ශ්‍රී ලංකාවේ ජාතික වනෝද්‍යාන තුළ ගව ගැටලුව විසඳීමට අකුල් හෙළන්නේ කවුද ?

වීඩියෝ ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකාවේ ජාතික වනෝද්‍යාන තුළ ගව ගැටලුව විසදීමට අකුල් හෙළන්නේ කවුද ?

ජාතික වනෝද්‍යාන තුළට නීති විරෝධී ලෙස ගවයන් ලක්ෂ එකහමාරකට වැඩි පිරිසක් ඇතුල් කර තිබීම නිසා වනඅලි ගැටලුව තවත් උග්‍ර වන අතර තවත් ගැටලු රැසක් නිර්මාණය වී ඇතැයි පරිසරවේදීහු පවසති.

එහෙත් එම අනවසර ගවයන් වනෝද්‍යාන තුළින් ඉවත් කිරීමට අදාළ නීති ක්‍රියාත්මක කිරීමට නොහැකි තත්ත්වයක් වනජීවී නිලධාරීන්ට උදා වී ඇත.

පරිසර නීතිඥ, ආචාර්ය ජගත් ගුණවර්ධන පවසන්නේ ගවයන් වනෝද්‍යාන තුළට ගාල් කිරීමට එහා ගිය සාධනීය පියවරක් අනුගමනය කළ යුතු බවය.

වනජීවින් ආරක්ෂා කිරීමට මෙන්ම ගව සම්පත රැක ගැනීමට ද රජයක් ලෙස ක්‍රියා කිරීමේ අභියෝගයට මුහුණ දෙන බව වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩ පිළිවෙල හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක බීබීසී සිංහල සේවයට කියා සිටියේය.

කියවන්න: