ශ්‍රී ලංකාව: අයියාගේ මග පෙන්වීම නිසා චෙස් ක්‍රීඩාවෙන් ලෝකය දිනූ නැගණිය

වීඩියෝ ශීර්ෂ වැකිය, අයියාගේ මග පෙන්වීම නිසා චෙස් ක්‍රීඩාවෙන් ලෝකය දිනූ නැගණිය

මෙනුරි සචින්තා කොඩිකාර ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ රන් පදක්කම් දිනූ චෙස් ක්‍රීඩිකාවකි.

2016 වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති Western Asia Youth චෙස් තරගාවලියේදී Standard, Rapid සහ Blitz යන තරග අංශ තුනෙන්ම ඇය රන් පදක්කම් දිනා ගත්තාය.

"ඒක ලංකාවේ වාර්තාවක්. එම ජයග්‍රහණයෙන් පසුව මට ලෝක චෙස් සම්මේලනයෙන් Women FIDE master කියන සන්නාමය ලැබුණා. මම තමයි ලංකාවේ ඉන්න ලාබාලම Women FIDE master. ආර්ථික ගැටලු නිසා මට බොහෝ ජාත්‍යන්තර තරග අහිමි වුණා. මම වගේ දක්ෂ, දුප්පත් දරුවන්ට එහෙම වෙන්න ඉඩ තියන්න එපා," යනුවෙන් ඇය බීබීසී සිංහල සේවය සමග කළ සංවාදයකදී පැවසුවාය.

වයස අවුරුදු හතේදී සිය සහෝදරයාගෙන් චෙස් ක්‍රීඩාව ගැන පළමු පාඩම ඉගෙන ගත් බව ඇය පවසන්නීය.

නිෂ්පාදනය / කැමරාකරණය / සංස්කරණය

ෂර්ලි උපුල් කුමාර

මේ ගැනත් කියවන්න: