ජනාධිපතිවරණය: අවසන් ප්‍රතිඵලය
ජනාධිපතිවරණය: අවසන් ප්‍රතිඵලය
----------------------------------------------------------------------------------

ඡායාරූප මූලාශ්‍රය, News.lk
දිවුරුම් දීම හෙට
ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපතිවරයා ලෙසින් තේරී පත් වී සිටින ගෝඨාභය රාජපක්ෂ සඳුදා (නොවැම්බර් 18) අනුරාධපුරයේදී නව පදවියේ දිවුරුම්දීමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කරයි.
ප්‍රතිඥාවක්
ජනතාව තමා වෙත තැබූ විශ්වාසය ඒ අන්දමින්ම සුරකින්නේ යයි පොරොන්දු වන බව ශ්‍රී ලංකාවේ 07 වන ජනාධිපති වශයෙන් තේරී පත් වූ ගෝඨාභය රාජපක්ෂ පවසයි.
ඔහු ඒ බව කියා සිටියේ සිය ජයග්‍රහණය ප්‍රකාශයට පත්වීමෙන් අනතුරුව මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ දී අදහස් දක්වමිනි.
මැතිවරණ කොමිසමේ සභාපති වරයා විසින් සිය කතාවේ දී ඉල්ලා සිටි පරිදි "අතුරුදහන් කරන ලද පළාත් සභා මැතිවරණය" නියමිත පරිදි පැවැත්වීමට පියවර ගන්නා බව ද ගෝඨාභය රාජපක්ෂ සඳහන් කළේය.
ප්‍රීති ඝෝෂා
නව ජනපති ලෙසින් තේරී පත් වී සිටින ගෝඨාභය රාජපක්ෂ මැතිවරණ කොමිසම් භූමියෙන් පිටව ගිය අවස්ථාවේ ඒ අවට රැස්ව සිටි ආධාරකරුවෝ ප්‍රීති ඝෝෂා නැගූහ.
මෙහි අන්තර්ගතය නැත
වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.End of Facebook post, 1
ජනපති මෛත්‍රිගෙන් සුභ පැතුම්
ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපතිවරයා වශයෙන් තේරී පත් වී සිටින ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සුබ පැතුම් එක් කරමින් ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබේ.
"ජනාධිපති ධුරයට තේරී පත් වූ ගෝඨාභය රාජපක්ෂගේ ඓතිහාසික ජයග්‍රහණය වෙනුවෙන් මාගේ හෘදයාංගම ශුභාශිංසන!" යනුවෙන් ජනාධිපතිවරයාගේ ට්විටර් පණිවිඩයේ දැක්වේ.

ඡායාරූප මූලාශ්‍රය, Twitter
සෙනසුරාදා පැවති ජනාධිපතිවරණයේ අවසාන ප්‍රතිඵලය ඉරිදා (නොවැම්බර් 17) සවස 3:30 ට පමණ මැතිවරණ කොමිසම නිවේදනය කළේය.
ඒ අනුව ප්‍රකාශිත ඡන්දවලින් 52.2% ක් ලබාගෙන පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවේ හත්වෙනි විධායක ජනාධිපතිවරයා ලෙසින් තේරී පත් වී තිබේ.
ඔහු සිය ප්‍රධාන ප්‍රතිවාදියා වූ අමාත්‍ය සජිත් ප්‍රේමදාසට වඩා ලක්ෂ 13 කට ආසන්න වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන තිබේ.
අමාත්‍ය සජිත් ප්‍රේමදාස ඊට ඉහතදී සිය පරාජය පිළිගත්තේය.
ඉන් අනතුරුව සිය අමාත්‍ය පදවිවලින් ඉල්ලා අස්වන බව මංගල සමරවීර සහ හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරුන් දැනටමත් නිවේදනය කොට තිබේ.
ගෝඨාභය රාජපක්ෂගේ ආධාරකරුවෝ අම්පාර, හිඟුරාන හන්දියේ දී සතුට සමරමින් සිටියේ මෙසේය.
මෙහි අන්තර්ගතය නැත
වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.End of Facebook post, 2
දෙස්, විදෙස් ප්‍රතිචාර
අවසාන ප්‍රතිඵලය තවමත් නිවේදනය කොට නැතත්, සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා පරාජය භාරගැනීමෙන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂට සුභ පතමින් දෙස්, විදෙස් ප්‍රතිචාර පළවෙමින් තිබේ.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ගෝඨාභය රාජපක්ෂට සහ ශ්‍රී ලංකාවේ ඡන්දදායකයන්ට සුභ පතා තිබුණි.
සිය පරාජය පිළිගනිමින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.
මෙහි අන්තර්ගතය නැත
වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.End of Facebook post, 3
ජනාධිපතිවරණය ජයගත් ගෝඨාභය රාජපක්ෂට තම සුභපැතුම් පිරිනමන බව පවසන ඔහු, තමන්ට ඡන්දය ලබාදුන් සියළුදෙනාට එම නිවේදනය මගින් සිය ස්තුතිය පළකර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ තමන් දැරූ නියෝජ්‍ය නායක තනතුරින් ද වහාම ඉල්ලා අස්වන බව සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා පවසයි.
ජනාධිපතිවරණයේ අවසාන ප්‍රතිඵලය ඉතා ඉක්මනින්ම ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.
මේ අතර, අගමැති රනිල් වික්‍රමසිංහ අද සවස සිය කැබිනට් මණ්ඩලය මුණගැසීමට නියමිත බව ඇතැම් වාර්තාවල දැක්වේ.
------------------------------------------------------------------------------------






























