ඉන්ධන අර්බුදය ; ඔරුගොඩවත්තේ භූමිතෙල් පෝලිමේ උණුසුම් තත්වයක්

වීඩියෝ ශීර්ෂ වැකිය, ''මේ වගේ ආණ්ඩුවක් නම් ආපහු ලැබෙන්න එපා.''

ගෑස් සහ ඉන්ධන ලබා ගැනීම සඳහා ජනතාව අදත් පෝලිම්වල සිටිනු දක්නට ලැබුණි.

භූමිතෙල් ලබා ගැනීම සඳහා කොළඹ, ඔරුගොඩවත්තේ ඉන්ධන පිරවුම්හලක් ඉදිරිපිට බේස්ලයින් මාර්ගය ද අද පෙරවරුවේ අවහිර වූ අතර එහිදී උණුසුම් තත්වයක් ඇති විය.

ගෑස් පෝලිම් මෙන්ම ඩීසල්, පෙට්‍රල් සහ භූමිතෙල් පෝලිම් ද බොහෝ ප්‍රදේශවල තවමත් දක්නට ලැබේ.

මෙම පෝලිම් යුගය අවසන් කිරීමට රජය වහා මැදිහත් විය යුතු බව ජනතාව පවසති.

බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසන්නේ ප්‍රමාණවත් පරිදි ඩීසල්, පෙට්‍රල් සහ භූමිතෙල් රට තුළ ඇති අතර ඉදිරි දිනවල මේ පෝලිම් අවසන්වනු ඇති බවයි.