ආහාර හිඟයට 'සිරස් ගෙවතු වගාව': බ්‍රිතාන්‍ය රැජිනගේ නායිකාවක් වූ ශ්‍රී ලංකාවේ භාග්‍යා

ඡායාරූප මූලාශ්‍රය, Queen's Young Leaders
බොහෝවිට කුඩා ගෙවත්තක් හෝ හිමි ගම්බද ජනතාව මෙන් නොව මල් පාත්තියක් සඳහාවත් කුඩා බිම්කඩක් නොමැතිවීම ශ්‍රී ලංකාවේ ඇතැම් නාගරික මධ්‍යම පාන්තික සහ දුගී ජනතාව මුහුණ දෙන බරපතල ගැටලුවකි.
එබැවින් එළවලු, පලතුරු හෝ වෙනත් වගාවක් සඳහා බිම්කඩක් සොයාගැනීම ඔවුන්ට සදාතනික සිහිනයකි.
එහි ප්‍රතිඵලයක් ලෙසින් ග්‍රාමීය පවුල්වල ඇතැම් දරුවන් පාසල් යාම පවා මගහරින බව එවකට ගුරුවරියක ලෙසින් සේවය කළ තරුණියකට දකින්නට ලැබිණ.
ඇය එයට පිළියමක් ඉදිරිපත් කළාය.
ඒ, ඉතා කුඩා වපසරියක් තුළ සීමිත ඉඩකඩ යොදාගනිමින් තිරස් අතට පවා ක්‍රියාත්මක කළ හැකි ගෙවතු වගා ව්‍යාපෘතියකි. එම ව්‍යාපෘතිය නිර්මාණය කිරීම හේතුවෙන් ඇය මේ වසරේ 'බ්‍රිතාන්‍ය රැජිනගේ තරුණ නායිකාවක්' ලෙසින් සම්මාන ලබන්නීය.
ඇය භාග්‍යා විජේවර්ධනය.
මෙහි අන්තර්ගතය නැත
වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.End of Facebook post, 1
"මේකට අපි කියනවා ඉංග්‍රීසියෙන් vertical farming (සිරස් වගාව) කියල. ඒකට අපි බිත්ති පාවිච්චි කරලා, එහෙමත් නැත්නම් පොලව, නැත්නම් මේසයක් යොදාගන්නවා."
භාග්‍යා, 2014 සිට ලොව පුරා පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල තරුණ තරුණියන් 60 දෙනෙකුට වාර්ෂිකව පිරිනැමෙන 'බ්‍රිතාන්‍ය රැජිනගේ තරුණ නායකයා' සම්මානයෙන් මේ වසරේ පිදුම් ලබන එකම ශ්‍රී ලාංකිකයාය.
"අපි ඉවතලන බට, ඉවතලන පයිප්ප වගේ දේවල් පාවිච්චි කරලා තමයි අපි ගොඩක් මේ සිරස් පාත්ති හදන්නේ."
ගෙවතු වගාව තුළින් නාගරික මධ්‍යම පන්තික සහ දුගී ජනතාවට සහනයක් සලසන අතරම, ශ්‍රී ලංකාවේ ජනවර්ග අතර සංහිඳියාව සඳහා අත්වැලක් වීම ද ඇයගේ අපේක්ෂාවය.
ඒ කාබනික ගෙවතු වගාව හඳුන්වාදීම පිණිස ඇය ඇතුළු කණ්ඩායම විසින් දියත් කරනු ලබන වැඩසටහන් මගිනි. එම වැඩසටවහන්වලට විවිධ ජාතීන්ට අයත් පිරිස් එක්වන බැවින් එය ජාතීන් අතර සංහිඳියාවට රුකුලක් වනු ඇති බව ඇයගේ බලාපොරොත්තුවය.
ඇය සිය ව්‍යාපෘතිය නිවාසවලට පමණක් නොව පාසල්වලට ද හඳුන්වාදෙමින් සිටින්නීය.
"කෑමක් නැති නිසා සමහර දරුවෝ ඉස්කෝලේ යන්නේ නෑ කියල අපි ගමේ පාසල්වලදී දැක්ක."
මෙවැනි ව්‍යාපෘතියක් මගින් තමන්ට අවශ්‍ය ආහාර සම්පාදනය කරගැනීම පමණක් නොව අමතර ආදයමක් පවා ලබාගැනීමේ හැකියාව තිබෙන බවත් භාග්‍යා විජේවර්ධන බීබීසී සිංහල සේවයට කියා සිටියාය.
මෙහි අන්තර්ගතය නැත
වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.End of Facebook post, 2
තවත් කියවන්න:








