙන ගිය දේශපාලනික න්‍යාය පත්‍රය හේතුවෙන් අද වන විට අප රට මූලික මහජන අවශ්‍යතා සපුරාලීමට අසමත් රාජ්‍යයක් බවට ශීඝ්‍රයෙන් පත් වෙමින් පවතින බවයි.

ජීවන වියදම ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් හෙම්බත් වී සිටින මහජනයා වර්තමානය වන වන විට ආණ්ඩුව කෙරෙහි ම පළ කරමින් සිටි එහෙත් ආණ්ඩුව එරෙහිව එල්ල වන මහජන විරෝධයේ සහේතුකත්වය අවබෝධ කර නොගෙන ඉහළ යන ජීවන වියදම අඩු කොට ජනතාවට සහන සැලසීම වෙනුවට රාජ්‍ය බලය යොදා සාමකාමී මහජන විරෝධතා මැඩ පැවැත්වීමට උත්සාහ දැරීම මහා සංඝරත්නය ලෙස අපි කිසිසේත් අනුමත නොකරමු.

මෙකී විරෝධතා මැඩ පැවැත්වීමේ මුවාවෙන් පොදු මහජනයාට හා මාධ්‍යවේදීන්ට සිදු කළ හැකි පහරදීම් ද අපි කිසිසේත් අනුමත නොකරණ බව මහ නාහිමිවරු අවධාරණය කරති.

මෙසේ එල්ල වන ජනතා විරෝධය තවදුරටත් නැවැත්වීමට යාම එම විරෝධතා තීව්‍ර කිරීමට හේතුවන බව සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය විසින් ම අවබෝධ කරගත යුතුය.

මෙම අභිලාෂයන් මනාව වටහා ගෙන ජනතා සුබසාධනය උදෙසා කඩිනම් සහන සැලසීමට ජනාධිපතිවරයා වහා ක්‍රියාත්මක විය යුතු බව ද මහනාහිමිවරු අවධාරණය කර සිටිති.

"දීර්ඝ කාලයක් තිස්සේ පටු දේශපාලන න්‍යාය පත්‍රයක් මත පදනම්ව ජාතික වගකීමෙන් තොරව අවස්ථාවාදීව කටයුතු කරන දේශපාලනඥයන්ට අර්බුද සඳහා තිරසාර විසඳුමක් සෙවීමට අසමත් බව මේ වන විට තහවුරු වී හමාරය. දේශයේ සුරක්ෂිතතාවත් මහජනතාවගේ යහපැවැත්ම අභියෝගයට ලක්වූ සෑම අවස්ථාවකදීම ගරුතර මහා සංඝරත්නය ලෙස රාජ්‍ය පාලනය උදෙසා මාර්ගඋපදේශ සැපයීමට අප වෙත ඓතිහාසිකව පැවරී ඇති වගකීම හෙයින් දැනට පවතින සමාජ ආර්ථික අර්බුදයෙන් විවිධ පැතිකඩ විමර්ශනය කිරීමෙන් පසුව ත්‍රෛනිකායික මහා සංඝරත්නය වෙනුවෙන් අතිගරු ජනාධිපතිතුමන් වෙත පහත යෝජනා ඉදිරිපත් කර සිටින්නෙමු." යනුවෙන් මහනාහිමිවරු අවධාරණය කර සිටිති.

මහනාහිමිවරුන් පෙන්වා දෙන්නේ බලය ලබා ගෙන දශකයකට අධික කාලය තුළ නිශ්චිත ජාතික ප්‍රතිපත්තියකින් තොරව අවස්ථාවාදී ලෙස ගෙන ගිය දේශපාලනික න්‍යාය පත්‍රය හේතුවෙන් අද වන විට අප රට මූලික මහජන අවශ්‍යතා සපුරාලීමට අසමත් රාජ්‍යයක් බවට ශීඝ්‍රයෙන් පත් වෙමින් පවතින බවයි.

රටපුරා විරෝධතා

ආණ්ඩුවට එරෙහිව මහජනා විරෝධය මේවන විට දැඩි ලෙස ඉහළ ගොස් ඇති අතර රට පුරාම පාහේ ඊයේ (අප්‍රේල් 04) දිනය පුරා විරෝධතා පැවත්විණි.

හිටපු අමාත්‍ය ගාමිණි ලොකුගේ, හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල, හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, හිටපු රාජ්‍ය අමාත්‍ය රෝෂන් රණසිංහ යන මන්ත්‍රීවරුන්ගේ නිවාස හා පක්ෂ කාර්යාල අසලට රැස්වූ මහජනතාව විරෝධතා පැවැත්වූහ.

එහිදී විරෝධතාවයේ නිරත ජනතාව විසුරුවා හැරීමට පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය.

ඔවුන් අවධාරණය කළේ, ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්විය යුතු බවත් පාලකයන් අයුතුලෙස එරැස්කළ ධනය නවටත් ජනතාවට ලබා දිය යුතු බවයි.

දේශපාලනඥයින් විසින් සොර ගන්නාලද මුදල් රජය නැවත රජයට ලබා ගැනීමේ වැඩසහනක් ක්‍රියාත්මක කළ යුතු බවද විරෝධතාවලට සහභාගි වූ මහජනතාව අවධාරණය කළේය.

මේ අතර ජනාධිපති ලේකම් කාර්යාලය අසළ හා අරලිය ගහ මන්ධිරය අසළ ද ඊ‍යේ රාත්‍රිය පුරා විරෝධතා පැවැත්විණ.