ශ්‍රී ලංකාව ; ජනතාව ජනපතිගේ නිවාස වටලුවේ ඇයි ?
නුගේගොඩ, මිරිහාන ප්‍රදේශයේ පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිවාස අසළ ඇතිවූ කලහකාරී සිදුවීමට අදාළව කාන්තාවක් ඇතුළු පුද්ගලයන් පනස්හතර දෙනෙකු අත්අඩංගුවට ගත බව පොලීසිය පවසයි.
දණ්ඩ නීති සංග්‍රහය සහ පොදු දේපල පනත යටතේ ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට නියමිතව තිබේ.
මහජන ආරක්ෂක අමාත්‍ය, ආචාර්ය සරත් වීරසේකර පවසන්නේ ජනතාව නැවි දෙකක ඉන්ධන නිවාස තුළ ගබඩා කරගෙන මෙවැනි උද්ඝෝෂණ කරන්නේ නම් මින් ඉදිරියටත් දැඩිව ක්‍රියා කරන බවයි.

