ශ්‍රී ලංකාවේ දෙමළ මුස්ලිම් ඡන්ද: නව ජනපති ගෝඨාභය රාජපක්ෂට කළ හැක්කේ කුමක් ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
2019 ජනාධිපතිවරණ ප්‍රතිඵල විශ්ලේෂණය කිරීමේදී බැලූ බැල්මට පෙනී යන කරුණක් වන්නේ, ප්‍රධාන අපේක්ෂකයින් වූ ගෝඨාභය රාජපක්ෂට සුළු ජන කොටස්වලට අයත් බහුතර ජනතාවගේ විශ්වාසයත්, සජිත් ප්‍රේමදාසට බහුතර සිංහල ජනතාවගේ විශ්වාසයත් දිනා ගැනීමට නොහැකි වී ඇති බවය.
මැතිවරණ දිස්ත්‍රික්ක 22න් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාසට ජයග්‍රහණය හිමි වූයේ, දිස්ත්‍රික්ක 6ක පමණි. ඒ, යාපනය, මඩකලපුව, වන්නි, ත්‍රිකුණාමලය, නුවරඑළිය සහ දිගාමඩුල්ල යන දිස්ත්‍රික්ක වේ. එම දිස්ත්‍රික්කවල සජිත් ප්‍රේමදාසට අතිශයින් ඉහළ ඡන්ද ප්‍රතිශතයක් හිමි වී තිබිණි.
මෙම දිස්ත්‍රික්ක සියල්ල දෙමළ සහ මුස්ලිම් ජනතාව බහුලව වෙසෙන දිස්ත්‍රික්ක වීම විශේෂත්වයකි. සිංහල ජනතාව වැඩි වශයෙන් වෙසෙන සෙසු දිස්ත්‍රික්ක 16 විශ්ලේෂණය කිරීමේදී පෙනී යන්නේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට ඉතා ඉහළ ඡන්ද ප්‍රතිශතයක් ලැබී තිබූ බවකි.
මෙම තත්ත්වය පහත දැක්වෙන ප්‍රස්ථාරයෙන් මනාව පැහැදිලි වනු ඇත.

මෙම තත්ත්වය නිර්මාණය වීමට බලපෑ ප්‍රධාන සාධකය මෙවර ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ ප්‍රධාන මාතෘකාව බවට 'ජාතික ආරක්ෂාව' පත් වීම බව ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලයේ විශ්ලේෂක ආචාර්ය ජෙහාන් පෙරේරා පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, Jehan Perera/Twitter
"ගෝඨාභය රාජපක්ෂගේ ඡන්ද ව්‍යාපාරයේදී ප්‍රධාන වුණේ ජාතික ආරක්ෂාව. ජාතික ආරක්ෂාව කියන සංකල්පය ශ්‍රී ලංකාවේ සුළුතර ජන කොටස්වලට යම් බියක් ජනිත කළා. ඒකට හේතුව තමයි, රටේ ආරක්ෂාවට තර්ජනයක් වුණේ ඔවුන් බවට යම් මතයක් සමාජගත වෙලා තිබුණ එක. විශේෂයෙන් මුස්ලිම් ජනතාවට 2015ට පෙර කාලය ගැන නරක මතකයන් තිබුණා. ඒ කාලේ ඔවුන්ට එරෙහිව යම් ක්‍රියාවන් සිදුවුණා. මං හිතනවා ඒ තත්ත්වය අනාගතයේදී වෙනස් වෙයි කියලා," ඔහු පවසා තිබිණි.
කෙසේ වෙතත්, ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කිරීමත් සමග සුළු ජන කොටස් ඡන්දය භාවිත කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල විවිධ අදහස් පළ කර තිබිණි. ඇතැමෙකු සුළු ජන කොටස් විවේචනය කර තිබූ අතර තවත් පිරිසක් ඔවුන් විවේචනය කිරීම සාධාරණ නොවන බවට මත පළ කර තිබිණි.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 1
මෙහි අන්තර්ගතය නැත
වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.End of Facebook post
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 2

End of X post, 3

ඡායාරූප මූලාශ්‍රය, facebook
මේ අතර, තවත් පිරිස් පෙන්වා දෙන්නේ, ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව ඡන්දය භාවිත කළ සිංහල පුරවැසියන් මෙන් ම ඔහු වෙනුවෙන් ඡන්දය භාවිත කළ සුළු ජාතික පුරවැසියන් පිරිසක් ද සිටින බව අමතක නොකළ යුතු බවය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 4

End of X post, 5
මේ අතර, දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක එම් ඒ සුමන්දිරන් මාධ්‍ය වෙත අදහස් පළ කරමින් පැවසුවේ, "එතුමාට දකුණේ සිංහල ලැබුණත් දෙමළ භාෂාව කතා කරන ජනතාවගේ ඡන්දය උතුර හා නැගෙනහිරින් එතුමාට දීලා නෑ. ඒ නිසා මේ රට එකතු කරල එක්සත්ව ඉදිරියට ගෙනියන්න ඕන නම් ඒ ප්‍රදේශවල ජීවත් වන දෙමළ කතා කරන ජනතාවගේ නියෝජිතයිනුත් එක්ක සාකච්ඡා කරල ඒ ප්‍රශ්න ටිකත් විසදල ඉදිරියට යන්න ඕන කියලා අපි එතුමාට ආරාධනා කරනවා," යනුවෙනි.
මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් ගෝඨාභය රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවේ, "ගෝඨාභය රාජපක්ෂ මීට පෙර පැවසූ ආකාරයට ම කිසිදු ජන කොටසකට අසාධාරණයක් නොවන පරිදි කටයුතු කරනු ඇති," බවය.
"සිංහල ජනතාවගේ ඡන්දවලින් ජයගන්න පුළුවන් බව දැනගෙන හිටියා"
ශ්‍රී ලංකාවේ 7 වන විධායක ජනාධිපතිවරයා වශයෙන් රුවන්වැලි සෑය අබියසදී සදුදා (නොවැ: 18) දිවුරුම් දුන් ගෝඨාභය රාජපක්ෂ ජනතාව අමතමින් ප්‍රකාශ කළේ, "සිංහල ජනතාවගේ සහයෙන් පමණක් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ හැකිව තිබුණු බව," තමන් දැන සිටි බවය.
"මේ ජයග්‍රහණයේ ප්‍රධාන සාධකය වන්නේ මේ රටේ බහුතර සිංහල ජනතාව බව අප මුල සිට ම දැන සිටියා. සිංහල ජනතාවගේ සහයෙන් පමණක් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ හැකිව තිබුණු බව මා දැන සිටියත්, මා දමිළ හා මුස්ලිම් ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කළා, ඔබත් ඒ ජයග්‍රහණයේ කොටස්කරුවන් වන්නට කියා. එයට ලැබුණු ප්‍රතිචාරය නම් මා අපේක්ෂා කළ මට්ටමට තිබුණේ නැහැ. එහෙත්, මා ඔබේ නව ජනාධිපතිවරයා වශයෙන් යළිත් ඉල්ලා සිටින්නේ, මේ රටේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් සැබෑ ශ්‍රී ලාංකිකයන් ලෙස එකට මා සමග එක් වන ලෙසයි."
ඔහු එහිදී වැඩිදුරටත් සදහන් කළේ, "සියලු ම ජාතිකයන්ට සියලු ම ආගමිකයන්ට ක්ෂේම භූමියක් වූ පාලන තන්ත්‍රයක්," ස්ථාපනය කරන බවය.
නොවැම්බර් 17 වන දා ජාතික මැතිවරණ කොමිෂන් සභාවේදී පැවති මාධ්‍ය හමුවේදී ගෝඨාභය රාජපක්ෂ පැවසුවේ, තමන්ට "ඡන්දය දුන්නු අය පමණක් නොව මට විරුද්ධව ඡන්දය පාවිච්චි කරපු සියලු ම රට වැසියන්ගේ ජනාධිපතිවරයා," වශයෙන් "ආගමක්, ජාතියක් ගැන නොතකා ශ්‍රී ලාංකිකයන් වශයෙන් සෑම ශ්‍රී ලාංකිකයෙකුට ම සේවය කිරීම මා බැදී සිටින," බවය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
"අවාසනාවන්ත තත්ත්වයක්"
ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික සාධකයක් වන ඡන්ද විමසීමකදී ජනතාව භාවිත කළ ඡන්දය සම්බන්ධයෙන් විවේචන පළ වීම "අවාසනාවන්ත තත්ත්වයක්" බව ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ තිරසර සංවර්ධනය පිළිබද අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, WWW.CMB.AC.LK
බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් ඇය ප්‍රකාශ කළේ, ඕනෑ ම ජන කොටසකට අයත් ඡන්ද දායකයින්ට තමන් කැමති ඕනෑ ම අපේක්ෂකයෙකුට ඡන්දය භාවිත කිරීමට ප්‍රජාතන්ත්‍රවාදී නිදහසක් ඇති බවය.
"සුළු ජන කොටස් ඡන්දය පාවිච්චි කළ ආකාරය සම්බන්ධයෙන් විවේචන පළ කිරීම ඉතා අවාසනාවන්ත තත්ත්වයක්. මේ ඇති වෙමින් තියෙන වාතාවරණය තුළ අනාගත වැඩපිළිවෙළ ගැන ලොකු විශ්වාසයක් තියා ගන්න පුළුවන්කමක් නෑ."
"ඇතැමුන් මේ ජයග්‍රහණය භුක්ති විඳින ආකාරයත්, ජයග්‍රහණය අර්ථකථනය කරන ආකාරයත් නිසා ගොඩක් හානි සිද්ධ වෙන්න පුළුවන්. එහෙම වුණොත් එයින් භයානක තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. අලුත් ජනාධිපතිවරයා තේරුම් ගත යුතුයි එයා රටේ ම ජනාධිපති කියලා. ඔහු ඒක තේරුම් ගනියි කියලා අපි හිතනවා."

තවදුරටත් කියවන්න.