ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කොවිඩ්-19: ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගීන්ගේ සීග්‍ර වැඩි වීම හා තවත් කරුණු ගැන ප්‍රස්තාර පහක්
අඟහරුවාදා (මැයි 04) දිනත් ඇතුළත්ව නොනවත්වා 07 වෙනි දිනටත් 1,000 ඉක්මවා ශ්‍රී ලංකාවෙන් කොරෝනා වෛරස් රෝගීන් වාර්තා වී තිබේ.
මේ දක්වා ශ්‍රී ලංකාවෙන් තහවුරු වී ඇති මුළු රෝගීන් සංඛ්‍යාව 113,676 කි.
පහත දැක්වෙන්නේ පසුගිය දින 10 තුළ ශ්‍රී ලංකාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ ප්‍රස්ථාර පහකි.
දෛනික රෝගීන්
පසුගිය අප්‍රේල් 19 වෙනිදාන් පසු ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන්ගේ වර්ධනයක් දක්නට ලැබුණු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පැවසීය.
එම තත්ත්වය හමුවේ අලුතෙන් කොරෝනා මර්දන මාර්ගෝපදේශ නිකුත් කිරීමට සෞඛ්‍ය බලධාරීහු සෙනසුරාදා (මැයි 01) කටයුතු කළහ.
මරණ
පසුගිය දින 10 තුළ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වූයේ මැයි 04 වෙනිදාය.
කොරෝනා වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකාවේ මරණයට පත් මුළු සංඛ්‍යාව 709 කි.
PCR පරීක්ෂණ
ශ්‍රී ලංකාව තුළ ප්‍රමාණවත් අයුරින් PCR පරීක්ෂණ සිදු නොකරන බවට සෞඛ්‍ය සේවයේ ඇතැම් පාර්ශව චෝදනා කරති.
පසුගිය දින 10 තුළ වැඩි වශයෙන්ම PCR පරීක්ෂණ සිදු කර ඇත්තේ අප්‍රේල් 30 වෙනිදාය. ඉන් අනතුරුව යළි එම පරීක්ෂණවල යම් කිසි පහළ යාමක් දක්නට ලැබේ.
වයස් කාණ්ඩ අනුව මරණ
සෞඛ්‍ය අමාත්‍යංශයේ දත්ත අනුව කොවිඩ්19 හේතුවෙන් වැඩි වශයෙන්ම මරණයට පත්ව ඇත්තේ වයස් අවුරුදු 61-75 අතර වයසේ පුද්ගලයන්ය.
එය ප්‍රතිශතයක් වශයෙන් 41.47% කි.
සුවය ලැබූවෝ
ශ්‍රී ලංකාව තුළ යළි කොරෝනා වෛරස් රෝගීන්ගේ සීග්‍ර වර්ධනයක් පෙන්නුම් කිරීමත් සමග රෝහල් තුළ දැඩි සත්කාර ඇඳන් උපරිමයකට ළඟා වූ බව සෞඛ්‍ය බලධාරීහු පවසති.
කෙසේ නමුත් අප්‍රේල් 19 වෙනිදා සිට රෝගීන්ගේ වර්ධනයක් ඇතත් ඔවුන් සුවය ලැබීමට සති දෙකක පමණ කාලයක් ගත වන බැවින් මැයි මස මුල් සතියේ ඔවුන් වැඩි දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යනු ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පසුගිය සෙනසුරාදා පැවසීය.
මේ ගැනත් කියවන්න: