විශ්වාසභංගය පරදියි

අගමැති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ඡන්ද 122ක් ප්‍රකාශ විය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, අගමැති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ඡන්ද 122ක් ප්‍රකාශ විය
Published

අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම විසින් ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්දයෙන් පරාජයට පත්විය.

යෝජනාවට පක්ෂව මන්ත්‍රීවරුන් 76 ඡන්දය දුන් අතර විපක්ෂ වූ මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 122ක් විය.

මන්ත්‍රීවරුන් 26 දෙනෙක් ඡන්දය විමසන අවස්ථාවේ සභාගැබ තුළ නොවූහ.

එස්. බී. දිසානායක, දයාසිරි ජයසේකර, ඩිලාන් පෙරේරා, චන්දිම වීරක්කොඩි, අනුර ප්‍රියදර්ශන යාපා, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, තිලංග සුමතිපාල, ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් පිරිසක් යෝජනාවට පක්ෂව ඡන්දය දුන්හ.

අතුරලියේ රතන හිමි, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර, ෆයිසර් මුස්තාෆා, පියසේන ගමගේ, ආරුමුගම් තොන්ඩමන්, වීරකුමාර දිසානායක, එම්. එල්. එම්. හිස්බුල්ලා, ඒ. එච් .එම් ෆවුසි, ලසන්ත අලගියවන්න ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් ඡන්ද විමසන අවස්ථාවේ සභාවේ නොසිටියහ.

ජනතා විමුක්ති පෙරමුණ යෝජනාවට පක්ෂව ඡන්දය දුන් අතර දෙමළ ජාතික සන්ධානය එයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය.

සබැඳි පුවත්;