මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට එල්ලවූ ප්‍රහාරය ජනමාධ්‍යට කෙරෙන අනතුරු ඇඟවීමක් ද?

ඡායාරූප මූලාශ්‍රය, Chamuditha Samrawickrama
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට අද අළුයම එල්ල වූ මැර ප්‍රහාරය සම්බන්ධයනේ පොලිස් කණ්ඩායම් 03ක් විමර්ශන ආරම්භ කර ඇතැයි පොලීසිය කියයි. ප්‍රහාරය පිටුපස සිටින්නේ කව්දැයි යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මාධ්‍ය සංවිධාන රැසක් ප්‍රහාරය හෙලා දැක ඇත.
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ පිළියන්දල වෑවල කේම්බ්‍රිජ් කෝර්ට් නිවාස සංකීර්ණයේ නිවසට වෑන් රථයකින් මුහුණු ආවරණය කරගෙන පැමිණි නාදුනන පිරිසක් අද (14) අළුයම ගල් සහ අසූචි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පොලිසිය පැවසීය.
"මුහුණු ආවරණය කරගත් පිරිසක් ඇවිත් ගල්වලින් ගහලා ගෙදර විදුරු කඩලා තියෙනවා වෙච්ච හානිය දැන් උදේ තමයි හොදටම පෙන්නේ, මුට්ටිවලට අසූචි පුරවලා තමයි ගහලා තියෙන්නේ," යනුවෙන් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මාධ්‍ය වෙත පැවසිය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 1
නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරීයාට ගිනි අවි පෙන්වා තර්ජනය කර ඔහු ආරක්ෂක කුටියේ සිරකර මෙම ප්‍රහාරය එල්ල කර ඇතැයි පොලිසිය සඳහන් කළේය.
සිව්දෙනකුගෙන් යුත් කණ්ඩායමක් පැමිණ එක් අයකු ආරක්ෂක නිලධාරියා අසල රැඳී සිටියදී අනෙක් තිදෙනා නිවස ඉදිරිපිටට ගොස් ගල් සහ අසූචි ප්‍රහාරය එල්ල කර තිබේ.
ප්‍රහාරයෙන් චමුදිත සමරවික්‍රමගේ දෙමහල් නිවුස් වීදුරු ජනෙල්වලට අලාභ සිදු වී ඇති බවට පොලිසිය පවසයි.
කළු පැහැදි කබා වලින් සැරසී මුහුණු අවාරණය කර ගත් පුද්ගලයින් 03 දෙනෙකු නිවසට පහර දෙන අයුරු CCTV දර්ශන වල සඳහන් වෙයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පවසා සිටියේ, ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් තුනක් විමර්ශන සඳහා යොදවා ඇති බවයි.

ඡායාරූප මූලාශ්‍රය, Facebook/Manjula Basnayake
පිළියන්දල සහ කැස්බෑව පොලිස් ස්ථානවලට අමතරව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් එම විමර්ශන ආරම්භ කර ඇති බවට පොලිසිය පැවසීය.
අපරධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන්, ඇඟිලි සලකුණ විමර්ශන නිලධාරීන් යොදවා ඇති අතර, CCTV දර්ශන ඇතුළු විද්‍යාත්මක සාක්ෂි ඔස්සේ විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය පැවසීය.
සිද්ධියට සම්බන්ධ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට සියළු කටයුතු සිදුවෙමින් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
මේ අතර අමාත්‍ය සරත් වීරසේකරගේ පුත් සචිත්‍ර අධිෂ වීරසේකර තම මුහුණුපොතේ තැබූ සටහනකට සමාජ මාධ්‍යයේ විවිධ ප්‍රතිචාර දැකගත හැකි විය.

ඡායාරූප මූලාශ්‍රය, facebook/sachithra Weerasekara
බියගුලු ප්‍රහාරය හෙළා දකිමු!
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට එල්ල වූ මැර ප්‍රහාරය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පැවසීය.
එම සංගසය සඳහන් කළේ, "මෙචැනි ප්‍රහාර වල අරමුණ වනුයේ මෙරට මාධ්‍ය නිදහසට බරපතල තර්ජන එල්ල කරවා දූෂිතයින් හා වංචනික ක්‍රියාවල නිරත වන්නන් ආරක්ෂාවීම බව පැහැදිලිය. මෙරට මාධ්‍ය නිදහසට බරපතල තර්ජනයන් එල්ල වූ 'කළු ජනවාරිය' සිහිකොට මසක් ගත වන්නටත් මත්තෙන් මෙවැනි ප්‍රහාරයක් එල්ල වීම ජනමාධ්‍ය සමාජයට කෙරෙන අනතුරු ඇඟවීමක් ද විය හැකිය. එසේම මෙරට මාධ්‍ය සමාජයට එල්ල වූ දරුණු ප්‍රහාරයන්, ඝාතනයන් මෙන්ම අතුරුදහන් කරවීම් සම්බන්ධයෙන් තවමත් යුක්තිය ඉටු නොවී ඇති පරිසරයක මෙවැනි ප්‍රහාරයන් තුලින් නැවත සිහි ගන්වනුයේ ඒ අඳුරු අතීතයම විය හැකිය."
පසුගිය කාල පරිච්ඡේදය තුළ මාධ්‍යට එල්ල කල සියලු ආකාරයේ අපරාධයන්ට සම්බන්ධ පුද්ගලයන් නිදැල්ලේ සිටීමද මෙවැනි ප්‍රහාරයන්ට එක් අතකින් ආශිර්වාදයක් විය හැකි බව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සඳහන් කළේය.
එම සංගමය සඳහන් කළේ, මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට එල්ල වූ මැර ප්‍රහාරය සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණ පවත්වා අදාල අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකරවා ගැනීම වගකිව යුතු නීති අංශයන්ගේ ප්‍රමුඛතම කාර්‍යයක් විය යුතු බවයි.
"චමුදිත සමරවික්‍රමගේ මාධ්‍ය භාවිතාව පිළිබඳව යම් පාර්ශවයකට ප්‍රශ්නකාරී වන්නේ නම් එය මෙරට නීතියට අනුව අදාල අංශ වෙත පැමිණිලි කොට විසඳාගත යුතු තත්ත්වයකි."
එසේ නොකොට මාධ්‍ය නිදහසට බරපතල ප්‍රශ්ණකාරී තත්ත්වයන් ඇතිකරමින් සිදු කරනු ලබන මෙවැනි බියගුළු ප්‍රහාර දැඩි ලෙස හෙලා දකින අතර එවැනි තත්ත්වයන් වලක්වා ගැනීම සඳහා මෙරට සහ ජාත්‍යන්තරවද සිදුකළ හැකි මැදිහත්වීම් සඳහා යොමුවීමට පසුබට නොවන බව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අවධාරණය කළේය.
මේ අතර, චමුදිත සමරවික්‍රමගේ නිවසට ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 2
ඉන් පෙන්වා දී ඇත්තේ, "තමාට ජීවිත තර්ජනයක් ඇති බවත්, කිසියම් පිරිසක් තමා මරා දැමීමට උත්සාහ කරන බවත් මාධ්‍යවේදී හරීන්ද්‍ර ජයලාල් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සමරවික්‍රම මීට පෙර ප්‍රකාශ කර තිබුණු අතර ඒ ගැන විමර්ශනයක් කරන ලෙස අප සංගමය පොලිස්පතිවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කළ" බවයි.
"එවැනි ඉල්ලීමක් කරන්නේ ඇයිද යන්න ගැන පොලිසිය අප සංගමයෙන් ප්‍රකාශයක් සටහන් කර ගත්තද, පැමිණිල්ල සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග ගැන දැනුම්දීමක් කළේ නැතැයි" ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පැවසීය.
"මාධ්‍යවේදියකුට පමණක් නොව ඕනෑම පුරවැසියකුට භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය සහ ජීවත්වීමේ අයිතිය හිමිවන අතර එය සුරක්ෂිත කිරීම ආණ්ඩුවේ සහ පොලිසියේ වගකීමක්" බව ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ අදහසයි.
"එසේ හෙයින් නිවසට ප්‍රහාරයක් එල්ලවීම ගැන ඔහුගේ පැමිණිල්ල කඩිනමින් විමර්ශනය කරන ලෙසත්, ඔහුට යම් ජීවිත තර්ජනයක් ඇත්නම් ඔහුගේ ආරක්ෂාව තහවුරු කරන" ලෙසත් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන් සංගමය පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබේ.
විපක්ෂය ප්‍රහාරය හෙලා දකී
ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ, ඔහුගේ සමාජ මාධ්‍ය රූපවාහිනී වැඩසටහන් හේතුවෙන් ආණ්ඩුවට සම්බන්ධ දූෂිත දේශපාලකයින් මෙන්ම ඊට සම්බන්ධ කළු ව්‍යාපාරිකයින්ද විශාල ලෙස සමාජය හමුවේ නිරාවරණය වෙමින් තිබූ තත්ත්වයක් තුළ මෙම ප්‍රහාරය ඔහුගේ මාධ්‍ය භාවිතයේ ප්‍රතිඵලයක් ලෙස හා එම ක්‍රියාවලියට අදාළ බියගැන්වීමක් ලෙස සිදු කර ඇති බව පැහැදිලි බවයි.
විශේෂයෙන් අගනුවර ආශ්‍රිත ප්‍රදේශයක ආරක්ෂාවද සපයා තිබූ නිවාස සංකීර්ණයකට ආයුධ සන්නද්ධව ඇතුල් වී මෙවැනි ප්‍රහාරයක් එල්ල කර පලා යාමට හැකියාව ලැබී ඇත්තේ මේ පැමිණි කණ්ඩායම පිටුපස බලවත් සබඳතා සහිත පිරිස් සිටි නිසා බවට සැකයක් නැතැයි ජනතා විමුක්ති පෙරමුණ පෙන්වා දෙයි.
"විශේෂයෙන් ආරක්ෂක සේවා සපයන මුවාවෙන් ආණ්ඩුව විසින් සන්නද්ධ කණ්ඩායම් නඩත්තු කරමින් සිටින තත්ත්වයක් තුළ මෙවැනි සිදුවීම් අතිශය බරපතළය."
"මෙවැනි තත්ත්වයක් තුළ මෙම නින්දිත ප්‍රහාරයේ වගකීමෙන් නිදහස් වීමට කිසිසේත් ආණ්ඩුවට නොහැකි බව අවධාරණය කරන අපි, මෙම සිදුවීමට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ආණ්ඩුවට බල කර සිටින බව ජනතා විමුක්ති පෙරමුණ නිකුත් කළ නිවේදනයේ සඳහන් විය.
එහි දැක්වෙන්නේ, "මාධ්‍යවේදීන් බිය ගන්වා, තර්ජනය කර සත්‍යය යටපත් කරලීමෙන් තමන්ගේ බලය සදාකාලික කර ගැනීමට කිසිදු පාලකයෙකුට හැකි වූයේ නැත. ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන තර්ජනයට හා ප්‍රහාරයට ලක් වූ අවස්ථා ගණනාවක් අපි දැක ඇත්තෙමු. මෙවැනි බොහෝ සිදුවීම්වලට අදාළ ඍජු වරදකරුවන් හා පිටපස සිට ඔවුන් මෙහෙයවූවන් කිසිදා නීතිය හමුවට ඉදිරිපත් කරනු ලැබුවේද නැත. එහෙත් නීතිය ක්‍රියාත්මක නොවූ එම සිදුවීම් පිටුපස, පැවති පාලනයන්ගේ සබඳතා තිබූ බවට ජනතාව තුළ ඇත්තේ දැඩි විශ්වාසයකි."
එබැවින් පොලිස් පරීක්ෂණ නිසි පරිදි ක්‍රියාත්මක වීමට ඉඩ හරින ලෙසත් මෙම ප්‍රහාරයට සම්බන්ධ වූවන් සියලු දෙනා හඳුනාගෙන නීතිය ඉදිරියට පමුණුවන ලෙසත් ආණ්ඩුවට බලකර සිටින බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කළේය.
සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ෆෙස්බුක් සටහනක් තබමින් සඳහන් කළේ, මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට එල්ල වූ ප්‍රහාරය දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින බවයි.
"මාධ්‍යවේදීන්, සිවිල් හා සමාජ ක්‍රියාකාරිකයන්, මෙන්ම වෘත්තීය සමිති නායකයන් ඇතුළු බලපෑම් කණ්ඩායම් වෙත වෙත එල්ල වන මෙවැනි තර්ජන සහ බියගුළු ප්‍රහාර මගින් ජනතාව බිය වැද්දිය නොහැක."
පසුගිය දිනවල ජනාධිපතිවරයාට ඇතැමුන් පැවසු පරිදි මේ 'කෙවිට අතට ගැනීමක්' ද යන්න පිළිබඳව අපට බලවත් සැකයක් මතුව තිබෙන අතර මේ පිළිබඳ වහා නිසි පරීක්ෂණයක් පවත්වා සැකකරුවන් නීතිය හමුවට පමුණුවන ලෙස රජයට බල කරන බවද පාඨලී චම්පික රණවක අවධාරණය කළේය.
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට එල්ලවු ප්‍රහාරය හෙලා දකිමින්, විපක්ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසන්නේ, අදාල නින්දාසහගත මැර ප්‍රහාරය පිළිබඳව විනිවිද පෙනෙන, අපක්ෂපාතී , සාධාරණ පරීක්ෂණයක් පවත්වා ඊට සෘජුව සහ වක්‍රව සම්බන්ධ සියලු දෙනාට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව අවධාරණය කරන බවයි.
අදහස් දැරීමේ හා පළ කිරීමේ නිදහස පිළිබඳ අයිතිය හැමදෙනාම සතු අයිතියක් බව මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය මගින්ද, සිවිල් හා දේශපාලන හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය මගින්ද, මානව හිමිකම් පිළිබඳ යුරෝපා සම්මුතිය මගින් මෙන්ම අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් ද, ඉතා පැහැදිලිව පිළිගෙන තිබෙන අතර එය කුමන තත්වයක් යටතේ හෝ උල්ලංඝනය කළ නොහැකි අනුලංඝනීය අයිතියක් බවද විපක්ෂනායකවරයා අවධාරණය කළේය.
මාධ්‍ය නිදහස යනුවෙන් කිසියම් දෙයක් අදහස් කරන්නේ නම්, ඉන් අදහස් වන්නේ විවේචනය කිරීමට හා විරුද්ධ වීමට ඇති නිදහසයි."යනුවෙන් ජෝර්ජ් ඕවල් පවසා තිබේ.
රටක සිව්වන ආණ්ඩුව ලෙස සැලකෙන ජනමාධ්‍යට හෝ මාධ්‍යවේදීන්ට කිසිම විටෙක වාරණ නොපැනවිය යුතු බවත් එකම වාරණය "ස්වයංවාරණය" බවත් අපි දැඩිව විශ්වාස කරන බවත්, චමුදිත සමරවික්‍රම මාධ්‍යවේදියා අරභයා ද එය වලංගු වන අතර ඔහු වෙනුවෙන් මාධ්‍ය නිදහස උදෙසා අරගල කරන සියලුදෙනා සමග කොන්දේසි විරහිතව එකට සිටගන්නා බව විපක්ෂනායකවරයා අවධාරණය කළේය.













