ශ්‍රී ලංකා ජනාධිපතිවරණය: "මුස්ලිම් ජනතාවට කවදාවත් මේ තරම් අවිනිශ්චිත හැඟීමක් දැනිල නෑ"

මුස්ලිම් ජනතාව

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, සරෝජ් පතිරණ
    • Role, BBC සිංහල - කොළඹ

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 10% ක් පමණ වන මුස්ලිම් ජනතාවගේ මනාපය ලබා ගැනීම පිණිස ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා උත්සහයක නිරතව සිටිති.

මුස්ලිම් ජනතාවගේ ඡන්දය ලබා ගැනීම පිණිස එක් අපේක්ෂකයෙකුගේ ප්‍රබල ආධාරකරුවෙක් ඔවුන්ට තර්ජනය කළ බවට ද චෝදනාවක් එල්ල වී තිබේ.

එසේ තර්ජනය කළ බව පැවසෙන මුස්ලිම් ජාතික නීතිවේදියා එය ප්‍රතික්ෂේප කරන නමුත් තමන් එම වීඩියෝ පටය දුටු බව මැතිවරණ කොමිසමේ කොමසාරිස් රත්නජීවන් හූල් ද පවසයි.

මුස්ලිම් ජනතාව ආකර්ෂණය කර ගැනීම පිණිස අනෙක් ප්‍රතිවාදී අපේක්ෂකයා ද ප්‍රබල උත්සහයක නිරතව සිටිනු පෙනේ.

ඒ, මහ මැතිවරණයකදීටත් වඩා විශේෂයෙන් ම ජනපතිවරණයකදී දෙමළ සහ මුස්ලිම් ඇතුළු සුළු ජාතීන්ගේ ඡන්දය තීරණාත්මක වන බැවිනි. ඇතැම් දේශපාලන විශ්ලේෂකයන් පවසන පරිදි විධායක ජනාධිපති ක්‍රමය යටතේ "රජුන් තනන්නේ" ඔවුන් වන බැවිනි.

විශේෂයෙන් ම පාස්කු ඉරිදා ප්‍රහාරවලින් අනතුරුව ශ්‍රී ලංකාවේ බහුතර මුස්ලිම් ජනතාව දෙපාර්ශවයකට මැදි වී සිටින බව තරුණ නීතිවේදියෙකු සහ මාධ්‍යවේදියෙකු වන හෆීල් ෆාරිස් (Hafeel Farisz) ගේ අදහසය.

සාමාන්‍ය මුස්ලිම් ජනතාව අන්තවාදී මුස්ලිම් කණ්ඩායම්වල සහ සිංහල ජාතිකවාදීන්ගේ පීඩනයට ලක් වී සිටින බව බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් කියා සිටි ඔහු, "ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවට කවදාවත් මේ තරම් අවිනිශ්චිත හැඟීමක් දැනිල නෑ," යනුවෙන් ද සඳහන් කළේය.

මුස්ලිම් ජනතාව ඉල්ලන්නේ කුමක් ද?

නීතිඥ හෆීල් ෆාරිස් පවසන පරිදි,

  • සාමය සහ ආරක්ෂාව මෙවර මැතිවරණයේදී මුස්ලිම් ජනතාවගේ ප්‍රධානම අපේක්ෂාව වී තිබෙන අතර,
  • තවදුරටත් අනෙක් ජන කොටස්වලින් වෙන් වී (segregate) තනිව වාසය කළ නොහැකි බවත් දැනට වඩා රටේ අනෙක් ජන කොටස් සමග මුසු වී වාසය කළ යුතු (inclusivity) බවත් ඔවුහු වටහාගෙන සිටිති.

ඇමෙරිකා එක්සත් ජනපදයේ වාසය කරන ශ්‍රී ලාංකික මුස්ලිම් ක්‍රියාකාරිනියක වන සොරායා ඩීන් පවසන්නේ, යළිත් වරක් දේශපාලකයන්ගේ හෝ ආගමික අනුග්‍රහයක් සහිතව මුස්ලිම් ජනතාවට එරෙහිව ප්‍රහාර එල්ල නොවනු ඇතැයි යන්න තමන්ගේ ප්‍රධානම අපේක්ෂාව බවය.

වීඩියෝ ශීර්ෂ වැකිය, අතුරුදහන් වූවන් ගැන ගෝඨාභයගෙන් ඇසූ ප්‍රශ්නයට මහේෂ්ගෙන් පිළිතුරු

පාස්කු ප්‍රහාරවලින් සති කිහිපයකට පසුව ශ්‍රී ලංකාවේ පැතිර ගිය මුස්ලිම් විරෝධී ප්‍රහාර පිටුපස දේශපාලන හස්තයක් පැවති බව එවකට හමුදාපති පදවිය හෙබවූ ජනරාල් මහේෂ් සේනානායක බීබීසී සිංහල සේවය සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ කාන්තාවට හිමි තත්ත්වය සම්බන්ධයෙන් ස්වාධීන කාන්තා කොමිසමක් පත්කොට විශේෂයෙන් ම මුස්ලිම් කාන්තාවට ද කාසි (කාදි) අධිකරණවල විනිසුරු පදවි දැරීමට අවස්ථාව සැලසෙන පරිදි මුස්ලිම් කාන්තාවගේ අයිතිවාසිකම් තහවුරු කළ යුතු බව ද නීතිවේදිනී සොරායා ඩීන් අවධාරණය කරන්නීය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ ශ්‍රී ලංකාවේ සිට කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගන ඇය වැඩිදුරටත් පවසන්නේ, පාස්කු ප්‍රහාරවලින් අනතුරුව විශේෂයෙන් ම "කඩා වැටුණු සමාජයක්" වන මුස්ලිම් ජනතාවගේ අභිමානය සහ ආත්ම ගෞරවය නගා සිටුවීම පිණිස ශ්‍රී ලංකාවේ අනාගත රාජ්‍ය නායකයා කටයුතු කළ යුතු බවය.

මුස්ලිම් ජන සමාජය සිය කාන්තාවට සලකන ආකාරය වෙනස් විය යුතු බවට, විශේෂයෙන් ම බාල වියේ දැරියන් විවාහ කර දීමට අවස්ථාව සැලසෙන මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය සංශෝධනය විය යුතු බවට මුස්ලිම් ක්‍රියාකාරිනියෝ කලක් මුළුල්ලේ හඬ නගමින් සිටිති.

වීඩියෝ ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකාවේ මුස්ලිම් ළමා විවාහයක වේදනාව

මුස්ලිම් විවාහ නීතිය හේතුවෙන් පීඩාවට පත් වූ දැරියකගේ අනුවේදනීය පුවතක් සහිත විශේෂ ගවේෂණාත්මක වාර්තාවක් බීබීසී සිංහල සේවය ද මීට ඉහතදී ප්‍රකාශයට පත් කළේය.

"හෑෂ්ටෑග් පරපුර" තරුණ සංවිධානයේ මෙහෙයවීමෙන් පසුගිය සතියේ කොළඹදී මාධ්‍ය හමුවක් ඇමතූ මුස්ලිම් ක්‍රියාකාරිනියෝ මුස්ලිම් නීතිය සංශෝධනය කරන බවට ප්‍රතිඥා දෙන මෙන් ජනපතිවරණයේ සියලු අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටියහ.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 1

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 2

Skip X post, 3
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 3

නීතිවේදිනී සොරායා ඩීන් ද සඳහන් කළ පරිදි, මාධ්‍ය හමුවට එක්ව සිටි නීතිවේදිනී එර්මීසා ටීගල් ඇතුළු ක්‍රියාකාරිනියන් පැවසුවේ, මුස්ලිම් කාන්තාවන්ගේ විවාහ වීමේ අවම වයස අවුරුදු 18 දක්වා ඉහළ දමා මුස්ලිම් කාන්තාවන්ට ද විවාහ වීම හා දික්කසාද වීම සම්බන්ධයෙන් පුරුෂයන්ට හා සමාන අයිතිවාසිකම් ලබා දිය යුතු බවය.

මුස්ලිම් ජනතාව ඉල්ලන්නේ කුමක් ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඉදිරි පාර්ලිමේන්තුවේ ධුර කාලය ඇතුළත එම සංශෝධන ක්‍රියාත්මක කරන බවට මීළඟ ජනාධිපතිවරයා ප්‍රතිඥා දිය යුතු බව ඔවුහු අවධාරණය කරති.

බීබීසී සිංහල සේවය කළ විමසීමකදී අදහස් දැක්වූ මාදම්පේ වාසය කරන මුස්ලිම් වැසියන් පිරිසක් ද කියා සිටියේ පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරය සහ සිය ආරක්ෂාව 2019 ජනාධිපතිවරණයේ "තීරණාත්මක සාධකය" බවය.

අබ්දුල් මජීඩ් මොහමඩ් අන්වර් කියා සිටියේ, "මට 1960 න් පස්සේ වගේ මැතිවරණ මතකයි. එදා ඉඳල මැතිවරණවලට ඒ ඒ දවස්වල පවතින සිදුවීම් බලපෑවා. යුද්දේ දිනලා ටික කලක් යනකම් ආයෙත් යුද්දේ."

"මේ පාර පාස්කු ප්‍රහාරය. දැන් තීරණාත්මක සාධකය මේක. සිංහල, දෙමළ, මුස්ලිම් මේ සියලු දෙනා මේ ගැන හිතනවා. අපිට විශේෂයෙන් මේ ගැන හිතන්න ඕනෑ. මොකද මේ ජනාධිපතිවරණයෙන් පස්සේ රට අරාජික වුණොත් එකෙන් වැඩියෙන් බැට කන්න වෙන්නේ මුස්ලිම් අපිට තමයි."

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, "පාස්කු ප්‍රහාරයට අපේ අය වැරදියි. ආණ්ඩුව දැනගෙන හිටියා මේ ප්‍රහාරය ගැන. නමුත් ඒක වළක්වන්න අවශ්‍ය පියවර ගත්තේ නැහැ. ඒ අය ලැජ්ජා විය යුතුයි. මේවට වගකියන්න ඕනෑ රජය. ගෝඨාභය මහත්තයා ගැන අපේ විශ්වාසයක් තියනවා," යනුවෙනි.

සිය ආරක්ෂාව සහ නිදහස මෙවර මැතිවරණයේදී තමන්ගේ ප්‍රධානම බලාපොරොත්තු බව මාදම්පේ ව්‍යාපාරිකයෙකු වන අබ්දුල් කලාම් පැවසීය.

ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවගේ අපේක්ෂා කවරේද?

"අපි මේ පාර ජන්දේ පාවිච්චි කරන්නේ නිදහසේ ඉන්න පුළුවන් රටක් හදන්න හැකියාවක් ඇති කෙනෙක් ඉල්ලල. අපි හොඳට මට්ටු වෙලා ඉන්නේ. ඒ වගේ ම තරුණයෙක් මේ රටට අවශ්‍යයි. එහෙම හොඳම කෙනා ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණේ. මේ පාර අපේ අය ගොඩාක් ඒ පක්ෂය ගැන කතා කරනවා. මට කියන්න පුළුවන් වැඩි කල් නොගොස් ජනතා විමුක්ති පෙරමුණ ඉස්සරහට එනවා කියලා."

මොහොමඩ් රිසාන් අදහස් දක්වමින්, "අපි විශ්වාස කළේ එක්සත් ජාතික පක්ෂය. ඒ කාලේ එක්සත් ජාතික පක්ෂයේ හොඳ ශක්ති සම්පන්න නායකයෝ හිටියා. නමුත් දැන් ඉන්නව ද කියන එක ගැටලුවක්. නමුත් අපිට හිතන්න වෙන පැත්තකුත් නැහැ," යනුවෙන් පැවසීය.

"අපි දෙයියන්ගෙන් ඉල්ලනවා මේ පාර හොඳ නායකයෙක් අපිට පත් කරලා දෙන්න කියලා. අපිට නිදහසේ පල්ලියට යන්න, ව්‍යාපාරයක් කර ගන්න, අපේ අයිතිවාසිකම් රැකගන්න."

ජාතිකත්වය පළමුව, ආගම දෙවනුව

බීබීසී සිංහල සේවය සමඟ වැඩිදුරටත් අදහස් දැක්වූ තරුණ නීතිවේදී හෆීල් ෆාරිස් කියා සිටියේ, "ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව අලුතෙන් සිතා බැලිය යුතු කාලය එළඹ තිබෙන," බවය.

"අම්බෙඩ්කාර් කිවුව වගේ ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව ආගම දෙවෙනි කොට සැලකිය යුතුයි. ඔවුන් ශ්‍රී ලාංකික ජාතිකත්වයට පළමු තැන දෙන්න උත්සුක විය යුතුයි."

තවදුරටත් කියවන්න: