මේ නත්තල් ගහ සාගරය ගැන කියා දෙන පාඩම ඔබ දන්නවාද ?

වීඩියෝ ශීර්ෂ වැකිය, මේ නත්තල් ගහ සාගරය ගැන කියා දෙන පාඩම ඔබ දන්නවාද ?

මේ අසිරිමත් නත්තල් සමයේදී සාමයේ පණිවුඩය මෙන්ම බොහෝ යහපත් සිතුවිලි සමාජ ගත කිරීමට ඇතැමුන් වෙහෙසෙති.

ශ්‍රී ලංකාව ප්ලාස්ටික් අපද්‍රව්‍ය මුහුදට එකතු වීම ඉතා ඉහළ මට්ටමක පවතින රටක් බැවින් ඉන් සිදුවන පරිසර හානිය ගැන ජනතාව දැනුවත් කිරීමට තරුණ පිරිසක් ක්‍රියා කර තිබේ.

ඔවුන් ඒ සඳහා කොළඹ, වැල්ලවත්ත දුම්රිය ස්ථානය අසල වෙරළේ ප්ලාස්ටික් බෝතල් වලින් නත්තල් ගසක් නිර්මාණය කර ඇත.

වෙරළට ගොඩ ගසන ලද ප්ලාස්ටික් බෝතල් ඒ සඳහා යොදාගෙන තිබේ.