බොරිස් ජොන්සන්: "ජනතාව තැබූ විශ්වාසය රකිනවා"

බොරිස් ජොන්සන්

ඡායාරූප මූලාශ්‍රය, Reuters

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ 'බ්‍රෙක්සිට්' ක්‍රියාදාමය සම්පූර්ණ කිරීමට තමන්ට "ඓතිහාසික" මැතිවරණ ජයග්‍රහණයක් ලබා දුන් ජනතාව තමන් කෙරෙහි තැබූ විශ්වාසයට කළගුණ සලකන බවට බොරිස් ජොන්සන් ප්‍රතිඥා දුන්නේය.

සිය ජයග්‍රහණයෙන් අනතුරුව නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවසර පැතීම පිණිස බොරිස් ජොන්සන් බ්‍රිතාන්‍යයේ එලිසබත් රැජිණ හමුවිය.

ආසන 650න් 649 ක ප්‍රතිඵල මේ වනවිට නිකුත්කර තිබෙන අතර කොන්සර්වේටිව් පක්ෂයට ආසන 78 ක බහුතර බලයක් ලැබී තිබේ.

"ජනතාවගේ ආණ්ඩුවක්" පිහිටුවමින් දිවා, රෑ නොබලා වෙහෙස වී වැඩ කරන බවට ජයග්‍රහණයෙන් අනතුරුව ජනතාව අමතමින් ඔහු කියා සිටියේය.

මෙම ප්‍රතිඵලය තුළින් බ්‍රිතාන්‍යය ලබන මාසයේදී යුරෝපා සංගමයෙන් ඉවත් කර ගැනීම සඳහා තමන්ට ජන වරමක් හිමි වන බව ද ඔහු පැවසීය.

1987 දී අගමැතිනි මාග්‍රට් තැචර් තුන්වෙනි වරටත් ජයග්‍රහණය කළ අවස්ථාවෙන් අනතුරුව කොන්සර්වෙටිව් පක්ෂය මෙතරම් බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගත් ප්‍රථම වතාව මෙය වේ.

"නව උදාවක්"

සිය ජයග්‍රහණයෙන් අනතුරුව ආධාරකරුවන් අමතමින් බොරිස් ජොන්සන් එය විග්‍රහ කළේ "නව උදාවක්" ලෙසිනි. 1997 දී මහ මැතිවරණය ජයග්‍රහණය කළ අවස්ථාවේ ටෝනි බ්ලෙයාර් ද සිය ජයග්‍රහණය විස්තර කළේ එලෙසය.

පළමු වතාවට සිය පක්ෂය වෙනුවෙන් ඡන්දය භාවිත කළ බව පැවසූ ලේබර් පාක්ෂික ඡන්දදායකයන්ට ද ඔහු සිය ස්තුතිය පුද කළේය.

"ලබන වතාවේ ඔබ යළිත් ලේබර් පක්ෂය වෙත යාමට අපේක්ෂා කරනවා විය හැකියි," ඔහු පැවසීය. "එසේ වුවත්, ඔබ මා කෙරෙහි එවැනි විශ්වාසයක් තැබීම ගැන මා නිහතමානීව ආඩම්බර වෙනවා."

ඒ විශ්වාසය බිඳ නොදමමින්, ජනවාරි 31 වෙනි දින වනවිට බ්‍රිතාන්‍යය අනිවාර්යයෙන්ම යුරෝපා සංගමයෙන් ඉවත්වන බවට බොරිස් ජොන්සන් ප්‍රතිඥා දුන්නේය.

මහ මැතිවරණ ප්‍රතිඵලය

පක්ෂ ලබාගත් ආසන සංඛ්‍යාව

ප්‍රධාන විපක්ෂය වන ලේබර් පක්ෂයට බරපතල පරාජයක් අත්වීමෙන් අනතුරුව ප්‍රකාශයක් කළ විපක්ෂනායක ජෙරමි කෝබින් කියා සිටියේ, යළිත් වරක් මැතිවරණයක් සඳහා පක්ෂයට නායකත්වය නොදෙන බවය.

  • කොන්සර්වේටිව් පක්ෂය - ආසන 364
  • ලේබර් පක්ෂය - ආසන 203
  • ස්කොට්ලන්ත ජාතික පක්ෂය - ආසන 48
  • ලිබරල් ඩිමොක්‍රට් පක්ෂය - ආසන 11
  • ඩිමොක්‍රටික් යූනියනිස්ට් පක්ෂය - ආසන 8
  • ෂින් ෆේන් - ආසන 7
  • ප්ලයිඩ් කම්රි - ආසන 4
  • සෝෂල් ඩිමොක්‍රටික් සහ ලේබර් පක්ෂය - ආසන 2
  • හරිත පක්ෂය - ආසන 1
  • අලයන්ස් පක්ෂය - ආසන 1

පසුගිය දා පැවති යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණයේ දී ප්‍රබල ජයග්‍රහණයක් අත්පත් කරගත් බ්‍රෙක්සිට් පක්ෂය එක් පාර්ලිමේන්තු ආසනයක් හෝ දිනාගැනීමට සමත් වී නැත.

වැඩි ඡන්ද 149 කින් සිය ආසනය ද පරාජයට පත්වීමෙන් අනතුරුව ලිබරල් ඩිමොක්‍රට් පක්ෂයේ නායිකා ජෝ ස්වින්සන්ට පක්ෂ නායකත්වයෙන් ද ඉවත්වීමට සිදු විය.

පරාජයට පත්වීමත් සමඟ පක්ෂ නායකත්වයෙන් ද ඉවත්වීමට ලිබරල් ඩිමොක්‍රට් පක්ෂයේ නායිකා ජෝ ස්වින්සන්ට සිදු වී තිබේ

ඡායාරූප මූලාශ්‍රය, PA Media

ඡායාරූප ශීර්ෂ වැකිය, පරාජයට පත්වීමත් සමඟ පක්ෂ නායකත්වයෙන් ද ඉවත්වීමට ලිබරල් ඩිමොක්‍රට් පක්ෂයේ නායිකා ජෝ ස්වින්සන්ට සිදු වී තිබේ

ශ්‍රී ලංකාවෙන් සුභපැතුම්

කොන්සර්වේටිව් පක්ෂයේ ජයග්‍රහණය ගැන ශ්‍රී ලංකාවේ දේශපාලන නායකයන් ද බොරිස් ජොන්සන්ට සුභ පැතුම් පිරිනැමූහ.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අගමැති මහින්ද රාජපක්ෂ පවසා තිබුණේ, මේ ජයග්‍රහණය බොරිස් ජොන්සන්ගේ "තීරණාත්මක නායකත්වයේ" ප්‍රතිඵලයක්ය යන්න තමන්ට නිසැක බවය.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 1

කොන්සර්වේටිව් පක්ෂයේ සිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ අඛණ්ඩභාවය මේ ජයග්‍රහණයට හේතු වී ඇති බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සඳහන් කර තිබුණි.

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 2

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත රනිල් ජයවර්ධන ද යළිත් වතාවක් පාලක කොන්සර්වේටිව් පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වී සිටී.

Skip X post, 3
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 3

කියවන්න: