ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
අවමඟුලට ගිය හැටපස් දෙනෙක් අවසන් ගමන් යති
නයිජීරියාවේ ඊසානදිග බෝර්නෝ ප්‍රාන්තයේ අවමඟුලකට කඩා වැදුණු බෝකෝ හරාම් යැයි සැක කෙරෙන සන්නද්ධ පිරිසක් එල්ල කළ ප්‍රහාරයකින් අවම තරමින් පුද්ගලයින් හැට පස් දෙනෙක් පමණ මිය ගියහ.
සිද්ධිය ඇසින් දුටුවන් පැවසූ පරිදි, ප්‍රාන්ත අගනුවර වූ මයිඩිගුරි ආසන්නයේ පිහිටි ගම්මානයට සෙනසුරාදා (ජූලි 27) තුවක්කුකරුවන් කඩා වැදුණේ යතුරුපැදි හා වෑන් රියවල නැගීගෙන ය.
පිරිසක් ප්‍රහාරය එල්ල වූ සැණින් මිය ගිය අතර අනෙක් පිරිස මරණයට පත් වූයේ තුවක්කුකරුවන් පලවා හැරීමට උත්සාහ දැරීමේදී ය.
මෙම ප්‍රදේශය පුරා ඉස්ලාමීයයන්ගේ ප්‍රහාර උත්සන්න වෙමින් පැවතිණි.
සති දෙකකට ඉහතදී ගම්මුන් විසින් බෝකෝ හරාම් සටන්කරුවන් එකොළොස් දෙනෙකු මරා දැමීමේ සිද්ධියට පළිගැනීමක් ලෙස මෙය සිදුවන්නට ඇතැයි තමා විශ්වාස කරන බව පළාත් පාලන නිලධාරියකු වන මුහම්මඩ් මුලමා පැවසීය.
දශකයක පමණ පුරා පවතින අර්බුදය තුළදී දස දහස් ගණනක සිවිල් වැසියන් පිරිසක් මිය ගිය අතර ලක්ෂ විස්සකට අධික පිරිසක් අවතැන්ව සිටිති.
"බටහිර අධ්‍යාපනය තහනම්" යන සරල පරිවර්තනය දිය හැකි බෝකෝ හරාම්, බටහිර සමග කවර හෝ දේශපාලනික හෝ සාමාජීය ක්‍රියාකාරකම්වල යෙදීම මුස්ලිම්වරුන්ට තහනම් කෙරෙන ඉස්ලාමීය අර්ථ නිරූපණයක් ප්‍රවර්ධනය කරමින් සිටී.
ආණ්ඩුව පෙරළා දමමින් ඉස්ලාමීය රාජ්‍යයක් නිර්මාණය කිරීම සඳහා එම කණ්ඩායම සටන් වැද සිටිති.
නයිජීරියාව පමණක් නොව අසල්වැසි චාඩ්, නයිජර් සහ කැමරූන් යන රාජ්‍ය තුළ ද එම කණ්ඩායම ක්‍රියාත්මකය.
පාසල් ළමුන් පැහැරගෙන යාම සම්බන්ධයෙන් කුප්‍රකටව නම් දරා සිටින මෙම කණ්ඩායම වඩාත් ක්‍රියාශීලීව සිටින බෝර්නෝ ප්‍රාන්තයේ ඇති චිබොක් නගරයේදී පාසල් සිසුවියන් තුන්සියයක පමණ පිරිසක් පැහැරගෙන යාමත් සමග ලෝකයේ අවධානයට ලක් විණි.
2015 වසරේදී ආර්ථික හා සාමයික ආයතනය විසින් කරන ලද ශ්‍රේණිගත කිරීමට අනුව මෙම කණ්ඩායම ලෝකයේ භයානකම ත්‍රස්ත කණ්ඩායම ලෙස නම් කෙරිණි.
තවදුරටත් කියවන්න.