එක රටක් එක නීතියක් ; ''එන්න අපි කතා කරමු. හොඳ අදහස්වලට සවන් දෙන්න සූදානම්.'' බව ඥානසාර හිමි කියති
ජාතිය, ආගම සහ දේශපාලනය යන සිලල්ලට උඩින් රට අංක එකට තබාගත හැකි නම්, එවැනි රටක නීතිමය රාමුව ගැන ඇති අදහස් සාකච්ඡා කිරීමට සුදානම් බව 'එක් රටක් එක් නීතියක්' සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති.
දක්ෂයෝ නම් ජාතිය වැදගත් නොවන බව ද උන්වහන්සේ අවධාරණය කළහ. ඒ, මෙම කාර්ය සාධක බලකාය තුළ දමිළ නියෝජනයක් නොමැති බවට නැගෙන චෝදනා වලට පිළිතුරු දෙමිනි.
''සෑම නායකයෙකුම අසාර්ථක වුණා නෙමෙයි, අසාර්ථක කළා. නිලධාරීන් මේක කරන්නේ නෑ. දේශපාලනඥයන්ට බනිනවා ඇත්ත. හැබැයි පරිපාලන නිලධාරීන් 70%ක් නෙමෙයි, 80%ක් වගකියන්න ඕනා මේ ප්‍රශ්නයට.'' යනුවෙන් ඥානසාර හිමියෝ නොවැම්බර් 01 වැනිදා කොළඹ ජනාධිපති කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසුහ.