ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ඇප මත නිදහස්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
පසුගිය ජුනි 14 වෙනි දින මාස හයක සිර දඬුවමක් නියම කෙරුණ බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගල්ගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදාහැරීමට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
තමන්ට ලබාදුන් තීන්දුවට එරෙහිව ඥානසාර හිමියන් ඉදිරිපත් කළ අභියාචනය සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව ඔහුට ඇප ලබා දීමට අධිකරණය තීරණය කර තිබේ.
රුපියල් ලක්ෂ පහ බැගින් වු ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හරින මෙන් නියෝග කළ හෝමාගම මහෙස්ත්‍රාත් උදේශ් රණතුංග උන්වහන්සේට විදේශ ගමන් තහනමක් ද පණවනු ලැබීය.
අතුරුදහන්ව සිටින මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩට බැනවැදී තර්ජනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වරදකරු බවට ඔප්පු වීමෙන් පසු එහිමියන්ට සිර දඬුවමක් සහ දඩ මුදලක් නියම කරන ලදි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
යම් නොසන්සුන්තාවයක් ඇතිවුවහොත් තත්වය පාලනය කිරීම සඳහා, හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය අවට දැඩි පොලිස් ආරක්ෂාව යොදවා තිබූ අතර පොලිස් ජල බවුසර් මෙන්ම කැරළි මර්ධන කණ්ඩායම්ද එහි කැඳවා තිබුණි.
'මාරාන්තික උපවාසයක්'
ඥාණසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා බොදු බල සේනා සංවිධානයේ භික්ෂුන් වහන්සේ සත්‍යග්‍රහයක් ආරම්භකර තිබුණි. සිකුරාදා ඥාණසාර හිමියන්ට ඇප ලබා නොදුන්නේ නම් එම සත්‍යග්‍රහය මාරාන්තික උපවාසයක් දක්වා ගෙන යන බවට ඔවුහු පැවසූහ.
කෙසේ නමුත්, මාස හයක් වැනි කෙටි සිරදඬුවමක් ලැබූ පුද්ගලයකු අභියාචනයක් ඉදිරිපත්කළ විට එම අභියාචනය විභාග කර අවසන් වන තෙක් චුදිතයා ඇප මත මුදා හැරීම සාමාන්‍ය පිළිවෙත බව නීතිවේදීහු පෙන්වා දෙති.
තවත් තොරතුරු:








