ජනාධිපතිවරණය : "උඩ හතර අන්තිමයි, යට හතර ටිකක් හොඳයි" - මැ.කො. සභාපති

presidential election

2019 ජනාධිපතිවරණය තරම් මාධ්‍ය ආයතන "නරක විදිහට හැසිරුණු" මැතිවරණයක් ඉතිහාසයේ දැක නැති බව ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති මහින්ද දේශප්‍රිය ඒ බව කියා සිටියේ බදාදා (නොවැ 13) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ජනාධිපතිවරණ ප්‍රචාරණය අතරතුර මැතිවරණ කොමිෂන් සභාව විසින් හඳුන්වා දෙන ලද මාධ්‍ය උපමාන කඩ කරන බවට විශේෂයෙන් විද්‍යුත් මාධ්‍ය වෙත විශාල වශයෙන් චෝදනා එල්ල විය.

ආණ්ඩුව යටතේ පවතින රූපවාහිනීය සහ ස්වාධීන රූපවාහිනීය (ITN) සහ පෞද්ගලික මාධ්‍ය ආයතන ද ඒ අතර විය.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 1

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නිදහස් සහ සාමකාමී මැතිවරණයක් පැවැත්වීමේ වගකීම ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බැවින් යම් අපේක්ෂකයෙකු හෝ පක්ෂයකට "විශේෂ, කැපී පෙනෙන සැලකිල්ලක් නොදැක්විය යුතු" බව සඳහන් කර මාධ්‍ය ආයතන බලපත්‍රවලට කොන්දේසියක් ඇතුළත් කරන මෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

මාධ්‍ය උපමාන කඩකළ රජයේ මාධ්‍ය ආයතනවල නිලධාරීන්ට එරෙහිව මැතිවරණයෙන් පසු නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා කියා සිටියේය.

එමෙන් ම නීති උපදේශකයන් සමග සාකච්ඡා කර මාධ්‍ය උපමාන බරපතළ ලෙස කඩකළ මාධ්‍ය ආයතනවල බලපත්‍ර සම්බන්ධයෙන් තීන්දු ගන්නා බව කී ඔහු එවැනි ආයතනවලට මැතිවරණ ප්‍රතිඵල ලබා නොදීමට ඉඩ ඇති බවට අනතුරු ඇඟවීය.

presidential election

ආයතන විසින් ඒ ඒ අපේක්ෂකයන් වෙනුවෙන් වෙන් කරනු ලැබ තිබූ කාලය මැතිවරණ කොමිෂන් සභාවේ දැඩි විවේචනයට ලක් විය.

එහි සභාපති මහින්ද දේශප්‍රිය ඒ සඳහා, නොවැම්බර් 12 වන දා ප්‍රධාන පුවත් විකාශය අතරතුර රූපවාහිනී ආයතන ඒ ඒ අපේක්ෂකයා සඳහා වෙන් කර තිබූ කාලය උදාහරණ වශයෙන් දැක්වීය.

ප්‍රස්ථාර අඩංගු වාර්තාව පිළිබඳව අදහස් දක්වමින් "උඩ හතර අන්තිමයි" කී මැතිවරණය කොමිෂන් සභාවේ සභාපතිවරයා "යට හතර 100% නැති වුණත් යම් ආකාරයකට හොඳයි" යනුවෙන් සඳහන් කළේය.

මැතිවරණ කොමිෂන් සභාවට බලයක් නැතිද?

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 2

පෞද්ගලික මාධ්‍ය නියාමනය සම්බන්ධයෙන් "මැතිවරණ කාල සීමාවක් තුළ සියලු ම මාධ්‍ය නියාමනය කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට ව්‍යවස්ථානුකූලව බලය පවතින," බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි.

"ඡන්ද විමසීමක් හෝ ජනමත විචාරණයක් පැවැත්වීම විෂයෙහි ලා නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීම සඳහා අවශ්‍ය යයි කොමිෂන් සභාව විසින් සලකනු ලබන උපමාන අවස්ථාවෝචිත පරිදි කොමිෂන් සභාව විසින් උචිත යයි සලකනු ලබන යම් ගුවන් විදුලි හෝ රූපවාහිනී සේවයක් පවත්වාගෙන යන්නෙකු හෝ යම් ප්‍රවෘත්ති පත්‍රයක අයිතිකරුවෙකු හෝ ප්‍රකාශකයෙකු වෙත කලින් කල නිකුත් කිරීමේ බලය කොමිෂන් සභාවට තිබිය යුත්තේය' (උපුටා ගැනීම: ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව) යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 ආ 5 (අ) වගන්තිය යටතේ ජාතික මැතිවරණ කොමිෂන් සභාවට සියලු මාධ්‍ය නියාමනය කිරීමේ බලතල පැවරී ඇතැයි" වෙරිටේ රිසර්ච් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී තිබේ.

එම ආයතනයේ වාර්තාව අනුව ජාතික මැතිවරණ කොමිෂන් සභාව මාධ්‍ය නියාමනය සම්බන්ධයෙන් ප්‍රවේශ වී ඇති ආකාරය පිළිබඳව පහත චෝදනා එල්ල කර තිබේ.

  • පෞද්ගලික මාධ්‍ය නියාමනය කිරීම සඳහා දැනටමත් හිමි වී ඇති ව්‍යවස්ථාමය බලතල ප්‍රමාණවත් ලෙස භාවිත නොකිරීම.
  • මාධ්‍ය උපමාන උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් ක්‍රියාකාරී ලෙස පියවර ගැනීමෙහි ලා පවතින දුර්වලත්වය.

මේ අනුව, "පෞද්ගලික මාධ්‍යයන් සඳහා මෙම උපමාන ක්‍රියාත්මක කිරීමේදී කොමිෂන් සභාව ගතානුගතික විලාසයෙන් ම ක්‍රියාත්මක වෙමින් පවතින," බව වෙරිටේ රිසර්ච් ආයතනය නිගමනය කරයි.

මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් තිස් පස් දෙනෙක් ඉදිරිපත් වී සිටිති.

නමුත් රාජ්‍ය සහ පෞද්ගලික රූපවාහිනී නාලිකාවල ප්‍රධාන පුවත් විකාශය තුළ ඉඩ වෙන් වී ඇත්තේ අපේක්ෂකයන් තිදෙනෙකුට හෝ සිව් දෙනෙකුට පමණි.

වෙරිටේ රිසර්ච් ආයතනයේ මාධ්‍ය පර්යේෂණ ප්‍රධානී දීපාංජලි අබේවර්ධන බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේ රාජ්‍ය මාධ්‍ය පක්ෂග්‍රාහී ලෙස පුවත් වාර්තා කිරීම සහ ඇතැම් පෞද්ගලික මාධ්‍ය යම් අපේක්ෂකයන්ට වාසි වන සේ සිය ගුවන් කාලයෙන් වැඩි ඉඩක් වෙන් කිරීම හේතුවෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින සෙසු අපේක්ෂකයන්ට අවස්ථාවක් අහිමි වීම කෙරෙහි ද අවධානය යොමු විය යුතු බවය.

Skip Facebook post, 2

මෙහි අන්තර්ගතය නැත

වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.

End of Facebook post, 2

මේ අතර, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය දීපිකා උඩුගම මීට ඉහතදී කියා සිටියේ මාධ්‍ය උපමාන අනුව "දඬුවම් කිරීමට හැකියාවක් පවතින්නේ රාජ්‍ය මාධ්‍යවලට පමණක් බව නීතිමය වශයෙන් සඳහන් වන අතර පෞද්ගලික මාධ්‍ය ආයතන සඳහා දඬුවම් පැනවීමට බලයක් නොමැති වීම ගැටලුසහගත තත්ත්වයක්," බවය.