ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ආණ්ඩුවේ ආර්බුදය සහ ඇමෙරිකානු පුරවැසිභාවය ගැන මහින්ද සහ ගෝඨාභය
එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයක් ස්ථාපිත කිරීම සඳහා විරුද්ධ පක්ෂයේ සිට සහාය දීමට තීරණය කළ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.
හිටපු ජනාධිපතිවරයා මාධ්‍යවේදීන් හමුවේ ඒ බව කියා සිටියේ නීතිඥවරුන් දිවුරුම් දීමේ උත්සවයකට සහභාගි වීම සඳහා අද (සිකුරාදා) කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයට පැමිණ සිටි අවස්ථාවේදීය.
එසේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකත්වයෙන් ආණ්ඩුවක් පිහිටුවනු ලැබුවහොත්, එහි අගමැතිවරයා කවුරුන් දැයි මාධ්‍යවේදීන් කළ විමසීමට පිළිතුරු දුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ: "ඒවා අපි දන්නෙ නැහැ. අගමැතිවරු මැති ඇමැතිවරු පත් කර ගන්න එක ඒ අයගෙ වැඩක්," යනුවෙන් පැවසීය.
"ඒවාට අපි සම්බන්ධ වෙන්නේ නෑ. අද මහජනතාව විශාල වශයෙන් පීඩාවට පත්වෙලා ඉන්නේ. අද රට පත්ව ඇති තත්වය ගැන හිතලයි අපි මේ තීරණයට එළඹුණේ".
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ එම අවස්ථාවට එක්ව සිටියේය.
ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කරගෙන ඉදිරියේ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සූදානම් වන්නේ දැයි මාධ්‍යවේදියෙක් එහිදී හිටපු ආරක්ෂක ලේකම්වරයාගෙන් විමසීමක් කළේය.
ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් කිසිදු පිළිතුරක් ලබා නොදුන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, තමන් සැමවිටම රට වෙනුවෙන් සටන් කරන බව කියා සිටියේය.
"අද රට පත් වී තිබෙන තත්ත්වය කවුරුත් දන්නවා. ඒ නිසා ඉක්මනින් මහ මැතිවරණයක් පැවැත්විය යුතුයි," ඔහු පැවසීය.
තවත් පුවත්: