එක රටක් එක නීතියක් ; ''මුස්ලිම් නීති අහෝසි කරන්න එපා. සංශෝධනය කරන්න.''

වීඩියෝ ශීර්ෂ වැකිය, ''මුස්ලිම් නීති අහෝසි කරන්න එපා. සංශෝධනය කරන්න.''

මුස්ලිම් නීතිය අහෝසි නොකර සංශෝදනය කිරීමට පමණක් පියවර ගන්නැයි ඉල්ලමින් පිරිසක් කොළඹ නිදහස් චතුරශ්‍රය අසළ පසුගියදා විරෝධතාවයක් සිදු කළහ.

ඔවුන් පැවසුවේ සුළු පිරිසක් එක රටක් එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායෙන් මුස්ලිම් නීතිය අහෝසි කරන්නැයි ඉල්ලීම් කළ ද බහුතරය ඊට එකඟ නැති බවයි.

මේ අතර එක රටක් එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බීබීසිය සමග කළ සංවාදයකදී සඳහන් කළේ පවතින පුද්ගලික නීති රටට ගැලපෙන ලෙස සකස් කරගෙන නොමැති බවයි.