මහ මැතිවරණය: "පොහොට්ටුව තුනෙන් දෙක ඉල්ලන හේතුව මැතිවරණයට පෙර කියන්න" - ජාතික ජන බලවේගය

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජනතාවගෙන් තුනෙන් දෙකක බලයක් අපේක්ෂා කරන්නේ ව්‍යවස්ථාවේ කිනම් වෙනස්කම් සිදු කිරීමට දැයි අගෝස්තු 05 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට පෙර රටට හෙළි කළ යුතු බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

ඔවුන් තුනෙන් දෙකක බලයක් ලබා ගෙන සිදුකිරීමට අපේක්ෂා කරන වෙනස්කම් පිළිබඳ අනුර කුමාර දිසානායක බීබීසී සිංහල සේවය සමග කළ සාකච්ඡාවකදී පුරෝකථනය කළේය.

තමාගේ පුරෝකථනය වැරදි බව එම පාර්ශවය පවසන්නේ නම් එය ඉල්ලා අස්කර ගැනීමට තමා සුදානම් බව ද ඔහු පැවසීය.

මෙම තොරතුරු ද දැනගන්න: