ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශ්‍රී ලංකාව ගැන එජා මානව හිමිකම් කොමසාරිස්ගේ කීවේ මොනවා ද? රජයේ ප්‍රතිචාරය කුමක් ද?
ශ්‍රී ලංකාව දැනට මුහුණ දී තිබෙන ආර්ථික, සාමාජීය හා පාලන අභියෝගවලට හේතුව ලෙස පෙන්නුම් කෙරෙන්නේ මූලික අයිතිවාසිකම්, සිවිල් අවකාශය, ප්‍රජාතන්ත්‍රවාදී ආයතන, සමාජ සමගිය සහ තිරසර සංවර්ධනය කෙරෙහි මිලිටරීකරණය, සහ වගවීම නොමැතිකම යන තත්ත්වයන්ගෙන් අඛණ්ඩව එල්ල කෙරෙන පීඩාකාරී බලපෑම බව යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය පවසයි.
ඊයේ (සැප්තැම්බර් 13) ස්විට්සර්ලන්තයේ ජිනිවාහී ඇරඹි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වැනි නිත්‍ය සැසිවාරයට සමගාමීව ප්‍රකාශයක් කරමින් මහ කොමසාරිස් මිෂෙල් බෂලේ එම කරුණු සඳහන් කළාය.
එහෙත්, ඊට ප්‍රතිචාර දක්වූ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම අද (සැප්. 14) පැවති කැබිනට් ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසුවේ කිසිදු ආකාරයක අනවශ්‍ය මැදිහත් වීමක් සන්නද්ධ හමුදා වෙතින් මේ මොහොතේ සිදුනොවන බවය.
අද (සැප්තැම්බර් 14 දා) පවතී කැබිනට් තීරණ දැනුම්දීමේ පුවත්පත් සාකච්චාවට සහබාගි වෙමින් අමාත්‍ය ඩලස් අලහපෙරුම එසේ පැවසුවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස් මිශෙල් බැෂලේගේ ප්‍රකාශයට රජයේ ස්ථාවරය හෙළිකරමිනි.
"පනතේ වගන්ති දෙකක් වෙනස කරලා ආහාර බෙදාහැරිම සම්බන්ධයෙන් ඊට අදාළව හමුදා පාර්ශවයෙන් සම්බන්ධ කරගෙන තියෙනවා. එන්නත්කරන ක්‍රියාවලියේදී ඔවුන්ගේ මැදිහත්වීම ධණාත්මකද සෘණාත්මකද? ආහාර බෙදා හරිම සම්බන්ධයෙනුත් එහෙමයි. ඒ නිසා අපි එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍යයක් නමුත් ප්‍රයෝගිකව රට තුළ සිද්ධවන දේ පිළිබඳව, එය දර්ශකයක් විදිහට පාවිච්චි කරලා මේ පිළිබඳව අපි තීන්දු ගමු ප්‍රකාශයට පත්කරමු. එවැනි දෙයක් මේ මොහොතේ සිදු නොවන බව අපි කාටත් පැහැදිලිව එකේ සාක්ෂිකරුවන් වෙන්න පුළුවන් කිසිම ආකාරයක අනවශ්‍ය මැදිහත් වීමක් සන්නද්ධ හමුදාවන් වෙතින් මේ මොහොතේ සිදුවෙන්නේ නෑ කියල කියන විශ්වාසය ප්‍රයෝගිකවම අපිට තියෙනවා," අමාත්‍ය ඩලස් අලහපෙරුම පැවසීය.
මහ කොමසාරිස් මිෂෙල් බෂලේ කළ ප්‍රකාශයේ අඩංගු ප්‍රධාන කරුණු හයක්:
හදිසි නිතිය පැනවීම
දැඩි ආර්ථික අවපාතය මධ්‍යයේ ආහාර සුරක්‍ෂිතතාව සහ මිල පාලනය සහතික කිරීමේ අරමුණින් අගෝස්තු 30 වන දින ශ්‍රී ලංකාවේ නව හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරුණු අතර එම හදිසි අවස්ථා රෙගුලාසි ඉතා පුළුල් වන අතර සිවිල් කටයුතු වලදී හමුදාවේ කාර්යභාරය තවදුරටත් පුළුල් කළ හැකිය.
ඇය පවසන්නේ රජය හදිසිනීතිය ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව තම කාර්යාලය හොඳින් නිරීක්ෂණය කරනු ඇති බවය.
මානව හිමිකම් ක්‍රියාකාරීන්ට හිරිහැර
"ඒ වගේම මම සඳහන් කරන්න ඕනේ ජනාධිපතිතුමා සහ සිවිල් සමාජ නායකයින් අතර සාකච්ඡාවක් පසුගියදා පැවැත්වුණා. සිවිල් සමාජයේ ක්‍රියාකාරීත්වය පුළුල් කරන්න ඒ වගේ හමුවීම් වැඩි කළ යුතුයි.
එහෙත් කණගාටුවට කරුණක් තිබෙනවා. මානව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින්නන්, මාධ්‍යවේදීන්ට හා අතුරුදන්වූවන්ගේ පවුල් පිළිබඳව තවදුරටත් සමීපව නිරීක්ෂණය කිරීම, බිය ගැනීවීම් හා අධීකරණ ක්‍රියාමාර්ග හරහා අපහසුතාවන්ට පත්කිරීම් සිදු වනවා. එපමණක් නොව මේ ක්‍රියාකාරකම් රජය විවේචනය කරන සිසුන්, විද්වතුන්, වෘත්තීයවේදීන්, වෛද්‍ය වෘත්තිකයින් සහ ආගමික නායකයින් දක්වා වර්ධනය වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ පැවති සමකාමී උද්ඝෝෂණ හා අනුස්මරණ උත්සවවලට එරෙහිව අධික ලෙස බලය භාවිත කිරීම, උද්ඝෝෂකයින් අත්අඩංගුවට ගැනීම හෝ ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීම සිදු වුණා."
"සිවිල් සමාජ ක්‍රියාකාරීන් පිළිබඳ නව රෙගුලාසි සම්පාදනය වෙමින් පවතින අතර මේ නිසාම ඔවුන්ගේ ක්‍රියාකාරකම් සහ ඔවුන්ගේ මූලික නිදහසට තවදුරටත් බාධා ඇති වෙයි කියන බියක් පවතිනවා. ඒ නිසා මම ඉල්ලා සිටිනවා අලුතින් නීති ගෙන ඒමට පෙර ජනතාව අතර පුළුල් කතිකාවතක් ගොඩනගන ලෙස."
අධිකරණයේ ස්වාධීනත්වය
මහ කොමසාරිස්වරිය තවදුරටත් පැවසුවේ සංකේතාත්මක මානව හිමිකම් නඩු ගණනාවක අධිකරණ ක්‍රියාවලීන්ගේ ක්‍රියාකාරිත්වය ගැන තමන් සැලකිලිමත් බවය.
"2008 සහ 2009 දී 11 දෙනෙකු බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමේ සිද්ධියේදී හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහි නඩු ඉවත්කරගැනීමට නීතිපතිවරයා ගත් තීරණය ද ඊට ඇතුළත් ය."
විවිධ පරීක්ෂණ පැවතුණද, 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත්වූවන් සහ ආගමික නායකයින් දිගින් දිගටම සත්‍යය සහ යුක්තිය ඉල්ලා සිටින අතර එම ප්‍රහාරයන්ට ඉඩ හැරීමට සිදුවූ තත්වයන් පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ලබා දෙන ලෙස දිගින් දිගටම ඉල්ලීම් කරගෙන යන බව ඇය පැවසීය.
2011 දී දේශපාලනඥයෙකු ඝාතනය කිරීමේ වරදට වරදකරු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපතිවරයා මෑතකදී සමාව දීම නීතිය හා අධිකරණය පිළිබඳ විශ්වාසය බිඳ වැටීමේ අවදානම ද ඇති කරන බවත් ඇය පැවසීය.
පොලිස් අත්අඩංගුවේදී මියයාම
"පොලිස් අත්අඩංගුවේදී තවදුරටත් මිය යාම සහ මත්ද්‍රව්‍ය අපරාධ කල්ලි සමඟ සිදු වූ පොලිස් ගැටුම් මෙන්ම නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් විසින් වධහිංසා පැමිණවීම සහ අයුතු ලෙස සැලකීම පිළිබඳ අඛණ්ඩ වාර්තා පිළිබඳව මම දැඩි කනස්සල්ලට පත්ව සිටිමි."
මාර්තු මාසයේදී, නව "අන්තගාමීත්වය වැළකීමේ (රැඩිකල්කරණ නතර කිරීමේ)" රෙගුලාසි නිකුත් කරන ලද අතර, නඩු විභාගයකින් තොරව අවුරුදු දෙකක් දක්වා පරිපාලනමය වශයෙන් අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීමට ඉඩ සලසයි. මෙම නියෝගය අභියෝගයට ලක් කිරීම සඳහා මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමේදී ශ්‍රේෂ්ඨාධිකරණය ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇති බව මම සටහන් කරමි. ත්‍රස්තවාදී කණ්ඩායම් සමඟ සබඳතා පැවැත්වූ බවට චෝදනා කෙරෙන දෙමළ සහ මුස්ලිම් කණ්ඩායම් සහ පුද්ගලයින් 300 කට වැඩි සංඛ්‍යාවක් රජය විසින් හදුනාගෙන හෝ ලැයිස්තුගත කර ඇති බවත් ඇයගේ දේශනයෙදී සඳහන් කෙරිණ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත
"ජුනි මාසයේදී ගැටලුකාරී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වරදකරුවන් වූ සහ දඬුවම් කාලය අවසන් වීමට ආසන්නව සිටි සිරකරුවන් 16 දෙනෙකුට සමාව දෙන ලදී. මෙම පනත යටතේ සිටින රැඳවියන්ට ඔවුන්ගේ නඩු නැවත සලකා බැලීම සඳහා ඉල්ලුම් කළ හැකි උපදේශක මණ්ඩලයක් පිහිටුවා ඇති අතර මෙම දීර්ඝ කාලීන නඩු සඳහා ඉක්මන් විසඳුමක් ලබා දෙන ලෙස මම ඉල්ලා සිටිමි."
එම පනත නැවත සලකා බැලීමේ අරමුණ රජය විසින් තහවුරු කර ඇති අතර ඒ සඳහා කැබිනට් අනු කමිටුවක් ද ස්ථාපනය කර ඇත. කෙසේ වෙතත්, මිනිසුන් අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම සඳහා මෙම පනත අඛණ්ඩව භාවිත කිරීම ගැන තමන් දැඩි කනස්සල්ලට පත්ව සිටින බව ඇය සඳහන් කළාය.
"නීතිඥ හිජාස් හිස්බුල්ලා, විශ්වසනීය සාක්ෂි අධිකරණය ඉදිරියේ ඉදිරිපත් කර නොමැතිව මෙම පනත යටතේ මාස 16 ක් මේ වන විට රඳවා ඇත. එසේම, ගුරුවරයෙකු හා කවියෙකු වන අහ්නාෆ් ජසීම් 2020 මැයි මාසයේ සිට කිසිදු චෝදනාවක් නොමැතිව රඳවා තබාගෙන ඇත. මෙම පනත භාවිත කිරීම වහාම අත්හිටුවන ලෙසත්, එහි සවිස්තරාත්මක සමාලෝචනයක් හෝ එය අවලංගු කිරීම සඳහා පැහැදිලි කාල රාමුවක් සකස් කරන ලෙසත් මම ඉල්ලා සිටිමි."
සංහිඳියා වැඩ සටහන
"වන්දි ගෙවීම සඳහා වූ ජාතික ප්‍රතිපත්තියක් අගෝස්තු මාසයේදී අනුමත කරන ලද අතර, වන්දි ගෙවීමේ හා සංහිඳියා වැඩ සටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කර ඇත. කිලිනොච්චියේදී හයවන ප්‍රාදේශීය කාර්යාලය විවෘත කිරීමත් සමඟ අතුරුදහන් වූවන්ගේ කාර්යාලය ද අඛණ්ඩව ක්‍රියාත්මක වී ඇතත් එය වින්දිතයින් අතර විශ්වාසයක් ඇති කළ යුතුය. විනිවිද පෙනෙන, වින්දිතයින් කේන්ද්‍ර කරගත් සහ ලිංගභේදය පිළිබඳ සංවේදී ප්‍රවේශයන්ගේ වැදගත්කම සහ වන්දි ගෙවීමේ වැඩසටහන් සඳහා පුළුල් සත්‍ය හා යුක්තිසහගත පියවර අවශ්‍ය බව මම නැවත අවධාරණය කරමි."
ඇය තවදුරටත් පැවසුවේ කොමිෂන් සභාවේ පත්වීම් ක්‍රියාවලිය සහ එහි මානව හිමිකම් වරම ක්‍රියාත්මක කිරීමේදී එහි ඵලදායීතාව පිළිබඳව එහි උත්සුකයන් දක්වමින් පැරිස් මූලධර්මයන්ට අනුකූලවීම තීරණය කිරීම සඳහා ජාතික මානව හිමිකම් කොමිසමේ විශේෂ සමාලෝචනයක් ආරම්භ කිරීමට ජාතික මානව හිමිකම් ආයතන ගෝලීය සන්ධානය පසුගිය මාසයේ තීරණය කළ බව ඇය සටහන් කරන බවය."මෙම පසුබිම යටතේ, ආරම්භක කණ්ඩායමක් බඳවා ගැනීම අපේක්ෂිතව 46/1 යෝජනාවේ වගවීම සම්බන්ධ අංශ ක්‍රියාත්මක කිරීමේ මගේ කාර්යාලයේ වැඩ කටයුතු ආරම්භ වී ඇත. එක්සත් ජාතීන් විසින් මේ වන විටත් එක් එක් අයිතම 120,000 කට ආසන්න ප්‍රමාණයක් සහිත තොරතුරු හා සාක්ෂි ගබඩාවක් අප සකස් කර ඇති අතර, මේ වසරේදී හැකිතාක් දුරට තොරතුරු රැස් කිරීම අපි ආරම්භ කරමු. සාමාජිකයින්ගෙන් මම ඉල්ලා සිටින්නේ මුල්‍ය ක්‍රියාවලිය මඟින් අවශ්‍ය සහයෝගය ලබා දෙන බවට සහතික වන ලෙසත් එමඟින් මගේ කාර්යාලය මෙම කාර්යය සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බවත්ය.""ශ්‍රී ලංකාවේ සිදුවීම් කෙරෙහි දැඩි අවධානය යොමු කරන ලෙසත්, සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ඉදිරියට ගෙන යාමේදී විශ්වසනීය ප්‍රගතියක් ලබා ගන්නා ලෙසත් මම කවුන්සිලයේ සාමාජිකයින්ට දිරිමත් කරමි," යනුවෙන් ඇය වැඩිදුරත් පැවසීය.
විදේශ අමාත්‍යවරයාගේ ප්‍රකාශය
මහ කොමසාරිස්වරිය ඉදිරිපත් කළ කරුණුවලට අදාළ සවිස්තර ප්‍රකාශයක් විදේශ අමාත්‍ය ජී එල් පීරිස් විසින් ජිනීවා හිදී ඉදිරිපත් කරනු ලැබීය. "අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ අප විසින් ස්වේච්ඡාවෙන් භාර ගන්නා ලද ජාත්‍යන්තර බැඳීම්වලට අනුකූලව, මෙම කවුන්සිලය සහ එක්සත් ජාතීන් විසින් නියම කරන ලද මානව හිමිකම් පද්ධතිය සමඟ අපගේ ශක්තිමත් හා අඛණ්ඩ සහයෝගීතාව පිළිබඳව අවධාරණය කරමින් මම ආරම්භ කරමි."
ශ්‍රී ලංකා රජය "දේශීය ක්‍රියාවලීන් මඟින් අදාළ කරණා පිළිබඳව ශක්තිමත් ලෙස කටයුතු කරන අතර. 46/1 යෝජනාව මඟින් පිහිටුවන ලදැයි කියනු ලබන බාහිර ක්‍රියාමාර්ග සඳහා වන යෝජනාව අපි ප්‍රතික්ෂේප කරමු." යැයි ඔහු සඳහන් කළේය.
"වර්තමාන කොවිඩ්-19 වසංගතයේ දැඩි අභියෝග යටතේ, ප්‍රජාවගේ ජීවිතය සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ අඛණ්ඩව සැපයීම සහතික කිරීම රජයක මූලික යුතුකමක් ලෙස අපි සලකමු. අපි අපගේ අභියෝග විවෘතව පිළිගන්නා අතර, වගකිව යුතු ප්‍රජාතන්ත්‍රවාදී රජයක් ලෙස වගවීම, සංහිඳියාව, මනාව් හිමිකම්, සාමය, සහ තිරසාර සංවර්ධනය යන කරුණු සම්බන්ධ සමස්ත පරාසයකම ස්පෘශ්‍ය ප්‍රගතියක් ලබාගැනීම සඳහා අපි කැපවී සිටින්නෙමු." යනුවෙන් අමාත්‍යවරයා පැවසීය.
මේ ගැනත් කියවන්න: