ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඉන්ධන අර්බුදය ; ඔරුගොඩවත්තේ භූමිතෙල් පෝලිමේ උණුසුම් තත්වයක්
ගෑස් සහ ඉන්ධන ලබා ගැනීම සඳහා ජනතාව අදත් පෝලිම්වල සිටිනු දක්නට ලැබුණි.
භූමිතෙල් ලබා ගැනීම සඳහා කොළඹ, ඔරුගොඩවත්තේ ඉන්ධන පිරවුම්හලක් ඉදිරිපිට බේස්ලයින් මාර්ගය ද අද පෙරවරුවේ අවහිර වූ අතර එහිදී උණුසුම් තත්වයක් ඇති විය.
ගෑස් පෝලිම් මෙන්ම ඩීසල්, පෙට්‍රල් සහ භූමිතෙල් පෝලිම් ද බොහෝ ප්‍රදේශවල තවමත් දක්නට ලැබේ.
මෙම පෝලිම් යුගය අවසන් කිරීමට රජය වහා මැදිහත් විය යුතු බව ජනතාව පවසති.
බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසන්නේ ප්‍රමාණවත් පරිදි ඩීසල්, පෙට්‍රල් සහ භූමිතෙල් රට තුළ ඇති අතර ඉදිරි දිනවල මේ පෝලිම් අවසන්වනු ඇති බවයි.