මම තවමත් අගමැති - රනිල් වික්‍රමසිංහ; මහින්ද රාජපක්ෂ අගමැති ලෙස දිවුරුම් දුන්නා - ජනපති කාර්යාලය

ඡායාරූප මූලාශ්‍රය, PMD News
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ අගමැති ධුරයේ දිවුරුම් දුන් බව ජනාධිපති කාර්යාලය නිවේදනය කළේය.
මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවෙන් ඉවත්වූ බව කතානායකවරයාට දන්වා යැවූ බව එම සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර පැවසී යැයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්විණ.
අරලියගහ මැදුරේ සිට සජීවී විකාශය
මෙහි අන්තර්ගතය නැත
වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.End of Facebook post, 1
විජයාරාම මාවතේ පිහිටි හිටපු ජනපති නිල නිවසේ සිට කළ සජීවී විකාශය
මෙහි අන්තර්ගතය නැත
වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.End of Facebook post, 2
මේ අතර කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න බීබීසී සිංහල සේවය සමග කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ තවමත් රටේ අගමැතිවරයා බවය. කෙසේ වුවත් මහින්ද රාජපක්ෂ නව අගමැතිවරයා බව අවධාරණය කරන ජනාධිපති කාර්යාලය, ඒ සමගම කැබිනට් මණ්ඩලය ද විසුරුවා හැරෙන බව සඳහන් කරයි.
"කුමන්ත්‍රණයක්"
මේ අතර ට්විටර් පණිවුඩයක් නිකුත්කරන මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, මහින්ද රාජපක්ෂ නව අගමැතිවරයා ලෙස පත්කිරීම හඳුන්වා දී තිබුණේ "ප්‍රජාතන්ත්‍ර විරෝධී කුමන්ත්‍රණයක්" ලෙසිනි.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post
එය "ව්‍යවස්ථා විරෝධී" සහ "නීති විරෝධී" ක්‍රියාවක් බව ද හිටපු අමාත්‍යවරයාගේ පණිවුඩයේ දැක්වේ.
මේ අතර ෆේස්බුක් ඔස්සේ පණිවුඩයක් නිකුත් කරන එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයා, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය බරපතල "අභියෝගයකට සහ තර්ජනයකට මුහුණ දී සිටින" බව සඳහන් කර තිබුණි.
සිය ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වූ එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉවත් වූ පමණින් ආණ්ඩුව විසුරුවා හැරීමක් සිදු නොවන බව පෙන්වාදෙන නීතිඥ අජිත් පී පෙරේරා, එබැවින් අගමැතිවරයා ධුරයෙන් ඉවත් කිරීම සහ වනත් අගමැතිවරයෙක් පත්කිරීම "නීති විරෝධී" බවත් අවධාරණය කරයි.
එමෙන්ම මහින්ද රාජපක්ෂ අගමැතිවරයා නායකත්වය දෙන කණ්ඩායමට පාර්ලිමේන්තුව තුළ බහුතර බලයක් නොමැති බවත් ඔහු සඳහන් කරයි.
අගමැතිවරු දෙදෙනෙක්?

ඡායාරූප මූලාශ්‍රය, Twitter

ඡායාරූප මූලාශ්‍රය, Twitter
තමන් තවමත් ශ්‍රී ලංකාවේ අගමැතිවරයා බව රනිල් වික්‍රමසිංහ අවධාරණය කරයි.
කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් ඒ බව සඳහන් කළ එක්සත් ජාතික පක්ෂ නායකයා, 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාර අගමැතිවරයා තීරණය කළ හැක්කේ පාර්ලිමේන්තුවට පමණක් බව පෙන්වා දුන්නේය.
"මට විතරයි පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන්නේ," ඔහු පැවසීය.
මේ අතර තමන් ශ්‍රී ලංකාවේ අගමැතිවරයා බව පවසමින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සිය නිල ට්විටර් ගිණුම වෙනස් කර තිබේ.








