ශ්‍රී ලංකාවේ ලිංගික හිංසනයට එරෙහිව සමාජ ජාල ඔස්සේ පෙළ ගැසීමේ නැඹුරුවක්

ෆේස්බුක්

මහමග සහ පොදු ප්‍රවාහන සේවා තුළ කාන්තාවන්ට මුහුණ දීමට සිදුවන ලිංගික හිංසනය සම්බන්ධයෙන් පෙර නොවූ විරූ ආකාරයේ සංවාදයක් මේ වනවිට සමාජය තුළින්ම ආරම්භ වී තිබේ.

විශේෂයෙන් එවැනි හිංසන සිදු කරනු ලබන පුරුෂයන්ගේ රුව සහිත ඡායාරූප සහ කාන්තාවන්ට මුහුණ පෑමට සිදුවන අත්දැකීම් මේ දිනවල සමාජ ජාල ඔස්සේ විශාල වශයෙන් හුවමාරු වෙමින් පවතී.

දුම්රිය මැදිරියක හෝ බස් රථයක ගමන් ගන්නා පුරුෂයෙකු කාන්තාවකගේ පශ්චාත් භාගය ස්පර්ශ කරන ආකාරය දැක්වෙන ඡායාරූප පෙළ ඒ සඳහා ආසන්නතම සිදුවීම ලෙස දැක්විය හැක.

ඉහත කී ඡායාරූප පෙළ සමාජ ජාල ඔස්සේ විශාල වශයෙන් හුවමාරු වන අතර ඒ සම්බන්ධයෙන් මිශ්‍ර ප්‍රතිචාර පළවෙමින් තිබේ.

කෙසේ නමුත් අදාළ ඡායාරූප පෙළේ සත්‍ය අසත්‍යතාව හෝ එය ඡායාරූප ගත කළ පුද්ගලයාගේ අනන්‍යතාව පිළිබඳ කිසිවක් සඳහන් වී නොමැත.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති කාන්තාවන්ගෙන් අතිබහුතරය එකී ක්‍රියාව හෙළා දැක ඇති අතර ඇතැමෙක් තමන්ට මුහුණ පෑමට සිදුවූ ඒ හා සමාන අත්දැකීම් ද පවසා තිබේ.

මහමග දී වචනයෙන්, අභිනයෙන් සහ ශාරීරිකව ලිංගික හිංසනවලට ගොදුරු වන කාන්තාවන් ම ඇතැම් විට සමාජය විසින් වරදකරුවන් බවට පත් කරනු ලබන්නේ ඔවුන්ගේ ඇඳුම් පැළඳුම්වල ස්වභාවය දෙසට ඇඟිල්ල දිගු කරමිනි.

ලොව ඕනෑම තැනැත්තෙකුට තමන් අඳින පළඳින ආකාරය ගැන තීරණය කිරීමේ නිදහස තිබිය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන වරක් අවධාරණය කර තිබිණි.

ෆාචෙබූක්

"කොටට ඇඳන් ගියාම ඇඟ පේන්න ඇඳන් ගියාම පිරිමි ඇවිස්සෙනව කියල කියන අයියල මල්ලිලා මේකට මොකද කියන්නේ ?? පාලනය වෙන්න ඕනි හිත මිසක් අනිත් උන්ගෙ ඇඳුම නෙවෙයි.එහෙනම් හැම පිරිමියම ඔහොම වෙන්න එපැයි.පාඩුවෙ ඉන්න මිනිස්සු කොච්චර ඉන්නවද?" ඉහත කී ඡායාරූප පෙළ සම්බන්ධයෙන් ෆේස්බුක් ඔස්සේ සටහනක් තබමින් තරුණියක් පවසා තිබිණි.

facebook

තවත් තරුණියක් සිය අදහස එක් කරමින් කියා තිබුණේ"මේවා මොකා සාධාරණීකරණය කළත් මාසික ඔසප් දින වල පවා බස් වලදි හිංසන වලට ලක් වෙලා තියන අත්දැකීම් මට තියන නිසා මම කිසිම වරදක් දකින්නෙ නෑ මෙහෙම පෝස්ට් එකක් දැම්මට," යනුවෙන්ය.

මේ අතර අදාළ ඡායාරූප සම්බන්ධයෙන් අදහස් පළ කර ඇති පුරුෂයන් අතරින් කොටසක් කාන්තාවන් හිංසනයට ලක් කළ පුරුෂයන්ට එරෙහිව තමන් නැගී සිටි ආකාරය සඳහන් කරමින් අදහස් දක්වා තිබිණි.

"මං දුන්නා දවසක් එකෙක්ගෙ රංකිරි කටින් එන්න.... මුලු ලෝකෙම එක පැත්තක් උනත් එහෙම වෙලාවට දෙපාරක් හිතන්න එපා බන් . මොකද ගොඩාක් වෙලාවට ගෑනු අය මුකුත් කර කියා ගන්න බැරිව අසරන වෙනවා ඔය වෙලාවෙදි. ඉතින් එහෙට මෙහෙට වෙලාවත් බේරෙන්න බැරි නම් අකැමැත්තෙන් හරි ඉවසන් ඉන්න වෙනවා එයාලට. අන්න එහෙම වෙලාවට හිතපල්ලා තමන්ගෙම නංගි හෝ අක්ක මේ ඉන්නෙ කියලා. ඊට පස්සෙ දන්නෙම නැතිව අර අසහන කාරයට සාධාරණයක් කෙරෙයි" යනුවෙන් එක් තරුණයෙක් අදහස් දක්වා තිබිණි.

තවත් සමහරෙක් ඡායාරූපයේ දැක්වෙන කාන්තාවට ද දොස් පවරා තිබුණි.

facebook

මෝටර් රථයක ගමන් ගන්නා කාන්තාවක පසු පස එමින් ත්‍රීරෝද රථ රියදුරෙකු ලිංගික අභිනව කරන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන පෙලෙක් පසුගියදා සමාජ ජාල ඔස්සේ විශාල වශයෙන්හුවමාරු වූ අතර පොලිසිය විසින් එම ත්‍රීරෝද රථ රියදුරා අඟහරුවාදා (මාර්තු 19) අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

Skip Facebook post, 1

මෙහි අන්තර්ගතය නැත

වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.

End of Facebook post, 1

මේ අතර සිය දියණිය සමග ත්‍රිරෝද රථයකට ගොඩ වූ මවක් ද තමන්ට මුහුණ පෑමට සිදු වූ අත්දැකීමක් ෆේස්බුක් සමාජ ජාලයේ පළ කර තිබූ අතර එම සටන දහසකට වැඩි වාර ගණනක් හුවමාරු වී තිබිණි.

Skip Facebook post, 2

මෙහි අන්තර්ගතය නැත

වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.

End of Facebook post, 2

එමෙන්ම බාල වයස්කාර දැරියක අපයෝජනයට ලක් කළ බවට චෝදනා එල්ල වූ පොදුජන පෙරමුණට සහය දක්වන පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර පාසලක ත්‍යාග ප්‍රදනොත්වයකට සහභාගි වීම සම්බන්ධයෙන් සමාජ ජාල ඔස්සේ විශාල වශයෙන් කෝපය පළ විය.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

කෙසේ නමුත් දකුණු පළාත් සභාවේ නිල කාලය ඉකුත්වීමට සති කිහිපයක් තිබියදී, අදාළ නඩුව අවසන් වන තෙක් තමන් සිය ධුරයෙන් සහ දේශපාලනයෙන් ඉවත් වන බව ඔහු සඳුදා (මාර්තු 18) පැවසීය.

හදිසි ඇමතුම්

ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගෙන් 90% පොදු ප්‍රවාහනයේදී ලිංගික අතවරවලට ලක්වන බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) පැවැත්වූ සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

එහෙත් ඒ අතරින් පොලිසියේ සහය පතන්නේ අතවරයට ලක් වන කාන්තාවන්ගෙන් 4% ආසන්න පිරිසක් පමණක් බව එම දීපව්‍යාප්ත සමීක්ෂණයේදී හෙළි විය.

වින්දිතයා මෙන්ම ඒ අසල සිටින පුද්ගලයන්ද කාන්තාවන්ට එරෙහිව සිදුවන ලිංගික අතවර සම්බන්ධයෙන් ඉදිරිපත්වීමේ අවශ්‍යතාවය ද එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කරයි.

පොදු ප්‍රවාහන සේවාවල සිදුවන ලිංගික හිංසන සම්බන්ධයෙන් පැමිණිලි කළ හැකි පොලිස් කාන්තා සහ ළමා කාර්යාංශයේ දුරකතන අංක පහත දැක්වේ.

  • 119
  • 1938
  • 112444444