ශ්‍රී ලංකාවේ ලිංගික හිංසනය: "අම්ම වගේ කියලවත් බලන්නේ නැතුව ඇඟ අත ගානවා"

ශ්‍රී ලංකාවේ ලිංගික හිංසනය

ශ්‍රී ලාංකික කාන්තාවන් පොදු ස්ථානවලදී මුහුණ දෙන ලිංගික හිංසන නිතරම මෙන් සාකච්ඡාවට භාජනය වෙයි.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ කාන්තාවන් 90% ක්ම පොදු ප්‍රවාහන සේවාවන්හි දී විවිධ අතවරවලට ගොදුරු වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සිදු කළ ලිංගික හිංසනය පිළිබඳ සමීක්ෂණයකින්ද හෙළි වී තිබේ.

කාන්තාවන් සහ තරුණියන් මුහුණ දෙන එවැනි අතවර ගැන බීබීසී සිංහල සේවය විසින් ද අවස්ථා කිහිපයකදීම වාර්තා කරනු ලැබ ඇත.

දෛනික ජීවිතයේ දී කාන්තාව මුහුණ දෙන ලිංගික අතවර දරුණු අතට හැරෙත්ම, මල්කි ඕපාත ඊට එරෙහිව 'යූටියුබ්' ඔස්සේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කර තිබේ.

මේ අතර වැඩ පොලේදී, මහ මඟදී සහ පොදු ස්ථානවලදී ලාංකීය කාන්තාවන් ලිංගික අතවරවලට මුහුණ දෙන බව ප්‍රසිද්ධියේ හෙළිදරව් කිරීම හේතුවෙන් මාධ්‍යවේදිනියකට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දැඩි විවේචනවලට මුහුණ දීමට සිදුවිය.

මරියන් ඩේවිඩ්

ඡායාරූප මූලාශ්‍රය, Twitter/Marianne David

"නැහැ - කාර් නොමැති කොළඹ නගරයකට මගේ සහයෝගය ලැබෙන්නේ නැහැ. අවලන් මෝඩයෙකුගේ අසික්කිත කතාවක් කනට වැටෙන්නේ නැතුව අපට මීටර් සීයක්වත් පයින් යන්න නැහැ. ඔවුන් අපි දැක්කම එක එක ආකාරයේ ශබ්ද නගනවා. නැහැ! නැහැ! කාර් නැති කොළඹ නගරයක් අපට එපා. ස්තුතියි!" යනුවෙන් Financial Times පුවත්පතේ සහකාර සංස්කාරිකා මේරි ඈන් ඩේවිඩ් 'ට්විටර්' පණිවුඩයක් මගින් පවසා තිබුණි.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 1

ඇය එම අදහස පළ කළේ කොළඹ නගරයේ මාර්ග කීපයක "මෝටර් රථවලින් තොර දිනයක්" ක්‍රියාත්මක කිරීමට කොළඹ සිටින නෙදර්ලන්ත තානාපතිවරිය සහ කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක එක්ව දියත් කළ වැඩසටහනක් ගැන අදහස් දක්වමිනි.

නෙදර්ලන්ත තානාපතිනිය සහ කොළඹ පුරපතිනිය

ඡායාරූප මූලාශ්‍රය, Twitter/ Joern Rohde

එම අදහසට ප්‍රතිචාරය දක්වමින් නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාරයකු වන මොහාන් විජේවික්‍රම පවසා තිබුණේ, මේරි ඈන් ඩේවිඩ් ශ්‍රී ලංකාවෙන් වහාම පිටවිය යුතු බවය.

"ඔබ මේ රටට අයිති නෑ. ඔබේ සැඟවුණු න්‍යාය පත්‍රය කුමක්ද" යනුවෙන් ද එම 'ට්විටර්' පණිවුඩයේ දැක්විණ.

ඔහු හිටපු ආරක්ෂක ලේකම්වරයෙකු වන එසේම අනාගත ජනාධිපති ධූර අපේක්ෂකයකු ද වීමට ඉඩකඩ ඇති ගෝඨාභය රාජපක්ෂගේ 'වියත්මග' ව්‍යාපාරයට සහයෝගය දක්වන ප්‍රධාන පෙළේ අනුගාමිකයෙකි. ඉන් අනතුරුව 'වියත්මග' ව්‍යාපාරයත් ඔහුගේ මතය අනුමත කරමින් 'ට්විටර්' පණිවුඩයක් නිකුත්කර තිබිණ.

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 2

එවැනි "මුග්ධ, වැරදි ප්‍රකාශ" මගින් ශ්‍රී ලංකාව "ලෝකය ඉදිරියේ අපහාසයට ලක් කරන" බවට වියත්මග ව්‍යාපාරය එමගින් මාධ්‍යවේදිනියට චෝදනා කර තිබුණි.

ඒ සමඟම මාධ්‍යවේදිනියට සහය පළකරමින් සහ එය විවේචනය කරමින් 'ට්විටර්' ජාලය ඔස්සේ බොහෝ අදහස් හුවමාරු වන්නට විය.

මහමඟ දී කාන්තාවන් මුහුණ දෙන හිරිහැර සහ පරිසරය රැකගැනීමේ අරමුණින් කෙරෙන "මෝටර් රථවලින් තොර දිනය" එකිනෙකට පරස්පර කරුණු දෙකක් බව ජාත්‍යන්තර සම්මානලාභී සාගර විද්‍යාඥවරියක වන ආචාර්ය ආශා ඩි වොස් සඳහන් කර තිබුණු අතර, තරුණ ක්‍රියාධාරිනියක වන කාවින්ද්‍යා තෙන්නකෝන් 'වියත්මග' සංවිධානය මාධ්‍යවේදිනී මේරි ඈන් ඩේවිඩ් සම්බන්ධයෙන් පළ කළ ප්‍රතිචාරය දැඩි දෝෂ දර්ශනයට ලක් කර තිබුණි.

Skip X post, 3
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 3

Skip X post, 4

End of X post, 4

ඉහත විවාදය පිළිබඳව අදහස් දක්වමින් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියේ, මෙය සමාජ ජාල උපයෝගී කරගෙන ගෙනයන අතවර කිරීමේ (Bullyingand Harassment) ක්‍රියාදාමයක් වන බවය.

"ඇයගේ ජාතිය, භාෂාව, ආගම මෙතැනදී අදාළ නෑ .ඇය ශ්‍රී ලාංකික කාන්තාවක්," හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය සඳහන් කළාය.

"ලංකාවේ කාන්තාවකට බස් එකක යන්න විදියක් නෑ, තමුන්ගේ අම්මගේ වයසේ ද කියලවත් බලන්නේ නැතුව ඇඟට අත තියනව, එහෙන් මෙහෙන් අත ගානවා. ඒ වගේ මානසිකත්වයක් තියන රටක, කාන්තාව ඒතරම් ලිංගික හිංසනයට ලක්වෙන රටක, ඇය අදහස් කරන්නේ මේ මිනිස්සුන්ගේ ආකල්පමය වෙනසක් කරන්නේ නැතුව බයිසිකලේක ගියොත් එහෙම හොඳට හිටීවි කියන එක. මට හිතාගන්න බෑ මේ විරෝධතාකාරයන්ට මෙතරම් පුංචි මොලයක් තියෙන්නේ කොහොමද කියල?."

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය කාන්තාවන්ට පමණක් වෙන් වූ දුම්රියේ මැදිරියේ ගමන් කරමින්
ඡායාරූප ශීර්ෂ වැකිය, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය කාන්තාවන්ට පමණක් වෙන් වූ දුම්රියේ මැදිරියේ ගමන් කරමින්

මෙම විවාදය සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය සමඟ අදහස් දක්වමින් ස්කොට්ලන්තයේ 'ඩන්ඩී' විශ්වවිද්‍යාලයේ අචාර්ය උපාධිය හදාරමින් සිටින කෞශල්‍යා හේරත් පවසන්නේ මාධ්‍යවේදිනී මේරි ඈන් ඩේවිඩ්ට එරෙහිව ඇතැම් පුරුෂයන් කර තිබෙන ප්‍රකාශ "නින්දා සහගත" බවය.

"ඒ වගේ පුද්ගලයන් සහ පාරේදි ගෑනුන්ට හිංසාකරන අය අතර මටනම් ලොකු වෙනසක් පේන්නේ නෑ," ඇය කියා සිටියාය.

"කොළඹ පාරවල් වල සහ පොදු ප්‍රවාහනයේදී කාන්තාවන්ට සිදුවන අතවර පිළිබඳව මීට පෙර හඬ නගපු කෙනෙක් විදියට එතුමිය ප්‍රකාශ කරන තත්ත්වය මම පැහැදිලිවම දන්නවා. කොළඹ නගරයේ විතරක් නෙමෙයි, ලංකාවේ බොහෝ ප්‍රදේශ වල පාරෙදි කාන්තාවන්ට විවිධ හිරිහැරවලට මුහුණ දෙන්න සිදුවෙනවා. ඒ නිසා නගරය සියලු දෙනාට ආරක්ෂිත ස්ථානයක් කරන්න අපි හැමෝම එකතුවෙලා පියවර ගත යුතුයි."

එහෙම වුනත්, මෝටර් රථවලින් තොර දිනයක් ක්‍රියාත්මක කොට කොළඹ නගරයට පරිසරහිතකාමී ප්‍රවාහන ක්‍රමයක් හඳුන්වා දීමට ගැනෙන උත්සාහයේ දී මේරි ඈන් ඩේවිඩ් මතුකරන විරෝධයේ දී ඇවිදීමට සහ බයිසිකල් පැදීමට සුදුසු, සැමට එක සේ ජීවත් විය හැකි නගරයක් ගැන සිහින දකින පරිසරහිතකාමියෙක් වශයෙන් තමාට ඇය සමඟ එකඟවිය නොහැකි බවත් කෞශල්‍යා හේරත් සඳහන් කළාය.

කෞශල්‍යා හේරත්

ඡායාරූප මූලාශ්‍රය, KAUSHALYA HERATH

ඡායාරූප ශීර්ෂ වැකිය, "ලංකාවේ බොහෝ ප්‍රදේශ වල පාරෙදි කාන්තාවන්ට විවිධ හිරිහැරවලට මුහුණ දෙන්න සිදුවෙනවා" - කෞශල්‍යා හේරත්

"ඇය මේ කතාකරන්නෙ වාහනයක් අයිති නැති, හැම ගමනම කුලීරථයකින් යන්න බැරි, මම වගේ පොදු කාන්තාවන්ට නිතර මුහුණ දෙන්න සිදු වෙන ගැටලුවක්. එතකොට ඇය හිතන්නෙ - ඇය සහ ඇයගේ පන්තියේ කාන්තාවන් විතරක් පරිස්සම් වෙන්න ඕන කියලද? අපි අපේ නගරය සියලුම කාන්තාවන්ට ආරක්ෂිත තැනක් කරගන්නවා වෙනුවට, ඇය තමන්ගේ ආරක්ෂාව සලසා ගනිමින් එසේම පරිසරය දූෂණයට දායක වෙමින්, නගරයේ සාමාන්‍ය කාන්තාවන් ඒ පරිසර දූෂණය සහ ලිංගික අතවර සියල්ල මැද්දෙන් ගමන් කරන්න ඕනෙ කියලද ඇය කියන්නේ? මේරි ෆෙලෝස් සහ ෂෙරීන් රසාක් කියනවා කාන්තාවක් සමාජයේ සියලුම මාදිලියේ පීඩනයන්ට විරුද්ධ නොවෙන තාක් ඇය තමනුත් නොදැනුවත්වම තවත් කාන්තාවන් පිරිසකට පීඩකයෙක් වෙනවා කියලා" කෞශල්‍යා හේරත් වැඩි දුරටත් සඳහන් කළාය.

"කාන්තාවන් තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් තමන්ගෙ වාහනයක හරි කුලීරථයක හරි යන්න ඕන කියල කියනවනම් ඒ කතාවයි - කාන්තාවක් තමන්ගෙ ආරක්ෂාව වෙනුවෙන් එලියට නොයා ගෙදරම ඉන්න ඕනෙ කියන එකයි අතර ලොකු වෙනසක් නෑ."

එහෙත් පසුගිය ඉරිදා කොළඹ "මෝටර් රථවලින් තොර දිනයක්" ක්‍රියාත්මක වීමට දිනකට පෙර යළිත් අදහස් දක්වමින් මේරි ඈන් ඩේවිඩ් අවධාරණය කරන්නේ තමන් එම දිනයට කිසිදු විරෝධයක් පළ නොකළ බවය. "මෝටර් රථවලින් තොර දිනයට" සිය සම්පූර්ණ සහයෝගය හිමිවන බවත් ඇය සඳහන් කර තිබුණි.

Skip X post, 5
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 5

"කොළඹ දිවා රෑ ඇවිදලා තියෙන ඒවගේම බස්වල සහ කෝච්චි වල ගමන් කරල තියෙන, මොරටුවේ බයිසිකල් පැදපු කෙනෙක් විදියට මම කියන්නෙ - මම පීඩිතයගෙ තොප්පිය දාගෙන ඉන්නකන් මට පීඩාවෙන් ගැලවෙන්න බෑ. මම පළවෙනි පියවර තියන්න ඕන. මම පාරට බැහැලා යනවනම්, තවත් කාන්තාවකගෙ ආරක්ෂාව වෙනුවෙන් මිත්‍රශීලීව පෙනීසිටිනව නම් අනිත් අයටත් බය නැතුව නගරය තුළ සැරිසරන්න පුළුවන් වෙනවා. සැබෑ කාන්තා නිදහස කාටවත් බලෙන් දෙන්න බෑ, ඒක තමන් විසින්මයි ක්‍රියාත්මක කරන්න ඕන" බීබීසී සිංහල සේවය සමඟ වැඩිදුරටත් කරුණු දැක්වූ කෞශල්‍යා හේරත් කියා සිටියාය.

"සියලුදෙනාට ආරක්ෂිත නගරයක් සහ පරිසරහිතකාමී නගරයක් කියන්නෙ ඉතාමත් වැදගත් කාරණා දෙකක්," යනුවෙන් ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය පවසන ආකාරයට, මාධ්‍යවේදිනී මරියන් ඩේවිඩ් මුහුණ දුන් අත්දැකීම ලාංකීය සමාජයේ කාන්තාව මුහුණ පා සිටින ඉරණම පිළිබඳ කදිම උදාහරණයකි.

"පාරේ යන්න නෙමෙයි, ඇයට ඇයගේ මතයවත් හරියට කියාගන්න විදියක් නෑ. මේ මිනිස්සු ඉඳගෙන මෙහෙම 'කමෙන්ට්' කරලා අපහසුතාවට පත්කිරීමෙන්ම පේනවා - කාන්තාව මුහුණදෙන තත්වය. මම දැඩි ලෙස ඒ ප්‍රකාශ හෙළා දකිනවා."

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ලෝකයට වැරදි චිත්‍රයක් මවා පෙන්වන්නේ මාධ්‍යවේදිනිය නොව, මහමඟ දී සහ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ කාන්තාව අතවරයට ලක් කරන පුරුෂයන් බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය වැඩිදුරටත් කියා සිටියාය.

Skip Facebook post

මෙහි අන්තර්ගතය නැත

වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.

End of Facebook post

තවත් කියවන්න: