සාගර දූෂණය: උස්වැටකෙයියාව වෙරළට යන අයට දකින්න ලැබෙන 'ඇතා'

වීඩියෝ ශීර්ෂ වැකිය, සාගර දුෂණය: උස්වැටකෙයියාව වෙරළට යන අයට දකින්න ලැබෙන 'ඇතා'

ශ්‍රී ලංකාවේ සිදුවන සාගර දූෂණය පිළිබඳව ජනතාවට අවබෝධයක් ලබා දීම සඳහා වත්තල, උස්වැටකෙයියාව වෙරළට එකතු වන කැලිකසල එකතු කර 'ඇතෙකු'ගේ ආකෘතියක් නිර්මාණය කිරීමට චිත්‍ර ශිල්පී ලලිත් සේනානායක ක්‍රියා කර තිබේ.

හැමිල්ටන් ඇළ ඔස්සේ දිනකට විශාල ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණයක් සාගරයට එක් රැස් වන බැවින්, ඒ පිළිබඳව විශේෂයෙන් දරුවන්ට අවබෝධයක් ලබා දීම අරමුණු කර ගනිමින් හානියේ විශාලත්වය පෙන්වීම සඳහා 'ඇතෙකු' නිර්මාණය කළ බව ලලිත් සේනානායක බීබීසී සිංහල සේවයට කියා සිටියේය.

අඩි 12ක් උස, අඩි 15ක් දිග එම 'ඇතා' නිර්මාණය කිරීමට ඇමරිකානු තානාපති කාර්යාලය සහ සර්වෝදය ඔහුට අනුග්‍රහය ලබා දී ඇත.

නිෂ්පාදනය/ පටිගත කිරීම/ සංස්කරණය: ෂර්ලි උපුල් කුමාර