ශ්‍රී ලංකාවේ වනය හෙක්ටයාර ලක්ෂ 5ක් නිදහස් කිරීමේදී ''සඟවන කතාවක්''
'අවශේෂ වනාන්තර' ලෙස හඳුන්වන, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පවතින හෙක්ටයාර ලක්ෂ 5ක් පමණ දිසාපතිවරු හා ප්‍රාදේශීය ලේකම්වරු වෙත පැවරීමට මහ මැතිවරණයක් ආසන්නයේ කැබිනට් මණ්ඩලය හදිසි තීරණයක් ගැනීම ගැටලුසහගත බව පරිසරවේදීහු පවසති.
අදාළ ඉඩම් පැවරීමට සුදුසු ක්‍රමවේදයක් ඉදිරිපත් කරන ලෙස 2020.07.01 දා පැවති කැබිනට් මණ්ඩලයේදී පරිසර හා වනජීවී සම්පත් ඇමතිවරයාට දන්වා තිබිණි.
තවදුරටත් කැලෑ ලෙස පවත්වාගෙන යෑමට නුසුදුසු ඉඩම් ගොවීන්ට පැවරීමේ ක්‍රමවේදයක් දැනටමත් තිබියදී, ගොවි ජනතාවට සහන සැලසීම සඳහා බව පවසමින් 5/2001 චක්‍ර ලේඛය අවලංගු කිරීමට උත්සාහ කිරීම සැකයට තුඩුදෙන බව පරිසරවේදීන්ගේ අදහස වී ඇත.
මේ පිළිබඳව අදහස් දක්වන සම කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන සඳහන් කරන්නේ පවතින ක්‍රමවේදය තුළ දුප්පත් ගැමි ජනයා පීඩාවට පත්වීම වැලැක්වීම සඳහා රජය මේ තීරණය ගත් බවය.
මෙම තොරතුරු ද දැනගන්න:

